14

56 14 23
                                    



"සිහින...ඔයා කොහෙද ඉන්නේ ආහ්..."

"Good morning Senuri..."

"මේ...මේ..."

"මම ශේනුක...සිහින නම් තාම නිදි..."

"Ah...Good morning Sir...සිහින එතකොට..."

"මගේ ගෙදර ඉන්නේ..."

"ආ...මේ මම...පවිත්‍ර අයියටනේ කිව්වේ..."

සිහින නිදාගත්තට පස්සේ ශේනුක සිහිනව එයාගේ කාමරේ තියලා එයා නාලා පිරිසිඳු වෙලා ඊට එහා පැත්තෙ තියන කාමරේට ගිහින් පැය තුන හතරක් නිදා ගත්තා, ශේනුක සාමාන්‍යයෙන් උදේ පහට විතර නැගිටිනවා, නැගිටලා එයාගේ ගෙදර තියන gym එකට වෙලා පැයක් සෙල්ලම් කරනවා, ශේනුක සෙල්ලම් කරලා ඉවර වෙලා සාලෙම කොනකට වෙන්න තියන open pantry එකට වෙලා උදේ කෑම හදන අතරේ මේස උඩ තිබුන සිහිනගේ දුරකථනය නාද උන නිසා ශේනුක ඒක අතට අරන් බලනකොට සෙනුරි කියලා සදහන් වෙලා තිබුන නිසා එයා කෝල් එක ගත්තා... සෙනුරි කෝල් කරලා සිහිනට ඇහැරෙයි කියලා හිතලමයි ශේනුක ඒක ඉස්සරහට ගෙනාවේ...සෙනුරි හිතුවේ සිහින පවිත්‍රගේ ගෙදර ගිහින් ඇති කියලා උනත් ශේනුක කතා කලාම සෙනුරිට හිතාගන්න බැරි උනා... ඉතින් ශේනුක සෙනුරිට කෙටියෙන් ඊයේ රෑ සිදුවුන දේවල් පැහැදිලි කලා...

"අනේ සර්ට සිහින නිසා ආයෙම කරදර වෙන්න උනා නේද... සිහින එදා වගේ වමනේ එහෙම..."

"ආ නෑ සෙනුරි...එහෙම උනේ නෑ, එයාට ආපු ගමන් නින්ද ගියා..."

"මට නම් තේරෙන්නෙ නෑ සර්...කොච්චර කිව්වත් සිහිනට බොන්න ගියාම සීමාවක් නෑ, ඊයේ මට කිව්වේ චුට්ටක් පරක්කු වෙනවා කියලා විතරයි, ඒත් ගිහින් තියෙන්නෙ birthday party එකකට... මම මේ දරුවා එක්ක එයා එනකන් බලන් ඉන්නවා... ඇත්තමයි අද නම් මම සිහිනට හොඳ වැඩක් කරනවා..."

සෙනුරිට ඇති උන ලැජ්ජාවටයි තරහටයි දෙකටම සෙනුරි ශේනුක එක්ක සිහිනට බනිනකොට ශේනුක කල්පනා කලේ අද සිහිනට මොන වගේ ප්‍රශ්නෙකට මූණ දෙන්න වෙයිද කියලා... පවිත්‍ර ඊයේ කිව්ව බොරුව මතක් උන ශේනුක ඒ ගැන එතනින් එහාට කතා කලේ නෑ...

"සෙනුරි..."

"සර්..."

"If you don't mind can we talk about this..."

Locked feelings Où les histoires vivent. Découvrez maintenant