"පිස්සුද මනුස්සයො.. උඹ මේ කොහෙ ඉන්න මාරියෙක් ගැනද කියව-----"
"මාරි? කවුද චූටි පුතා මාරි කියන්නෙ..?"සාහිතට බැනුම සම්පූර්ණ කරගන්න වුණේ නැත්තෙ ඒ වෙද්දිත් පඩිපෙළ නැගගෙන juice දෙකකුත් අතින් අරගෙන ඇවිත් හිටිය පවිත්රාගෙ කටහඬ ඇහුණු නිසා.. හරිනෙ ඉතිං.. ඔය කරේ... දැන් දීපල්ලකො උත්තර..!
"හරිනෙ.. කාලා වරෙන්කො දැන් ඉතිං.. උඹ මොකක්හරි නොහොබිනා කතාවක් කියලා අම්මව ඇවිස්සුවොත් බලපන් චූටි මං උඹට කරන වැඩේ.."
පවිත්රා එන දිහා බලාගෙනම සාහිත කුටු කුටු ගාලා අනුදිතට බනින්න ගත්තෙ පුත්තරයගෙ කට ගැන සෑහෙන ලොකු අවබෝධයක් තාත්තට තියෙන නිසා..
Juice දෙකකුත් උස්සගෙන ආපු පවිත්රා ඒ දෙකම තාත්තගෙයි පුතාගෙයි අතට දීලා ආයෙමත් කලින් ප්රශ්නෙම වෙන විදියකට ඇහුවා..
"කවුද සාහිත මාරි කියන්නෙ.. Office එකේ කවුරුහරිද?"
අද ඉතිං මාරිගෙ උප්පැන්නෙ ඉඳලම හොයාගෙන මිසක් පවිත්රා නම් මෙතනින් යන්නෑ කියලා අත්දැකීමෙන්ම දන්න නිසා අනුදිතත් කට වහගෙන අතට ගත්තු juice වීදුරුව කටේ ගහගත්තෙ තාත්තා ඕන විදියකට ඕක විසඳගනියි කියලා හිතලා.. ඕවට අත දාන්න ගිහින් පවුල් ප්රශ්න ඇති කළා කියලා නිකරුණෙ කතා හදාගන්න ඕන නෑනෙ අනේ..!
"කෝ මොන.. මොන මාරියක්ද..! ආහ් මේ චූටිට චිකන් හොද්දක් එක්ක මාරි බිස්කට් කන්න ඕනෙලු කියන්නෙ.."
ඔළුවෙන් අනුදිතව පෙන්නලා ඇඟේ පතේ නොගෑවී බේගලයක් අතෑරපු සාහිතත් අහක බලාගෙනම බීම වීදුරුව කටේ ගහගත්තෙ අනුදිතට ඒ කිව්ව එක අහලා කැස්සකුත් හැදිලා මැරෙන්න වගේ කහින්න පටන් ගද්දි..පවිත්රාත් ඉතිං මූණ දෙල් ගෙඩියක් වගේ කරගෙන අනුදිත දිහා බැලුවා..
"චිකන් හොදි එක්ක මාරි බිස්කට්? ඒ මොන කෑමක්ද ළමයො ඒ.."
"නෑ අම්මේ මේ...."
"මල්ලිකාව යවලා පාන් ගෙන්නගෙන මෙන්න මූට කන්න දෙන්න පවිත්රා.. පොඩි එකාගෙ ආසාවෙනේ. මම wash එකක් දාගන්න යනවා ඔයා චූටි එක්ක කතා කරලා ඇවිත් මගෙ ඇඳුමක් මැදලා දෙන්න.."

KAMU SEDANG MEMBACA
Wrong Number !! | වැරදි අංකයක් !! ⏱️
Nonfiksiමට කල්ප කාලාන්තරයක් ඔයා නමින් බලාගෙන ඉන්නවා කියලා අනිත් හැමෝම කරනවා වගේ දිවුරන්න නම් බැරිවෙයි.. මොකද මම එහෙම හිතපු කිසි කාලෙක ජීවිතේ එච්චර සුමට විදියට නතර වෙලා තිබ්බෙ නෑ.. ඒත් ඔයා නමට මගෙ හිත බරවෙලා තියෙන මේ කාල වකවානුව ඇතුළෙ, බැරිද අනිත් ඔක්කොම ඔහො...