15.

27 3 0
                                    

පසළොස්වන සිත්තම

ඊට පස්සේ චුටි දූ මේ වහල යට තාත්තියි, මමයි එදිනෙදා ජීවිතේ අනේක වාරයක් හමු වුණා.අපි සුහදව කතා කලා... හිනාවුණා...... " ඉස්කෝලේ ගියාද "..." කෑවද ".." පන්ති ගියාද " ආ ගිය තොරතුරු... ඕප දුප.....ඔය වගේ බොහොම සාමාන්‍ය දේවල් කතා කරා.
හැබැයි වචන සාමාන්‍ය වුනාට, ඒ ඇස් වෙනස්ම කතාවක් කියනවා කියලා අම්මිට දැනිලා තිබුනා. දැනුවත්ව හෝ නොදැනුවත්ව අම්මිත් බොහොම ආසාවෙන් ඒ කතාවට හූ මිටි තියනවා....
ඒ ඇස් මගේ පස්සෙන්ම ඇවිදිනවා... තොර තෝන්චියක් නැතුව මම කියවන වෙලාවට මගේ මුණ මත්තෙම රැඳෙන ඒ බැල්ම ඉස්සරහ මට බලන්න දිසාවක් නැතුව ගිය වාර ගණන අනන්තයි...සමහර වෙලාවට මම බිම බලනවා... සමහර වෙලාවට හිනා වෙනවා....

අමායාත් තව කොනක ඉන්න බව අම්මිට අමතක වුනේ නැහැ.. හැබැයි තාත්තිගේ ඇස් දෙකේ අවංක බව ගැන අම්මි තදින්ම විශ්වාස කලා..

මුතු මාලයකින් ගිලිහෙන මුතු කැට වගේ දවසින් දවස ගිලිහුනා... අම්මි වෙනදාටත් වැඩිය උනන්දුවෙන් ඉස්කෝලේ වැඩ කරගෙන ගියා.. වෙනදා නොතිබුණු ලස්සනක් හැම මුල්ලකම දැක්ක...නවකතා වල පිටු අතරෙත් තිමිරව දැක්ක...වස්සාන සිහිනයෙ  චාපා ගංගාදරී අබේනායකගේ රුව මත ලියැවුනු පද වැල් ආයේ ආයෙත් කියෙව්වා....

හැබැයි යෙහෙළියන්ට මේ හැමදෙයක්ම හැංගුවා... මුලදී කියන්න අදි මදි කලා... පස්සේ කියන්න දේවල් ගොඩ ගැහිලා වැඩියි...කොහෙන් පටන් ගන්නද කියලා හිතා ගන්න බැහැ...ඒ නිසා නොකිය හිටියා...සමහර දේවල් කියන්නත් බෑ... හරියට මේ වගේ...
එක දවසක් ඉස්කෝලේ ගිහින් ඇවිල්ලා දවල්ට කන්න ඉඳ ගන්නකොට තිමිරත් ආවා.
එතකොට. මම බත් කටවල් කීපයක් බඩට දා ගෙන.
එයා ඇවිල්ලා මගේ එහා පැත්තෙන් ඉඳ ගත්තා.
" දැන්ද ආවේ..? "මම ඇහුවා.
" දැන් ටිකක් වෙලා.... " තිමිර පිඟාන දිහා බැලුව " කෑවෙත් නෑ තාම.... බඩත්ගිනියි... "
" බෙදල දෙන්නද...? "
" බෙදන එක නම් මටත් කර ගන්න පුළුවන්.. " මුණට පොඩි දඟකාරකමක් ආරූඩ වුණා.
මෙයා මේ මොහොකටද අරඳින්නේ....
" බෙදා ගෙන කන එක හැමදාම කරනවනේ"ආයෙත් කියනවා.
මම කන එක නවත්තල පොඩ්ඩක් ඒ හිනහව දිහා බලන් හිටියා.
හරි.... බල්බ් එක පත්තු වුණා...
" පිස්සුද ඔයාට.... කව්රු හරි අවොත්.. " මම වටපිට බැලුව.
" කව්රුත් එන්නේ නෑ.. දේවා නානවා.. ඌ නාන්න ගියාම වතුර දෙන ජලාශෙත් හිඳෙනවා කියලා ඔයා දන්නවනේ.."
මම ආයෙත් වට පිට බැලුව...
" කව්රුත් නෑ... ඔන්න ඕක දෙන්නකෝ..."
මම ඉක්මනට බත් ටිකක්අනලා කැටි කරලා කැව්වා..
" රසයි... "
" සෝමාගේ කෑම කොහොමටත් රසයි "
" මං කිව්වෙ බත් කට රසයි.. තව එකක් දෙන්නකෝ "
මම ආයෙත් වට පිට බලලා තව කටක් කැව්වා. " ඔච්චරයි,හොඳේ "
" බඩ පිරුණේ නෑනේ... " තිමිර මුණ ඇද කලා.
" එහෙනම් බෙදා ගෙන කන්න.. " මම එයාට දිව දික් කලා.
" බෑ... මොකටද බෙදා ගෙන කන්නේ කවන්න කෙනෙක් ඉද්දි.. "
කවන්න කෙනෙක්... ඒ අයිතිය මට තමා ඉතින්, දැන් පවරලා දුන්නනේ ..
මට හිනා ගියා. මෙයත් අතඅරින පාටක් නෑ.
ඔන්න ඔහේ තව ටිකක් කවනවා.
මම තව බත් කටවල් කිහිපයක් කැව්වා මෙන්න මෙයා ආයෙත් බලා ගෙන ඉන්නවා... ඔහොම බලන කොට කවන්නේ කොහොමද... පිඟාන කොතනද කියලත් අමතක වෙන බැල්මක් එක..

සීත සෙවනැලි (Sinhala ) Completed Donde viven las historias. Descúbrelo ahora