තිස්තුන් වන සිත්තම
උසස් පෙළ ප්රතිඵල ආපු අවූරුද්දේ සැප්තැම්බර් මාසය වෙනකොට දේවක අයියයි මනීෂා අක්කියි කැනඩාවට ගියා.ඒ දෙන්නව එක්කන් යන්න මාමා නියමිත දිනට දින කිහිපයකට කලින් මාමා ලංකාවට ආවා.එයා හරිම තැන්පත් නිවිච්ච පුද්ගලයෙක්. කොහොම වුනත් නැන්දයි එයයි වැඩිපුර කතා කරන්නේ නැහැ කියන එක මට තේරුණා.
ඒ දෙන්න කතා කලේ දරුවන්ගේ දෙයකට පමණයි... ඒකත් අවශ්ය ටික විතරයි.දේවක අයියටයි මනීෂා අක්කිටයි ඒක තේරුනාද නැද්ද කියන්න මම දන්නේ නැහැ... එයාල හැසිරුනේ ඒක සාමාන්ය දෙයක් විදියට... සමහර විට එයාලට එහෙම වෙන්න ඇති..
මනීෂා අක්කියි දේවක අයියයි ගියාට පස්සේ මට පුදුම පාළුවක් දැනුන...අක්කිගෙ තාලය නැති අහන් ඉන්න අපහසු හින්දි සින්දු වල .. ඒ වගේම අයියගේ කෑ ගැහිල්ලේ අඩුව මට තදින්ම දැනුන...
ඒ දෙන්නා මගෙන් ඈත් වුණා කියලත් මට දැනුන... වෙලාවේ වෙනස් කම සහ සන්නිවේදනයේ සීමා සහිත බව නිසා එයාල දෙන්න එක්ක නිතරම කතා කරන්න වුනේ නැහැ.... රටවල් අතර දුර තරමටම ටිකෙන් ටික ඒ දෙන්න මගේ ජීවිතෙන් ඈතට ගියා...
තිමිර ගෙදරට යන එන එකත් යම් තරමකට සීමා වුණා. ආවත් එයටත් ගොඩාක් වෙලා රැඳෙන්න පුළුවන් කමක් තිබුනේ නැහැ.
තිමිර එයාගේ පාලුවෙන් ගත වුනු ළමා විය ගැන කියපු තතු සැරින් සැරේට මට රිදෙව්වා.ඒ සැලකිලි එයාගේ ආත්මය පෑරෙන්න තුවාල කරලා කියන එක මට දැනුන.ඒ තුවාල සම්පුර්ණයෙන්ම සුව කරන්න මට හැකියාව නැතත් ඔසුවක් වත් ආලේප කරනවා කියලා තමයි මම හිතා ගෙන හිටියේ.
නැන්ද දරුවන් නැති අඩුව මකා ගන්න පන්සලට හුරු වුණා. බොහෝ වෙලාවට සෝමත් නැන්ද එක්කම ගියා.
ඉස්සර හිනා හඬ... ආදරණීය රණ්ඩු සරුවල්... විහිළු තහළු ගැවසුණු නිවස දැන් පුදුම තරම් නිහඬයි.කවදාවත් නැතුව දවල්ට මිදුලෙන් කුරුළු හඬ ඇහෙනවා.
කවදා හරි අපේ ගෙදරත් මේ වගේ වෙයි කියලා මට හිතුන...ඇත්තටම නිවසක ජීවය රැඳිලා තියෙන්නේ ඇතුලේ නින්නාද වෙන කට හඬ වල් වලින්....ඒක නැතුව ගියහම ඒ නිවස බිත්ති ගොඩාක් විතරයි...." ගෙදර හරිම පාලුයි " ඉරිදා දවසක පන්ති ඇරිලා එන ගමන් මම තිමිරට කිව්වා.
" මටත් දේවා නැතුව නම් පාළුයි තමා " තිමිරත් ඒකට එකඟ වුණා.
