"මොකෝ බන් උඹට වෙලා තියෙන්නෙ...?""මට...?"
"නැතුව මටද...?'
"මට මොනවා වෙන්නද බන්..."
"මම දැන් දවස් තුනක් තිස්සෙ බලාගෙන ඉන්නේ, උඹ වෙනදා වගේ කතා කරන්නෙ නෑ, හිනා වෙන්නෙ නෑ, විහිලුවක් කරන්නෙ නෑ, හෙන silent වෙලානේ, උඹට මුකුත් ප්රශ්නයක්ද...? ගෙදර ප්රශ්නයක් ද...?"
එදා සිදුවීමෙන් පස්සෙ දවස් තුනක් ගත වෙලා ගිහින් තිබුනා, එදායින් පස්සෙ සිහින හිටියේ වෙලාවට ඔෆිස් ගිහින් එයාට අදාල වැඩේ විතරක් කරලා ගෙදර යනවා කියලා හිතාගෙන... ශේනුකගේ කැබින් එකට ගියෙත් දවසටම දෙපාරක් වගේ, ඒකත් වැදගත්ම දේකට... සිහිනගෙ රිදුන හිත හදා ගන්න තාමත් සිහිනට බැරි වෙලා තිබුනා, සිහිනගේ වෙනස ශේනුක දැක්කත් ශේනුකත් කිසි ගානක් නැතුව එයාගේ පාඩුවේ වැඩ කරගෙන රාජකාරී මට්ටමින් විතරක් සිහින එක්ක කතා කරන එකට සිහිනට තවත් අවුල්... ඉතින් සිහින ඒ අවුල ඔෆිස් එකේ අයගෙනුයි සෙනුරිගෙනුයි පිට කලා, සිහිනගේ වෙනසට හේතුව දන්නෙ ශේනුක ඇරුනම එයාගෙ හය හතර නොතේරෙන චූටි දූ සිඟිත්ත විතරයි... ඒත් ඒ වෙනස හැමෝටම වගේ දැනිලා තිබුනා...
"උඹට පිස්සුද පවිත්ර, මට කිසි ප්රශ්නයක් නෑ, අනික ගෙදර මොන ප්රශ්න වෙන්නද බන්, ගෙදර ගියාම චූටි කෙල්ල එක්ක ඉන්නකොට රෑ ගෙවෙනවා තේරෙන්නෙ නෑ..."
"එහෙනම් කමක් නෑ... මට විතරක් නෙමේ බන්, ඔෆිස් එකේ අනිත් උන්ටත් තේරුනා උඹ අවුලකින් කියලා, උඹෙන් ඇහුවෙ නැති උනාට උන් මාත් එක්ක කතා කලා, අවුලක් නැත්නම් ඉස්සර වගේ ආතල් එකේ ඉදපන්කෝ යකෝ..."
"උඹලා සේරටම පිස්සු... එහෙම ලබ්බක් නෑ බන්... විකාර කියවන්නෙ නැතුව පලයන් මට මේ accounts ටික balance කරන්න දීලා..."
"හරි හරි අපි බලමුකෝ පුතේ..."
පවිත්ර සැක මුසු විමසිලිමත් ඇස් වලින් සිහින දිහා බලලා එහෙම කියාගෙන සිහිනගේ මේසේ ලඟින් ගියා, ඒත් මේ සිදු උන කතා බහ ශේනුක අහගෙන කැමරාවෙන් බලාගෙනයි හිටියේ... තව ටිකක් බලලා හවසට එහෙම උනොත් සිහින එක්ක කතා කරන්න ඕනේ කියලා ශේනුකටත් හිතුනේ කටකාර සිහිනගේ කටහඬ දැන් එයාට ඇහෙන්නෙ නැති නිසා පාලුයි කියලා හිතුන නිසා...