දහහතර වන සිත්තම
අවූරුද්ද ළඟ ලඟම එනවා.. තැන් තැන් වල රතු පාට පොකුරු, පොකුරු එරබදු මල්... ඒ අතරේ කොහා අවූරුදු සින්දු කියනවා...මුළු දිවයිනම අවූරුදු සිරියෙන් උතුරලා ගිහිල්ලා..
වෙනදට බක් මහ කිට්ටු වෙනකොට හිතට හරිම ආශ්වාදයක් දැනෙනවා... ඒත් මේ සැරේ හිත වෙනස් වෙලා... ගෙදර යනවා කියන සතුටු සිතුවිල්ල වහ ගෙන මහා ලොකු ඡායාවක් හිත ඇතුලේ පැතිරිලා...අලුතින්ම පතිත වුණ හිත කීරි ගස්සන ඒ ඡායාව මොන වගේ එකක්ද කියලා මට හරියටම තේරුනේ නැහැ... ඒත් ඒක ටිකෙන් ටික මගේ සාමාන්ය ජීවිතය අවශෝෂනය කර ගන්නවා කියලා මට දැනුන...එක් අඟහරුවාදාවක ඉස්කෝලේ අන්තර් පාඨශාලීය හොකී තරඟ පැවැත්වුණා. අපි අවූරුදු පතා මදාරාව දිරි ගන්වන්න ඒක බලන්න යනවා.එදා තරඟෙ ඉවර වෙනකොට පහ පහු වුණා. නුගේගොඩට එනකොට අත් ඔරලෝසුවේ වෙලාව හයහමාරයි.
හයිලෙවල් පාරෙන් බැහැල, මදාරාටයි, රුචිටයි අත වනලා, මම ස්ටැන්ලි තිලකරත්න මාවත දිගේ 176 බස් නැවතුමට ඇවිදගෙන ගියා.වටේටම මඳ අදුරක් පැතිරිලා. අහසත් කළු කරල... රෑ වෙලා වහින්න වගේ..මේ වෙලාවට නුගේගොඩ එකම හිස් ගොඩාක්... පාර දිගටම වාහන පෝලිමේ..බස් වල පා පුවරුවේ මිනිස්සු එල්ලිලා...
බස් නැවතුම පෙනෙන මානයට එනකොට එතන පුරුදු මුහුණු දෙකක් දැකලා,දෙකෙන් එක මුණක් නිසා මගේ හද ගැස්ම වැඩි වුණා...
දේවක අයියයි, තිමිරයි...පහුගිය දවස්වල එයගේ ඇස් වල නොගැටෙන්න මම හැංගිලා හිටියේ... හැංගෙන්න ඇත්තටම අවශ්ය නැහැ... මොකද එයා ගෙදරට අවෙත් නැහැ... ඒත් තිමිරට මුහුණ දෙන්න බැරි කමක් ... ලැජ්ජාවක් නිතරම හිත ඇතුලේ එහෙ මෙහෙ රහසින් සක්මන් කලා...සෙන්ටිමීටර් කිහිපයක් ඈතින් දිස් වුන මුණ මතක් වෙනකොට මොකද්දෝ වචනෙන් විස්තර කරන්න බැරි හැගීම් ගොඩාක් හිතට පිරෙනවා... මොකක් වෙනවද කියලා මටම හිතා ගන්න බෑ...
බස් නැවතුමට කිට්ටු වෙන පියවරක් ගානේ එකින් එක හර්ද ස්පන්දන වේගය වැඩි වුණා.. එයාල ලඟට යනකොට ඒ සද්දෙ තිමිරටත් ඇහෙයිද කියලා මට බයත් හිතුන..
" මොකෝ මෙච්චර හවස් වුනේ .. "දේවක අයියා ඇහුවා.
තිමිර මාව ඈතදීම දැක්ක.. දැකපු ගමන් අනිත් පැත්ත බලා ගත්තා..දැන් පාර දිහා බලන් ඉන්නවා...හරියට ජීවිතේට මාව දැකලා නැහැ වගේ...
" මදාරාගේ හොකී මැච් එකක් තිබුනා.. " දේවක අයිය දිහා බලාගෙන උත්තර දුන්නට, මගේ මුළු හිතේම අවධානය තිබුනේ එයාගේ යාළුවා ළඟ.බලන්නේවත් නැහැ..
" අම්මා දන්නවද? "
" ඔව්... මම උදේ නැන්දට කිව්වා... පන්ති තිබුනද? "
" ඔව්.. කෙමිස්ට්රි.. "
දේවක අයියා තිමිර දිහාට හැරුන. " මොකෝ උඹ ඇටි කෙහෙල් ගිලපු උගුඩුව වගේ ඉන්නේ.. කතා කරන්න බැරිද.. "
තිමිර දේවක අයියට රවලා ආයි පාර දිහා බලා ගත්තා.
ඇටි කෙහෙල් කාපු උගුඩුවා.. මගේ කටින් ඉබේටම හිනාවක් පැන්න ...
ඒ දෙන්නම මගේ දිහා බැලුව. දේවක අයියටත් හිනා..
තිමිර නිමේෂයකට මගේ දිහා බලලා, අහක බලා ගත්තා .
" හලෝ තිමිර, මෙතන මොකෝ.. "
හදිසියේම ඇහුනු කටහඬ නිසා අපි තුන්දෙනාම ඒ පැත්ත බැලුවා.
අමායා.... නගරය මැදට දෙව්දුවක් පාත් වුණා වගේ...
මට එහෙම ජීවියෙක් ඉන්නවා කියලා සම්පුර්ණයෙන්ම අමතක වෙලා තිබුනේ...
ESTÁS LEYENDO
සීත සෙවනැලි (Sinhala ) Completed
Romanceමරණින් මතුවට වුනත් මට ඔයාලව අත් හරින්න බැරි හැටි....හරිම පුදුමයි නේද... ඔය දෙන්න නිදා ගන්න කොට මම ඉහ ඉද්දර බලා ඉන්නවා... දවස ගෙවා ගන්නේ ඔයාලගේ හුස්ම වල සද්දෙන් .. හර්ෂාලි.... තිමිර.... දූන්යා... අපි තුන් තැනක.. මම මියැදුණු සීතල සෙවනැල්ලක්... ඒත් ඔ...