"මොකෝ සිහිනයා උඹ බය වෙලා වගේ..."සිහින එයාගේ සීට් එකට ආවත් තාමත් ඉන්නෙ කලින් ලිෆ්ට් එකේදි ඇතිවුන සංවේදී සිදුවීම නිසා ඇති උන කම්පනය නිසා බය වෙලා වගේ... ඉතින් පවිත්‍ර හිතුවේ සිහින මොකක් හරි දේකට බය වෙලා කියලා...
"උඹට පිස්සුද...මම...මොකට බය වෙන්නද...?"
සිහින පුලුවන් තරම් සාමාන්‍ය විදිහට කියලා එයාගේ මේසේ උඩින් කලමනා ටික තියන්න ගත්තා...
"ඒක තමයි මාත් අහන්නේ...ඈ බන්...සර් කැබින් එකේ නෑනේ... අද උදේ ආවා කියලා නම් සිල්වා මහත්තයා කිව්වා..."
"එහෙමද...? එළියට ගියාද දන්නෑ බන්...තව ටිකකින් එයි..."
ශේනුක ගැන අහනකොට සිහින ටිකක් ගැස්සුනත් සිහින කිසි දෙයක් දන්නෙ නෑ වගේ කලා කලා...
"හෙලෝ තාත්තා..."
උදේ සිදුවීමෙන් පස්සේ සිහින ශේනුකගේ කැබින් එකටවත් ආවේ නෑ... ශේනුකත් කැමරාවෙන් ඇරෙන්න සිහින දිහා කෙලින් බලලා කතා කරන්න ටිකක් අදිමදි කලේ එයාගේ මූණේ වෙනස සිහිනට දැනෙයි කියලා... ඒත් ශේනුක කලින් හිතුව විදිහට එයාගේ තාත්තට කතා කලා...
"ආ ඉලන්දාරියා...මොකෝ අද උදෙන්ම...මුකුත් අවුලක්ද...?"
"නෑ තාත්තා...ඔයාගේ වැඩ ටික කොහොමද තාත්තා..."
"ඒවා නම් කෙරීගෙන යනවා...මොකද මේ හදිස්සියේ ඒවා මතක් උනේ..."
"දැන් මෙහෙ හිටියා ඇති වගේ තාත්තා...ඔයා එන්න අදහසක් නැද්ද... මට මෙහෙ කම්මැලියි තාත්තා... ඔයාලා ඔක්කොම ඔහේ ඉන්නවා... මම මෙහෙ තනියම..."
ශේනුක පුලුවන් උපරිම සාමාන්‍ය විදිහට එයාගේ තාත්තට එහෙම කිව්වත් තාත්තා ඒක භාර ගත්තෙ වෙන විදිහකට...
"ඒකනේ කියන්නේ පුතා මිනිස්සු එක්ක ටිකක් කතා කරලා friends ලා හදාගන්න කියලා...ඔය ඔෆිස් එකේ ඉන්න කොල්ලො ටිකත් හරි ෆිට් බන්... අර සිහින ළමයා එහෙම මාත් එක්කත් ගොඩක් එකතුයි..."
"හැමදාම කියන ටික කියන්න එපා තාත්තා... පුලුවන් ඉක්මණට ඔයා මෙහෙ එන්න... දැන් මාස හයක් ගියානේ... ඔයා මගෙන් ඉල්ලපු කාලේ ඉවරයි තාත්තා..."