| 30 |

268 99 49
                                    
















                මධ්‍යම රාත්‍රිය මේ තරම් ලස්සන බවත් රන්දුල් දැනගත්තෙ එදා...







          හඳ අහස් ගැබ මුදුනෙම පායලා... මුලු පොලවම රන් පාට වැස්සකින් තෙමනකොට... අහසෙ තිබුණ තනි වලාවකින් වැටුනු හීන් හිරිපොද වැහි පින්න රිදී පාටට රන්දුල්ගෙ කෙස් අගිස්වල රැදුණා.


    රන්දුල්ගෙත් රුද්විගෙත් සපත්තු රුද්වි බයික් එක ල‍ඟම ගලවලා තිබ්බා. ඒ වැල්ල සපත්තු අස්සට පිරිලා කකුල් කැපෙනවට වඩා නිරුවත් දෙපා උඩ ඇවිදින එක එක ලේසි හින්දා.




        හඳ එලියට බල්බ්වල එළිය කලවමට හාමු වෙලා... ගාලුකොටුවෙ ගල් බැම්ම මහ දවාල වගෙ ඒකාලෝක වෙලා තිබුණා.

       රුද්වි රන්දුල්ගෙ අතකින් අල්ලන් ගල් පඩිපෙළ බැස්සෙ මුහුදු රැල්ලෙ සද්දෙ කන්වල වදිනකොට තවත් ඉවසන් ඉන්න හිතට බැරි හින්දාමයි.



     රුද්විට රන්දුල්ගෙ අතින් අල්ලන් සුදු වැල්ලෙ වැදෙන රැල්ල පාගන්නම ඕන වුණා.


          " කකුල්වල වතුර ගෑවෙද්දි චූ එහෙම යන එකක් නෑනෙ නේ?!... "

     රන්දුල් රුද්විට රැව්වා.. හද එළියට ඒ කම්මුල් රන් පාටටම පෙනුනා.

   රුද්වි හිනා වුණේ ඇහැක් ගහගෙන.




         වැල්ලෙ කකුල් එරෙද්දි හරි සනීපයි. යන්තමට පොදකට අහුවෙලා ඉදපු කොල්ලො දෙන්නගෙ කකුල්වලට... ගිනි දවාලෙ කොළඹ රස්නෙ තාමත් උරාගෙන ඉන්න වැල්ල දුන්නෙ ආදරණීය උනුහුමක්.


      මැදුම් රැයවල් කීයක් මේ වැල්ලෙම ගත වෙලා යන්න ඇතිද.. ඒත් අද වැල්ලත් වෙනදට වඩා සනීපෙට කකුල් කිතිකවන්නෙ ඇයි?.. රුද්විට ඒක මහ ප්‍රහේලිකාවක් වුණා.

         කකුල් වැල්ල යටටම කිදා බහිනකොට හීන් හැඟීමක් යටිපතුල් දිහ ගලාගෙන යන එක සාමාන්‍ය බව රන්දුල්ට වඩා රුද්වි දැනන් හිටියා..


    ඒත් ඒ කිතිය අද දනිස්වලට උඩට එනකල් ස්නායු සන්තර්පණය කළා. තරුණ හිතකට නැවුම් ම වුණ ඒ හැඟීම් ප්‍රශ්න කරන්න රුද්වි වෙලාව වෙන් කලෙත් නෑ. ඊටවඩා ඇස් ඉස්සරහා පායා ඉන්න රන් සඳ කුමාරයා දිහා බලන් ඉන්න එක රුද්විගෙ ඇස්වලට ලොකු සනීපයක් දුන්නා.




You've reached the end of published parts.

⏰ Last updated: 8 hours ago ⏰

Add this story to your Library to get notified about new parts!

රන්දෝලි | THE SCHOOL BULLY's NERD | BL non ff |Where stories live. Discover now