25.

14 3 0
                                    

සීත සෙවනැලි

විසිපස්වන සිත්තම

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මැයි මාසේ නිකුත් වුණා.මට සමහර වෙලාවට සැක හිතුනත් මගේ වටේ ඉන්න හැමෝම විශ්වාසයෙන් හිතපු විදියටම ඩී අටක් තිබුන.
ප්‍රතිඵල නිකුත් වෙනකොට මම ගෙදර. නැන්ද පරිඝනකයෙන් බලල ගෙදරට කතා කලා. ඒ දවල් වරුවක්. ඒක නිසා තිමිරට සම්භන්ද වෙන්න බැහැ. එයා ඉස්කෝලේ.
අම්මගෙයි තාත්තාගෙයි ඉහේ මලක් පිපුන වගේ. මුළු මුනම ප්‍රීතියෙන් එලිය වැටිලා.
" ලොකු දූ කොහොම හරි මෙඩිකල් ෆැකල්ට් යන්න ඕනේ " අම්මා කිව්වෙ හරි ආඩම්බරෙන්. " එහෙම වුනොත් පව්ලේ පලවෙනි දොස්තර "
" කොච්චර පිං කර ගන්න පුළුවන් රස්සාවක්ද ඒක. ඊට පස්සේ හොඳට ජීවත් වෙන්න පුළුවන් " ඒ තාත්තා....
" නියමයි අක්කේ... කොහොම හරි ඔයා අම්මයි තාත්තායි බලාපොරොත්තු වුන දේ කලා " නංගි කිව්වෙ මාව බදා ගෙන.

