38.

23 2 0
                                    

තිස්‌අට වන සිත්තම

සුහානිගේ පිටි පස්සෙන් හැමෝම ගේ ඇතුලට ගියා.
" Wow... This is really big.. " දුනී කිව්වෙ වටේටම කැරකි කැරකි.
සුහනිට හිනා ගියා.
" ඔය දෙන්න විතරද මෙහෙ ඉන්නේ "
" අපේ අම්මා ඉන්නවා " සුහානි කිව්වෙ තිමිර දිහත් බලල.
" Can I see her.." තිමිර සචිත දිහා බැලුව.
" Why not " සචිත දුනී එක්ක හිනා වුනා.
" එතකොට ඔයාගේ dada "
මැරෙනවා කියන සංකල්පය දුනීට තේරෙයිද කියලා තිමිර ටික වෙලාවක් නිහඬව හිටියා.ඊට පස්සේ එයාට සිහි වුනා දුනී කියන්නෙත් අම්මා අහිමි වුනු.... කුඩා වයසකදීම මරණය කියන දේට මුහුණ දුන් කෙනෙක් කියලා..
" He is dead.. "
" My අම්මි and තාත්ති are dead too " ළමා කටහඬින් කියපු යථාර්තය ඇහිලා තිමිර තිගැස්සුනා... එහෙනම් පාරි කියලා තියෙන්නේ දුනීගේ තාත්තිත් නැති වුනා කියලා..
" Don't worry... I will be your friend "දුනී තිමිරගේ අතින් අල්ල ගත්තා.
තමන්ට වගේම අහිමි වීමක් තියන යාළුවා ගැන දුනීට අනුකම්පාවක් පහළ වෙලා.
" මං කිව්වෙ වැඩත් අක්කා වගේම තමයි කියලා " සචිත තිමිරට විතරක් ඇහෙන්න කිව්වා.

තිමිර පහත මාලයේ තියන කාමරයට ගියා.
අම්මා රෝද පුටුවේ ඉඳ ගෙන හිස් බැල්මෙන් බලා ගෙන ඉන්නවා.පසුගිය වසර කිහිපය තුල ඇය වැහැරුණු හැටි පුදුමයි... ඉතිරි වෙලා තියන වයෝවෘද්ධ කාන්තාවගේ පෙර සුන්දරත්වයෙ සේයාවක්වත් නැහැ. Alzheimer's රෝග තත්වයෙන් පෙලෙන ඇයට ගෙවුණු අවූරුද්දෙ ආඝාත තත්වයක් වැළඳුනා..කලින් තමන්ගේම නිවස තුල අතරමන් වුනු ඇය දැන් රෝද පුටුවටම සීමා වෙලා...
" කාගෙද මේ ළමයා " අම්මා ඇහුවේ ඒක වුනාට ආඝාත තත්වය නිසා කටින් පිට වෙන වචන තේරුම් ගන්න පුළුවන් සුහානිටයි, තිමිරටයි, අම්මගේ සහයට ඉන්න නිලන්තිටයි විතරයි.

දුනී කවදාවත් හමු වෙලා නැති ආච්චි අම්මා දිහා බලන් හිටියේ කුතුහලයෙන්...තමන් වාසය කරන රටේ රෝද පුටුව කියන එක සුලභ දර්ශනයක් වුනාට මේ වගේ කාමරයකට කොටු වුනු රෝගියෙක් දැකපු මුල් අවස්ථාව.
" Why can't she speak properly "
" She is ill" සචිත උත්තර දුන්නා.
" Is that why she is so thin " දුනීගෙ ප්‍රශ්න වලත් ඉවරයක් නැහැ.
" Yes.. " සචිතම උත්තර දුන්නා.
" I feel sorry for her.. "
අනේ දුනී...තමන් සුදුසු නැහැ කියලා හිතපු... තමන්ගේ පුතනුවන්ගෙන් වෙන් කරපු යුවතියගේ කුසින් උපන් මිනිබිරී එයාව දන්නෙවත් නැති ආච්චිට අනුකම්පා කරනවා...
තිමිර බලන් හිටියේ දෝණි දිහා... අම්මා. ගැන සෙනෙහසක් නැතත්, අම්මට සලකන්න තිමිර පෙළබුනේ හශීව සිහි කරගෙන.. ඒ හිතේ තිබුන අසීමිත කරුණාව දයාව සිහි කර ගෙන
හශී හිටියා නම් අනිවාර්යෙන් කියන්නේ මොනවද කියලා තිමිර දන්නවා " පැටියෝ ඒ ඔයාගේ අම්මා.. එයා කරපු දේවල් එයාට.. එයා කරපු දේවල් වලට තරහ අරන් ඒ ටික ඔයාගේ ඇඟේත් ගා ගෙන ඔයා පව් පුරව ගන්න එපා... ඔයා අම්මට යුතුකම් ටික කරන්න.. ඒක අම්මට නෙවේ ඔයාට..."
දුනීගෙ අම්මිට කවදාවත් මේ ගෙදර ඇතුලට පය තියන්‍න‍ බැරි වුනාට දුවට පුළුවන් වුනා...
" අපි යමු.. " තිමිර කට්ටියවම එලියට එක්ක ගෙන ගියා.
රෝද පුටුවේ අසරණ වෙලා ඉන්න ආච්චි අම්මා දිහා එක සැරයක් බලලා දුනී තිමිරගෙ පස්සෙන් ගියා...

සීත සෙවනැලි (Sinhala ) Completed Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