ආයෙ අභිරුගෙන් මුකුත් කියවෙන්න කලින්ම අත ඇදලා ගත්ත අනුදිත වාහනෙන් බැහැලා ගිහින් gate එකට තට්ටු තුනක් දැම්මම තවත් විනාඩි පහකට විතර පස්සෙ සෝමේ මාමා ඇවිත් gate එක ඇරියා. ආයෙ එක පාරක්වත් හැරිලා නොබලපු අනුදිත ඇතුළට නොපෙනී යන දිහා අභිරු car එක ඇතුළෙ ඉඳන් බලාගෙන හිටියෙ හිනාවෙන ගමන්..
ඒක කට පුරා විහිදුණු හිනාවක් නෙවෙයි.. ඒත් ලස්සන හිත පිරෙන හිනාවක්.."මුගෙ තියෙන හිතුවක්කාරකම..!"
අනුදිත මල්ලිකාගෙ උදව්වෙන් ගෙදර දොර ඇරවගෙන යාන්තම් කාමරේ අස්සට පැනගත්තා.. දැන් වෙලාව පාන්දර 5 ටත් ළංවෙලා. තව පැයකින් වගේ පවිත්රාත් නැඟිටිනවා. කාමරේ දොර ඇරගෙන ඇතුළට ගිය අනුදිත මුලින්ම කළේ හිටිය විදියටම ඇඳට වැටුණු එක. එක අතක් නවලා අරන් ඔලුව යටින් තියාගෙන උඩින් පේන සිවිලිම දිහා බලාගෙන හිටිය එක..! තමන්ගෙ කියලා එකම ප්රශ්නයක්වත් නැති වුණාට දෙයියනේ කියලා තමන්ගෙ නොවෙන ප්රශ්න නම් ඕන තරමක් තියෙනව අනුදිතට මේ වෙලාවෙ උඩ බලාගෙන කල්පනා කරන්න... 'එක අතකට අරූ ගෝතයා වුණාට ඒ කිව්ව එකෙත් ඒ හැටි වැරැද්දක් නෑ. මොකද මේක ඇවිල්ලා තේජයගෙ පවුල් ප්රශ්නයක්. මම ඒකට අත දාන එකේ සීමාවක් තියෙන්න ඕනෙ' කියන කාරණය ගැන අනුදිතට ආයෙ ආයෙත් මේ වෙලාවෙ නොහිතුණාම නෙවෙයි.. ඒත් මොකක්දෝ හේතුවකට තේජ වෙනුවෙන් මේකෙ අගක් මුලක් හොයාගන්න ඕනෙ කියන උවමනාව හරිම තදට අනුදිතගෙ හිතට බලපෑවා..
"shit.. මේක හතර අතෙන්ම පැටලිලානෙ බලන් යද්දි"
තමන්ටම මුමුණගන්න ගමන් අනුදිත අනිත් අතේ ඇඟිලි දෙකකින් නළල තද කරගත්තා.. සිහියෙන් මේක කල්පනා කරන්න බෑ වගේ කියලා හිතුන නිසාද කොහෙද අනුදිත ආයෙමත් කළේ ඇඳන් නැගිටලා ඇවිත් ඇඳේම පහළ තියෙන drawer එක ඇදලා ඒකේ ඇතුළටම වෙන්න හන්ගලා තියෙන ඩන්හිල් පෙට්ටියෙන් එකක් අතට අරගෙන drawer එකේම තිබ්බ පොඩි lighter එකෙන් පත්තු කරගත්තු එක.. ආයෙත් හිටිය විදියටම ඇවිත් ඇඳට වැටුණා.. කලින්ට වැඩිය වෙනසකට තියෙන්නෙ දැන් එක අතක ඇඟිලි දෙකක් අතරෙ හිරවෙලා දැල්වෙන සිගරට් එක විතරයි..
ඊයෙ රෑ ලෝක බොරුවක් ගහලා ගෙයින් එළියට පනිද්දි හිතේ තිබ්බ සතුට, ආසාව ඊටපස්සෙ ගෙවිලා ගිය පැය ගාණ ඇතුළෙදි කොහෙට වාශ්ප වුණාද කියලවත් මේ වෙද්දි හොයාගන්න බැරි තරම්.. රෑ පුරා සිද්ධවෙච්ච දේවල් එකින් එක ආයෙ මතක් කරද්දි අනුදිතට ගලපගන්න බැරි හිස්තැන් තවත් ඉතුරුයි. ඔක්කොටම වඩා ඔළුවෙ අවුල තියෙන්නෙ තේජගෙ අම්මා ගැන අභිරුගෙන් දැනගන්න ලැබුණු දේවල්..

ESTÁS LEYENDO
Wrong Number !! | වැරදි අංකයක් !! ⏱️
No Ficciónමට කල්ප කාලාන්තරයක් ඔයා නමින් බලාගෙන ඉන්නවා කියලා අනිත් හැමෝම කරනවා වගේ දිවුරන්න නම් බැරිවෙයි.. මොකද මම එහෙම හිතපු කිසි කාලෙක ජීවිතේ එච්චර සුමට විදියට නතර වෙලා තිබ්බෙ නෑ.. ඒත් ඔයා නමට මගෙ හිත බරවෙලා තියෙන මේ කාල වකවානුව ඇතුළෙ, බැරිද අනිත් ඔක්කොම ඔහො...