35.

24 2 0
                                    

තිස්‌පස් වන සිත්තම

තීරණයකට ආවට පස්සේ සචිත වෙලාව නාස්ති කලේ නැහැ.එයා දන්නවා එයාට කල් තියෙන්නේ මාසෙකට වඩා අඩුවෙන් කියලා..
පහුවදාම එයා මුහුණු පොත හරහා තිමිරට පණිවිඩයක් යැව්වා...තිමිරව හමු වෙන්න ඕනේ කියලා....
පණිවිඩයක් ලැබුණු බව තමන්ගේ ජංගම දුරකථනයේ  මුහුණු පොතේ ගිණුමේ සංකේතවත් වෙලා තියනවා  ව්‍යාපාරික හමුවක කොටු වෙලා හිටපු   තිමිර දැක්කේ ඊට පැයකට විතර පස්සේ...
පණිවිඩය එවල තියන පුද්ගලයා තිමිරට මතකයි.... සුපිරි වෙළඳසැලේදී හශී ගේ වගේම ඇස් දෙකක් හිමි වුනු පූංචි බෝනික්කිගේ තාත්තා....ඒත් ඒ තාත්තා තමන්ව මුණ ගැහෙන්න අවශ්‍ය බව කියන්නේ ඇයි කියලා තිමිරට හිතා ගන්න බැරි වුණා....
කොහොම වුනත් වැදගත් පෙනුමැති කෙනෙක්... ඒ චුටි දුවට සිංහලත් හරියට බැහැ.. බොහෝ දුර‍ට වෙනත් රටක වාසය කරන පව්ලක්...
හමු වුණා කියලා වැරද්දක් නැහැනේ...
හමු වන්න පුළුවන් බව තිමිර පණිවිඩයකින් දැනුම් දුන්නා. ආපසු හැරෙන පණිවිඩයෙන් සුදුසු වෙලාවක් සහ දිනයක් අහනව...
ඕනම දවසක හවස් වරුව ගැටළුවක් නැති බව තිමිර දන්වලා යැව්වා...
තරු පහේ හෝටලයක නමක් සහ වෙලාවක් සමග දුරකථන නොම්මරයක් ලැබුන...
තිමිර මුහුණු පොතේ අදාළ ගිණුම පුරා ඇහැ යැව්වා... නමුත් තනි චායාරූප කිහිපයක් සහ රැකියාව මෘදුකාංග ඉංජිනේරුවරයෙක් ලෙසට හැරුනම එහි වැඩි විස්තරයක් සඳහන් වුනෙ නැහැ...
තිමිර දැන ගෙන හිටියේ නැහැ නංගි සචිතට තමන්ගේ සහ දුනීගේ චායාරූප අන්තර්ජාලයට මුදා හැරීම තහනම් කලේ දුනී එයාල ලඟට ආපු මුලම කියලා.. නංගි මුහුණු පොතේ ගිණුමක්වත් ආරම්භ කලේ නැහැ...
හම්බ වෙලාම බලනවා කියලා තිමිර අන්තිමට හිතා ගත්තා කියලා මට තේරුණා..

එදාම හවස සචිත තිමිරව හමු වෙන්න යොදා ගත්තා.නංගිට බොරු කියන එක මුලින්ම සචිත කලේ එදා...
" පාරි මට යාලුවෙක් හම්බ වෙන්න අද හවස කොළඹ යන්න වෙනවා.. " සචිත තිමිරගෙන් පිළිතුරක් ලද ඇසිල්ලෙන් නංගිට කිව්ව.
" මොන යාලුවද " නංගි ඇහුවේ දුනීගේ කොන්ඩේ පීරන ගමන්. දුනීගේ කොන්ඩෙත් මගේ වගේ තමයි... පිළිවෙලක් නැති රැලි කොණ්ඩයක්...
" චිරාත්... " නංගි අහලා තියන ඒත් සමීප ඇසුරක් නැති මිතුරෙක්ව සචිත නම් කලා.
" හදිස්සියේම.. "
" පොඩි කාලයයි නෙ අපිට තියෙන්නේ.. වෙන දවසකුත් නෑනේ.. මම ගිහින් එන්නම් "
" හරි.. "
" Can I come too" ඒ දුනී....කොයි වෙලාවෙත් ගමනක් යන්න තමා බලන් ඉන්නේ...
" Dada is going to meet one of his friends.. " සචිත දුනීට ආදරණීය හිනාවක් දුන්න.
" Can I meeet him too"
" Not today..." සචිත කිව්වෙ කල්පනාකාරීව " I will bring him home later"
" මේ බොරු පොරොන්දු දෙන්න එපා හරිද " නංගි සචිතට බොරුවට තර්ජනය කලා.
කිව්වෙ බොරු නෙවේ කියලා දන්නේ සචිත විතරමයි.
" මම යන්නම් පාරි.. " සචිත නංගිගේ හිස් මුදුනට හාදුවක් දුන්න.
පහුගිය දවස් ටිකේම හිත් නොහොඳින් හිටපු නිසා නංගි පොඩ්ඩක් පුදුම වුණා.
ඒ හාදුව සමාව ඉල්ලීමක් කියලා නංගිට වැටහුනේ එදා රැය උදා වුනාට පස්සේ.

සීත සෙවනැලි (Sinhala ) Completed Место, где живут истории. Откройте их для себя