| 29 |

1K 168 165
                                    
















        රන්දුල් නිදිකිරා වැටුණෙ දෙවනි වතාවට....



        මේ වතාවෙ ඔලුව පොත් මේසෙ වදින්න කලින්... ඒ ලඟ වාඩිවෙලා... රන්දුල්ගෙ දිහාම බලාගෙන කම්මුලට අතක් තියන්... මේසෙට හේත්තුවක් දාන් ඉදපු රුද්වි අත දැම්මෙ...





        " ඒ.... " රුද්වි රන්දුල්ගෙ ඔලුව ඉස්සුවා..



      ඇස් ඇරගෙන ඉන්න බැරි තරම් කොල්ලට. අත ලඟ තිබුණ වතුර විදුරෙන් අල්ලට වතුර පොඩ්ඩක් ඉහගෙන.. රන්දුල්ගෙ කම්මුලට අතින් තට්ටු කරාම.... වහු පැටියෙක් වල් කනවා වගේ තොල වික විකා නින්දෙ ඉදපු රන්දුල් ඇහැරුණේ...




     නිදිකිරාවැටෙනකොට තොල විකන එක රන්දුල්ගෙ පුරුද්දක් බවත් රුද්වි ඉගෙනගෙන තිව්නා.

        " ආහ්... ඇයි?.. " 



   ඈනුමක් ඇරගෙන නිදි කැඩුව රන්දුල් බිත්ති ඔරලෝසුව දිහා බැලුවා..


      තවම වෙලාව දොළහට විස්සයි.. රන්දුල් අත්වලින් කම්මුල්වලට සැරටම තට්ටු කරගත්තෙ ඇස් ලොකු කරලා ඇරගෙන... පෑන අහුලලා අතට ගන්න ගමන්.




      " හෙට ස්කූල්.... රන් දැන් නිදාගමු .. "




      " නිදාගෙන හිටියොත් නිදාගන්නම තමයි වෙන්නෙ... "

  රන්දුල් මුමුණද්දි හුරතල් කටහඩට නිදිබර අහිංසක රැස්පි ගතියක් එක්කහු වෙලා තිබුණා.



        " ඒයි... ස්ටොප් ස්ට්‍රෙසින් ද හෙල් ඖට' යොසෙල්ෆ් බ්‍රෝ.. තමුසෙ මෙඩිකේශන් පිට ඉන්නෙ.. නිදාගමු.. උදේ නැගිටලා පාඩම් කරමු.. "




       " මට අයිලන්ඩ් ෆස්ට් වෙන්නම ඕන රුද්... "



     " හරි.. ඊට කලින් සික්ස් ෆීට් අන්ඩ' ඉන්න ඕන්නෑනෙ නේ?.. නින්ද පට්ටම වැදගත් මැට්ටො... නිදාගන්නෙ නැතුව පාඩම් කළා කියලා බ්‍රේන් එක ඩිවලොප් වෙන්නෙත් නෑ... මෙමරි එකට ලොකු දෙයක් එකතු වෙන්නෙත් නෑ. ඉමියුන් සිස්ටම් එකට කෙලවිල ගියාම ස්ටඩී කරන්න තියෙන කාලෙ ලෙඩ වලටම යට වෙයි. දැන් නිදාගන්නවා. හෙට ඇහැරන්නම්.. "





රන්දෝලි | THE SCHOOL BULLY's NERD | BL non ff |Where stories live. Discover now