" නැන්ද දැන් පන්සලේමයි "
" මටත් තේරුණා "
" තව විභාගෙට තියෙන්නේ අවූරුද්දකටත් අඩුවෙන්.. බයත් හිතෙනවා "
" ඔයාට කර ගන්න පුළුවන් හශී, බය වෙන්න එපා " තිමිර කිව්වෙ විශ්වාසයෙන්.
" අනේ මන්දා... "
" ඔයාට පේපර්ස් හරි මොනා හරි ඕනේ නම් කියන්න, මං ගෙනත් දෙන්නම් "
" දැනට ඔක්කොම තියනවා. ඔයාගේ ඔක්කොම තිබුන ඒවා දුන්නනේ "
" එතන බයෝ නෑනේ "
" තාම ඕනේ නැහැ " මම හිනාවුණා.
අපි දෙන්න බස් එකට නැගල ඉඳ ගත්තට පස්සේ තිමිර මගේ අත අර ගෙන එයාගේ උකුල උඩින් තියා ගත්තා.
" ලබන අවූරුද්දේ සමහර විට කැම්පස් පටන් ගනී කියනවා "
" එහෙනම් හොඳයි... අම්මා තාම රට යන්න කියලා කියනවද "
" ඔව්.. එයාල කියන්නේ ලබන අවූරුද්දේ යන්න කියලා. රට ගිහිල්ලා ඉගෙන ගෙන එනවා කියන එක පව්ලට හරි නම්බුයිනේ... අමායාගේ අම්මයි තාත්තායිත් ඕක නිතරම අම්මට කියනවා "
" ඔයා කොහොමද නොගිහින් ඉන්නේ "
" මම යන්නේ නැහැ.. මට දැන් මෙහෙ කැම්පස් යන්න පුළුවන්කම තියාගෙන මොකටද රට යන්නේ "
" ඒකත් ඇත්ත " එකත් එකටම අමායාගේ අම්මටයි තාත්තාටයිත් ඕන කරලා ඇත්තේ තිමිරව රට යවන්න...
" නංගි මේ අවූරුද්දේ ඕ ලෙවල් නේද "
" ඔව්.. දෙසැම්බර් වල "
" එයා පාඩම් කරනවද "
" එයා කර ගනී... එයාට ඊට පස්සේ ඒ ලෙවල් කරන්න බැරිලු.. මොකද්ද ඩිප්ලෝමා එකක් කරලා රට යනවලු.. අනේ මන්දා පිස්සුද කියලා"
" එහෙම කරන්නත් පුළුවන්." තිමිර කල්පනාකාරීව කිව්වා.
" මට නම් තේරෙන්නේ නැහැ.. ඕවට සල්ලි කොහෙන්ද.. අනික ඔය රටවල් වල ගිහිල්ලා තනියම ඉන්නේ කොහොමද "
" ඔයා බය වෙන්න එපා, නංගි හැම දෙයක්ම කර ගනියි.. එයා දක්ෂයි "
හැමදාම වගේ ගේට්ටුව ලඟදි අපි වෙන්වුණා. තිමිර වටපිට බලල මගේ හිස් මුදුන සිප ගෙන මට සමු දුන්න.
ESTÁS LEYENDO
සීත සෙවනැලි (Sinhala ) Completed
Romanceමරණින් මතුවට වුනත් මට ඔයාලව අත් හරින්න බැරි හැටි....හරිම පුදුමයි නේද... ඔය දෙන්න නිදා ගන්න කොට මම ඉහ ඉද්දර බලා ඉන්නවා... දවස ගෙවා ගන්නේ ඔයාලගේ හුස්ම වල සද්දෙන් .. හර්ෂාලි.... තිමිර.... දූන්යා... අපි තුන් තැනක.. මම මියැදුණු සීතල සෙවනැල්ලක්... ඒත් ඔ...