"ඔයාට කියන්න මිස්ටර් සිල්වා මූ එදා එනකල්ම කබරයා දදා ආවේ...""අනේ පලයන් පවිත්ර යන්න, මූ බොරු කියන්නෙ මිස්ටර් සිල්වා, මම කවදාවත් කබරයා දාලා නෑ..."
"යකෝ........."
කට්ටිය බෝතල් පාටිය පටන් අරගෙන බොන අතරේ පවිත්ර සිහිනගේ රෙදි ගැලවෙන කතා මතක් කරනකොට ශේනුක ඇස් රැලි කරගෙන මේවා අහන ගමන් බොහොම හෙමින් මදුවිත තොල ගාන්න ගත්තේ අනිත් අය බොනකොට එයාට ලොකුකම පෙන්නලා පැත්තකට වෙලා ඉන්න හිතුනේ නැති නිසා, ශේනුක ලොකුවට බොන කෙනෙක් නෙමෙයි, හැබැයි ශේනුකගෙ ලොකුම නරක පුරුද්ද උනේ smoke කරන එක, ඔෆිස් එකේ ඉන්න වෙලාවටත් දවසට තුන්පාරක් විතර ශේනුක උඩම තට්ටුවේ තියන smoking area එකට ගිහිල්ලා එනවා...
"මම දන්නෙ නෑනේ සිහින බොනවා කියලා..."
"හම්මට...මූ බොන්නෑ සර්, මූ අරක්කු නානවා..."
"උඹට මම කියන්නෑ ඉතින්, මුගේ බොරු සර්, මම එහෙම ලොකුවට බොන්නෙ නෑ..."
සිහින කලින් කිව්වා වගේම එයා හිතාගෙනම හිටියේ අද නම් බීලා චොර වෙන්නෙ නෑ කියලා, මොකද ශේනුක ඉස්සරහා එහෙම ලැජ්ජ වෙන්න සිහිනට ඕන උනේ නෑ...ඒ නිසාම ශේනුක අහනකොට සිහින බොරුවක් කියලා ශේප් උනේ ලැජ්ජාවට...
"සර් ගන්නවද..."
"ම්න්..."
පවිත්ර ශේනුකට සිගරට් පෙට්ටිය ඇල්ලුවම ශේනුක එකක් ගත්තා, හැබැයි සිහින smoke කරන්නෙ නෑ, කරනවට කැමතිත් නෑ, ඒ දුම එයාට අමාරුයි... ඉතින් එයත් ශේනුක එයාට කියපු විදිහටම ශේනුකගෙන් ප්රශ්න කලා...
"මම දන්නේ නෑ සර් සිගරට් බොනවා කියලා..."
"මම නම් දන්නවා නේද සර්..."
"උඹ කොහොමද දන්නේ..."
"දවසක් මම දුමක් දාන්න උඩට යද්දි සර් හිටියා..."
"මට නම් පේන්න බෑ, ඔය ජරාව මෙතන නම් බොන්න තියා ගන්න එපා, අරෙහෙට ගිහින් බීලා වරෙන්, ඔය දුම එද්දි මට හුස්ම හිර වෙන්න එනවා..."
සිහින අහන කිසිම දේකට ශේනුක නෙමෙයි උත්තර දුන්නේ, සිහිනට හුස්ම හිර වෙන්න යනවා කිව්ව නිසා ශේනුක එතනින් නැගිටලා සිගරට් එකත් අරන් ගේට්ටුවෙන් එළියට ගියා, පවිත්රත් නැගිටලා ශේනුක පස්සෙන් ගියා...