"හම්මට යුවළම එකට ඇවිත් වගේ.. හා හා හා ඔහොම යමන් අභියා ඔහොම යමන්.."
Rooftop එකට ගොඩවෙච්ච අභී දිහත්, ඊට පිටි පස්සෙන් ආපු අනූ දිහාත් මාරුවෙන් මාරුවට බලන ගමන් කෑ ගහපු මිහිත්ගෙ කටහඬට අනිත් තුන් දෙනත් හැරිලා බැලුවා.. එතන හිටියෙ වෙන කවුරුත් නෙවෙයි.. කේෂු, තේජ වගේම K.D... මිහිත් හිටියෙ උගෙම birthday party එකට බැලුම් බෝල පුම්බන ගමන් වෙද්දි කේෂු එතන තිබ්බ BBQ machine එකේ වැඩ භාර අරගෙන.. තේජ dinner table එක තව පැත්තක arrange කරද්දි K.D තව තැනක ඉඳන් bite plates ටික ලෑස්ති කරනවා.. Birthday party මුවාවෙන් දාලා අද රාජකීය ගැසිල්ලක්ද මන්දා තියෙන්නෙ. එච්චරට bottles තිබ්බා mini bar එකේ..
ආහ් කියන්න අමතක වුණානෙ. ඔය තියෙන්නෙ මිහිත්ලෑ ගෙදර.. උඩම තියෙන rooftop එක මිහිත්ගෙ තාත්තා හදලා තිබ්බෙ පොඩි private club scene එකකට අනුව.. තැනින් තැන තියලා තිබ්බ පුංචි tables, chairs වගේම හරි මැද හදලා තිබ්බ mini bar එකත් එතනට ගෙනාවෙ වෙනමම vibe එකක්. හැබැයි ඉතිං මිහිත් එක්ක කොල්ලො ටික ඇරුණම වෙන කවුරුත්ම මෙතනට දැන් එන්නෙ නැතිම තරම්.. මිහිත්ගෙ අම්මා ගේ හදද්දිම තට්ටු හතරකට හදනවට එක හෙළාම විරුද්ධ වෙලා තිබ්බෙ මටනම් බෑ තට්ටු නැග නැග මේවා අතුගාන්න අස් කරන්න කියලා. හැබැයි ඉතිං තාත්තා හැදුවෙත් තට්ටු හතරකටම තමයි..
වර්තමාන ජනාධිපති උපදේශකවරයා හැටියට ඔහොම ගෙයක් නොතිබ්බොත්නෙ පුදුමෙ.. හැබැයි ඉතිං අර කිව්වත් වගේ මිහිත්ගෙ අම්මා නෙවෙයි කොයිම වෙලාවකවත් මෙතන අස් කරන්න එන්නෙ. අප්පලා පුතාලටම බලාගන්න දීලයි තියෙන්නෙ.
මිහිත්ගෙ පවුලෙ මිහිත් ඇරුණම ඉන්නෙ අක්කයි නංගියි. කොල්ලා තමයි මැදා.. ඒක හින්දමද මන්දා හැම වෙලාවකම වගේ මිහිත්ව හැදුණෙ, වැඩුණෙ ටිකක් අත ඇරිලා.. ඕනම පවුලක මැද එකාට ඒ වගේ පුංචි අසාධාරණයක් සිද්ධවෙනවා කියලා හිතෙන්නැද්ද?
අක්කා ගත්තම, පොතේමයි.. කොයි වෙලේ බැලුවත් පත සයිස් බෝල කණ්ණාඩි දෙකක් දාගෙන පොත් කියව කියවමයි එයා ජීවත් වෙන්නෙ. මේ දවස්වල degree එකක් කරන්න Indea ගිහින් නිසා පේන්න නෑ. නංගි ගත්තම ඒකෙ සම්පූර්ණ අනිත් පැත්ත. තනි කොල්ලා..!! මිහිත් නම් කියන්නෙ මේකි මේ කොලු නැකතක ඉපදිච්ච කෙල්ලෙක් කියලා.

YOU ARE READING
Wrong Number !! | වැරදි අංකයක් !! ⏱️
Non-Fictionමට කල්ප කාලාන්තරයක් ඔයා නමින් බලාගෙන ඉන්නවා කියලා අනිත් හැමෝම කරනවා වගේ දිවුරන්න නම් බැරිවෙයි.. මොකද මම එහෙම හිතපු කිසි කාලෙක ජීවිතේ එච්චර සුමට විදියට නතර වෙලා තිබ්බෙ නෑ.. ඒත් ඔයා නමට මගෙ හිත බරවෙලා තියෙන මේ කාල වකවානුව ඇතුළෙ, බැරිද අනිත් ඔක්කොම ඔහො...