18.

22 4 0
                                    

දහඅටවන සිත්තම

තිමිර...

මම ඇස් දෙක පොඩි කරලා ආයෙත් බැලුව... මට වැරදිලාද..
නෑ.. ඒ තිමිර තමයි... මෙයා මේ මහා වැස්සේ මොකද කරන්නේ... මොලේ හොඳ නැද්ද...

දෙවරක් නොහිත මම පහලට දිව්වා...මුළු ගෙදරම විදුලි පහන් නිවිලා.. සාලය එලිය වෙන්නේ සැරින් සැරේ විහිදෙන විදුලියට ... ඉස්සරහ දොර ගාව තියන දිග කුඩයක් අරගෙන ඒකත් දිග ඇරලා මම වර්ෂාවට පය තිබ්බා.
බොරළු තරම් වැහි බින්දු.... හීතලම.. හීතලයි... කුඩේ දෙපැත්තෙන් වැක් කෙරිලා එන වතුර බිමට වැටෙන කොටත් ඇඟට වතුර විසි වෙනවා... දෙපා වැහෙන්න මිදුලේ වතුර... ඒ වතුර පීර ගෙන මම දිව්වා...
ගේට්ටුවෙ යතුර....!..අමතක වුණා...!
ආයෙත් හැරිලා ගිහින් ඒක අරගෙන ඇවිත් ඉබ්බා ඇරිය...ඉබ්බා සීතලම සීතලයි.. ඇඟිලිත් වෙව්ලනව..

තිමිරට පිස්සු හැදිලද.. මොනවද මේ වෙලාවේ එළියේ කරන්නේ...
ගේට්ටු පියන තල්ලු කරලා දාලා මම පාර අගට දිව්වා....
තිමිර එතන බිම වතුර ගොඩේ තාප්පෙට හේත්තු වෙලා වාඩිවෙලා... අත් දෙකේ ඔලුව ඔබාගෙන ඉන්නවා...
මම එයාගේ ලඟට දුවලා උරහිසට තට්ටු කලා..
හොඳටම තෙමිලා....
එයාවත් අහුවෙන විදියට කුඩේඇල කලා ..
" තිමිර... මොකද මේ.... ඇයි මෙහෙම ඉන්නේ...?"

තිමිර මුණ ඉස්සුවා... ටික වෙලාවක් මගේ දිහා කව්ද කියලා හිතා ගන්න බෑ වගේ බලන් හිටියා..

එක දවසක් මගේ නපුරු වචන වලට එයාගේ ඇස් දෙක ගිනි වදිනවා දැක්කා මට මතකයි..
ආයෙත් ඊටත් වැඩිය බුර බුරා දැවෙන ගින්නක් ඒ රතු වුණ ඇස් ඇතුලේ... ඇස් ඉදිමිලා..නළලේ සීරුමක්.... ටී ෂර්ට් එකේ රතු පාට පැල්ලම්... ඒ ලේද....
මුනේ තැවරිලා තියෙන්නේ කඳුළුද.... වැහි වතුරද කියලා හිතා ගන්න බෑ...
මගේ කකුල් දෙකත් පණ නැති වුණා...
මම එයා ඉස්සරහ වැහි වතුරේ දනින් වැටුනා ...

" තිමිර.... මොකද මේ.. මොකද වුනේ.... කතා කරන්නකෝ.. "
මට ඇඩෙන්න එනවා... මොකද මේ වෙලා තියෙන්නේ...
මම දිහා බලන් හිටියට ඒ ඇස් තියෙන්නේ වෙනම ලෝකෙක....ද්වේශයෙන් පිරුණු ලෝකෙක..
මම එයාගේ උරහිස් වලින් අල්ලලා හෙලෙව්වා.. " තිමිර... කතා කරන්නකෝ... ඔහොම ඉන්න එපා.. "
" හශී.... " ඒ වචනය පිටවුනේ දුබලව..
" ඔව්... මම හශී තමයි... ඔයා මොකද මෙතන... ඇයි මේ තුවාල වෙලා.. "
එක සැරේට එයාගේ ඇස් වල පියවි සිහිය මතු වුණා...
" ඔයා මොකද මෙතන... "
" මම කාමරෙන් දැක්කේ ඔයා මෙතන ඉන්නවා.. මොකද වුනේ? "

සීත සෙවනැලි (Sinhala ) Completed Место, где живут истории. Откройте их для себя