ඇස් දෙකත් ලොකු කරගෙන අභිරු දිහාවයි තමන් දිහාවයි මාරුවෙන් මාරුවට බලන ගමන් පඩිපෙළ දිගෙ පහළට බහින අම්මව දැක්ක ගමන් අනුදිත ආයෙත් ඊතළේ වගේ හැරුණෙ අභිරුගෙ පැත්තට.. තියෙන අංග චලන, අභිරූපන ඔක්කෝම දාලා රහස් භාශාවෙන් කිව්වෙ "අම්මා ඉස්සරහදි අනවශ්‍ය කතාවක් කිව්වොත් අද උඹ ඉවරයි" කියන එක.. අභිරුත් ඉතිං ඒ ඇක්ෂන් ඔක්කෝම බලන් ඉඳලා ඇහැක් ගහලා එකඟතාවය පළ කළා..!
පවිත්‍රා හිනාවීගෙනම ඇවිත් ළඟින් හිටගත්තම අභිරුත් ඉඳගෙන හිටිය තැනින් නැගිටලා පවිත්‍රා එක්ක කට පුරා හිනාවුණා.
"මේ අපේ චාන්‍යාගෙ කොලු පැටියා නේද.. අනේ ඉතිං දැක්ක කල්.. මොකද දැන් මේ වලිකාරයෝ දෙන්නා යාළුවො වෙලාද මේ පැත්තෙ එන්න හිතුනෙ..?"
පවිත්‍රා අභිරුගෙ අතකිනුත් අල්ලගෙන කියන්න ගත්තෙ ඇත්තම සතුටකින්. මොකද ඔය ජෝඩුවගෙ වලි ගැන පවිත්‍රා දන්නෙ අදක ඊයෙක ඉඳන් නෙවෙයි. මොනවට ගහ මරාගන්නවද කියලා නොදන්නවා වුණත් තාත්තලා දෙන්නගෙ තරහා මරහත් ඕවට බලපාලා ඇති කියන්න පවිත්‍රා දැනන් හිටියා.. ඉස්සර සැරින් සැරේට කොහේහරි වලියකට පැටලිලා මූණ, කට, අත පය ඔක්කොම තුවාල කරන් ගෙදර එන අනුදිත ඇවිල්ලා කරන්නෙත් අභිරුට බනින එක.. සමහර වෙලාවට වලි විසඳිලා තිබ්බෙ එකෙක් දෙන්නෙක් hospital වල නවත්තලා.. ඔය වගේ වෙලාවට පවිත්‍රා නම් කොච්චරවත් "ඔය දරුවා එක්ක මරාගන්න එක නවත්තනවා චූටි. මොන විකාරයක්ද මේ හැමදාම" කියලා අනුදිතට බැන්නත් සාහිත නම් කරන්නෙ "අධිකාරිලා ඔක්කොම එකයි.. ගැහුවොත් උඹත් ගහපන් චූටි" කියලා අනුදිතව spoil කරපු එක.. ඉතිං එහෙව් තත්වෙක හිටිය කොල්ලො දෙන්නා අද මේ එකට ගෙදර ඇවිත් එන්න එකම පවිත්රාට මදිද සතුටුවෙන්න..!!
"හෙලෝ ආන්ටි.. හොඳින් ඉන්නවා නේද.. කෝ අන්කල්?"
"අන්කල්ලා ඉතිං කොයි වෙලාවකවත් ගෙදර ඉන්න මිනිස්සු නෙවෙයිනෙ පුතා.. එයා අදත් ඔන්න ඔය galle පැත්තට ගියා මොකක්ද hotel එකක වැඩක් බලන්න කියලා.. කෝ ඉතිං දැන් මං අහපු එකට උත්තර දුන්නෙ නෑනෙ.. දෙන්නා දැන් යාලුවොද?"
"අනේ මගෙ නම් ඇති යාලු කමක් නෑ අම්මා.. මං බෑ කියද්දි ඌ තමයි බලෙන්ම එල්ලීගෙන ගෙදර ආවෙ.."

DU LIEST GERADE
Wrong Number !! | වැරදි අංකයක් !! ⏱️
Sachbücherමට කල්ප කාලාන්තරයක් ඔයා නමින් බලාගෙන ඉන්නවා කියලා අනිත් හැමෝම කරනවා වගේ දිවුරන්න නම් බැරිවෙයි.. මොකද මම එහෙම හිතපු කිසි කාලෙක ජීවිතේ එච්චර සුමට විදියට නතර වෙලා තිබ්බෙ නෑ.. ඒත් ඔයා නමට මගෙ හිත බරවෙලා තියෙන මේ කාල වකවානුව ඇතුළෙ, බැරිද අනිත් ඔක්කොම ඔහො...