"සිහින වොෂ් දාලා කෑම කනවද...කෑම කාලා වොෂ් දානවද...""සර් උයන්නත් දන්නවද..."
"ටිකක්..."
"කාලා ඉමුද සර්...මට...ටිකක්...බඩගිනියි..."
"ම්න්...එහෙනම් එන්න..."
සෙනුරි එක්ක කතා කරලා ඉවර වෙලා සිහින ආයෙම ශේනුක ඉන්න තැනට ආවා, සිහිනට බඩගිනියි කියපු නිසා ශේනුක එයා ලෑස්ති කරපු කෑම පිඟන් දෙක අරන් ගිහින් දෙන්නෙක්ට සෑහෙන ප්රමාණයකින් යුක්ත පුටු දෙකක් තියලා තියන කෑම මේසේ උඩින් තියලා ගිහින් එයාගේ කෝපි එකයි සිහිනට කිරි වීදුරුවකුයි ගිහින් තිබ්බා... ශේනුක ගිහින් වාඩි උනාට පස්සෙ සිහිනත් ගිහින් ශේනුකගේ ඉස්සරහින් වාඩි උනා... සිහිනට හරි අමුතු හැඟීමකින් එයාගේ හිතම පුරවලා කියලා දැනුනා...
"ලොකු දෙයක් නම් හැදුවේ නෑ...මේ මම උදේට කන විදිහ... සිහිනට හරියයිද දන්නෙ නෑ..."
"හැමදාම බත්නේ කන්නේ සර්...මේ වෙනසට මම කැමතියි..."
සිහින කියපු වෙනස මොකද්ද කියලා සිහිනටවත් තේරුනේ නෑ... ශේනුක ඇමරිකානු ක්රමයට English breakfast එකක් තමයි සූදානම් කරලා තිබුනේ... French toast හදලා cheese omelette හදලා sausages බැදලා තව චීස් පෙති කීපයකුත් පිගානේ පැත්තක තියලා තිබුනා... ශේනුක එයාට බොන්න කෝපි එකක් එක්ක සිහිනට බොන්න කිරි වීදුරුවක් ලෑස්ති කලේ සිහින රෑ හොඳටම බීලා හිටිය නිසා කෝපි එච්චර හොඳ නැති නිසා...
"රසයි...Thank you sir..."
"ඒක සුලු දෙයක් සිහින..."
"හැමදේටම thank you sir... සර්ට මේ දේවල් සුලු දේවල් උනාට මට මේ හැමදේම..."
"හිරවෙයි සිහින...කතාව නවත්තලා කාලා ඉන්න..."
ශේනුකට සිහිනගේ ස්තූති කතාව අහන්න ඕන උනේ නෑ, ඉතින් ශේනුක සිහිනට බාදා කලා...එයාට බයයි සිහින අසිහියෙන් ඉන්න වෙලාවට වගේම සිහියෙන් ඉන්න වෙලාවටත් එයා ගැන මොනවා හරි කියයි කියලා, ශේනුක කැමති නෑ ඒ වගේ අවස්තාවක් නිර්මාණය වෙනවට...
"සොරි සර්..."
"ඒ පාර මොකද..."
"මම නිසා සර්ට කරදර වෙන්න උනානේ..."