𝕋𝕙𝕖 𝕊𝕖𝕒𝕤𝕠𝕟 𝕆𝕗 𝔹𝕝𝕠𝕤𝕤𝕠𝕞 🌿🌻
Chapter 31 🔏
ටැක්සි එක ලොකු ගේට්ටුවක් ඉස්සරහ නතර වෙද්දි ජෙනී ටැක්සි එකෙන් බැහැලා pay කරනවා නම්ජූන් එයා ආව ටැක්සි එක ඇතුළේ ඉඳන් ම ඈත නවත්තගෙන බලාගෙන හිටියා...කෙල්ල වටපිට බලලා අරලොකු ගේට්ටුවෙන් ඇතුළට යද්දි නම්ජූනුත් දුවලා ගිහින් ගේට්ටුවෙන් ඇතුළට පැනගත්තේ කවුරු හරි දකින්න ඉස්සර වෙලා...🙂
ජෙනී ඒ වෙද්දිත් ඇතුළට ම ගිහින් තිබුණ නිසා නම්ජූනුත් හෙමින් හෙමින් ඇතුළට ගියේ බයෙන් බයෙන් වගේ එයාව කාටහරි අහුවෙයි කියලා...😅💔 නම්ජූන්ට ඇතුළට යද්දි ඇහුණේ ජෙනීගේ කටහඬ එක්ක තවත් පිරිමි කෙනෙක්ගේ කටහඬක්...කියන්නේ මොනවාද කියලා නම් පැහැදිලි නෑ...ඒත් නම්ජූන් ටිකක් වෙලා මේ සංවාදෙට ඇහුම්කන් දීගෙන ඉන්න උත්සාහ කළා...ඒත් වැඩක් වුණේ නෑ...😕💔
ඒත් එක්ක ම ඇතුළෙන් වීදුරු මොනවා හරි බිඳෙන සද්දයක් එක්ක ජෙනී කෑ ගහනවා ඇහෙද්දි නම්ජූන් ඇතුළට ගියා නෙමේ...ඉබේ ම යැවුණා..🥲 නම්ජූන් ඇතුළට යද්දි දැක්කේ සුවිසල් මන්දිරයක් වගේ ඒ ගෙදර හරියට ම මැදින් යන පඩිපෙළ ළඟ වැටිලා ඉන්න ජෙනීව...එකපාරටම දොර ඇරෙද්දි ජෙනීගේ වගේ ම අර මිනිහාගෙත් ඇස් ඒ පැත්තට යොමු වෙද්දි , ජෙනීගේ නම් ඇස් ලොකු වුණේ පුදුමෙට ම....🙂
🧡 : න්...නම්..ජූන්..ඔප්පා 🥺
ඇහෙන නෑහෙන හඬකින් ජෙනීගේ කටින් එහෙම පිටවෙද්දි අර මිනිහා ජෙනී දිහාත් ,, නම්ජූන් දිහාත් මාරුවෙන් මාරුවට බලන ගමන් කට කොනට හිනාවක් දැම්මා....🥲
👤 : මාව බය කරන්න හිතාගෙන ද මිනිහෙක් එක්ක ආවේ ආ.....?? 🤣
එහෙම කියලා ඒ මිනිහා මහා කැත විදිහට හයියෙන් හිනා වෙන්න ගත්තා.......🥲😒💔
🐨 : ExcuseMe Mr...ඔයා කවුරු වුණත් ගෑණු ළමයෙක්ට මෙහෙම සලකන එක වැරදි..ඔයා ගැන Complain කළොත් ඔයාට jail එකට වෙලා ගල් කඩන්න පුළුවන්...😒
🧡 : ඔ..ප්පා...🥺
ජෙනී ඉක්මනට නැඟිටලා නම්ජූන් ළඟට ඇවිල්ලා නම්ජූන්ගේ අතින් අල්ලගෙන නම්ජූන් දිහා ම බලලා ඇස්වලින් ඉඟි කළේ එපා කියන්න වගේ..🥺
YOU ARE READING
The Season Of Blossom
De TodoBts × Txt × Blackpink Mix කරලා Write කරපු කතාවක් Readersලාගේ Request එකකට...මේක ගැන ඉතිං කතාව කියවලා ම දැනගන්න 😁🫶💜️