හැමදාම වගේ රෑ වෙලා හැමෝම නිදිගන්න වෙලාවේ මම තිමිරට කෝල් කලා.
" නියමයි පැටියෝ... මට දේවා කිව්වා. අනිත් එකත් ඔය විදියටම කර ගමු. ලඟ හිටියනම් විශ් කරන විදිය මම දන්නවා "
" මාත් දන්නවා " මට හිනා ගියා " නැන්ද නැති වෙලාවක් හොයා ගන්න වෙයි "
" ඒකනම් ඇත්ත... ආන්ටි පුදුම පොලු තමා දාන්නේ. මාත් එක්ක ජන්මාන්තර වයිරයක් තියනවද කොහේද "
" ගිය ආත්මේ අමායාගේ අම්මාද දන්නේ නෑ "
තිමිරට හොඳටම හිනා " කියන්නත් බෑ "
" මං මේ ඔයාට කියන්න හිටියේ " තිමිර මොකක් හරි ලොකු විස්තරයක් කියන්න ලෑස්ති වෙනවා.
"මොකද්ද?"
" පෙරේද අමායා අපේ ගෙදර ආවා "
පෙරේද... මම ගෙදර ආවේ ඊට කලින් දවසේ.... එයා දවසක් පහු වෙලා...
" මොකද කිව්වෙ එයා? "
" ඔයත් එක්ක තාම යාළුද කියලා ඇහුවා. මම ඔව් කිව්වා. නවත්තන්න අදහසක් නැද්ද කියලා ඇහුවා. මම කිව්වා නෑ කියලා.එයා කියනවා එයා මාව අත අරින්නෙත් නෑලු.මම කිව්වා ඒකට මට කරන්න දෙයක් නෑ, මම ඔයාව අත අරින්නෙත් නෑ කියලා."
" මම මේ ඔයාගෙන් අහන්න හිටියේ. ඇයි ඇත්තටම ඔයා එයාට අකැමති ' මෙච්චර කල් අහන්න බැරි වුනු ප්‍රශ්නේ මම අද ඇහුවා." එයාට හැමදේම තියනවනේ "
" අනේ මන්දා, එයාට කැමති වෙනවනම් කැමති වෙන්න ඕන තරම් කල් තිබුනා. මං දන්නෑ ඇයි එහෙම නොවුනේ කියලා " තිමිර කිව්වෙ කල්පනාකාරීව.
" එතකොට මට කැමති වුනේ ඇයි "
" ආ.. අන්න එහෙම අහන්න. ඇත්තටම ඔයාට දැන ගන්න ඕනේ ඒකනේ "
" කියන්නකෝ "
" ඒකත් අනේ මන්දා තමා.. මට ඔයා දැකපු මුල් දවසෙම මාර ආස හිතුන ඔයාට.. "
" අර ලයිබ්‍රි එකේදී? "
" ඔව්... මට ඒ තරම් කාටවත්ම ආස හිතිලා නැහැ.ඔයා මුලින් හිටියේ එතන පොන්ඩ් එක දිහා බලා ගෙන. මම දේවාට කතා කරන කොට ඔයා හැරුන. මම එච්චර ලස්සනට කාවවත් දැකලා නැහැ. ඊට පස්සේ මට ඔයා කතා කරන විදියට ආස හිතුන. නට නටනේ කතා කරන්නේ "
මෙයාට ඔක්කොම මතකයි....
" ලස්සනට මාව දැක්ක නම් ඇස් චෙක් කර ගන්න වෙයි " මම ව්හිළු කලා.
" ඔයා ලස්සනයි මට.... ඔයාගේ පෙනුමට මම ආසයි.ඔයා කතා කරන විදියට මම ආසයි.. ඔයා කරන වැඩ වලට මම ආසයි.. ඔයාගේ හුරතලේට ආසයි. ඔයාට විතරයි පුළුවන් මාව මේ තරම් හිනස්සන්න... ඔයාට විතරයි පුළුවන් මාව නිවන්න.ඔයාගේ සුදූ මුණට මම ආසයි.. ඔය අහිංසක ඇස් දෙකට මම ආසයි... මහා හයියෙන් හිනා වෙන විදියට ආසයි....ඔයා කතා කරන කොට ඔයාගේ මුළු මුනම කතා කරන හැටි බලන්න ආසයි "
" අම්මෝ... ඇති.. ඇති... දැන් නවත්තන්න " මගේ හදවත පපුව ඇතුලේ කරනම් ගහනවා වගේ..
" දැන්වත් තේරෙනවද මම ඔයාට කොච්චර කැමතිද කියලා "
" තේරුණා... තේරුණා... ඒත් ගෙම්බෝ ඔයා මොකද අර කුමාරිකාවට කරන්නේ.කෙසේද ඇයට අකැමති බව මව් රැජිනට පවසන්නේ "
ඔන්න පටන් ගත්තා හිනාව....
" මේ ගෙම්බා ඒක වෙලාවට කරන්නම්. ඔයා ගෙම්බාගේ කුමාරිකාව වෙලා ඉන්නකෝ "
" හොඳමයි කුමරුනි... කාලය, ද්වීපය, දේශය, කුලය, මව පස් මහා බැලුම් බලා සුදුස්සක් කරනු මැන ".
" මේ කෙල්ලේ මාව හිනස්සල මරන්නද හදන්නේ. මට නිදිමතයි. මේ ගෙම්බා දැන් නිදා ගන්න යන්නම්. හෙට උදේ ඉඳලා රිවිෂන් පන්තියක් තියනවා"
" අනේ සොරි පැටියෝ මට අමතක වුනා " එයාට හෙට පන්ති කියලා මට ඇත්තටම අමතක වුනා.
" අමතක වුන එක හොඳයි. පැටියෝ කියලා අහ ගත්තනේ "
" හරි පැටියෝ එහෙනම් මම තියන්නම්. බායි "
" බායි "
නිදා ගන්න ගිහිල්ලත් මගේ ඔලුව ඇතුලේ දිව්වේ එයාගේ වචන ටික.

සීත සෙවනැලි (Sinhala ) Completed Donde viven las historias. Descúbrelo ahora