Somebody to you

1.4K 335 71
                                    

Jk p.o.v.

මං සිංදුව කියද්දි හියුන්ගෙ හැම වෙනසක් දිහාම හොදට බලාගෙන හිටියේ. හියුන් ඇස් දෙක පියාගෙන ඒක අහන් හිටියා. එයාගෙ තොල් වල තිබ්බෙ ලස්සන හිනාවක්. මං හියුන් දිහා වශී වෙලා වගේ බලාගෙන හිටියා. ඒ තරම් ලස්සනක්. යුමී හරිම ලකී කෙනෙක්. මට දුක හිතුනත් මං යුමී ගැන ඇත්ත්ටම සතුටු වුනා. මේ ලෝකෙ කිසිම කෙනෙක්ට ලේසියෙන් හම්බවෙන කෙනෙක් නෙමේ එයාට හම්බවෙලා ඉන්නේ.

මං සිංදුව නතර කරලා හියුන් දිහා බලාගෙන හිටියා. එයා තාමත් ඇස් පියාගෙන.

" ඇය් නැවැත්තුවේ? ඒක ලස්සනය් හුගක්"

හියුන් එහෙම කියද්දි මගෙ හිතට දැනුනෙ අමුතු උණුසුමක්. මට ඒක විස්තර කරන්න ඇත්තටම තේරෙන්නෑ.

" දැන් මං කිව්වනෙ ඊලගට හියුන් කියන්න"

මට හියුන්ගෙ කටහඩ අහන්න ඇත්තටම ලොකු ආසාවක් තිබ්බා. හියුන් කතා කරද්දි අටහඩ මෙච්චර ලස්සන නම් සිංදුවක් කියද්දි කොච්චර ලස්සන ඇද්ද?

" අද නම් බෑ ජන්කුක් වෙන දවසක "

" අපෝ මොකද්ද හියුන්. කියන්නකෝ "

" ඇත්තටම ජන්කුක් මට සිංදුවක් මතක් වෙන්නෑ. මං සිංදුවක් කියන විදියවත් මට මතක නෑ "

" අපෝ හියුන් ඔයා බොරු කියන්නේ. කියන්නකෝ "

මං පොඩි එකෙක් වගේ කියවන්න ගත්තේ. හියුන් නම් හිනා වෙනව. මහ නරකය් හියුන් ඔයා.

" මං පොඩ්ඩක් ප්‍රැක්ටිස් වෙලා ඇවිත් ඔයාට කියල පෙන්නන්නම් "

" මං තරහය් හියුන් එක්ක. මා බොරු කියල මගේ කටින් සිංදුවක් ගත්තා "

මං තරහය් කිව්වට තරහ නෑ ඉතින්. ඒ වුනාට හියුන් නරක වැඩේ කලේ හුම්ම්.

" මට පාඩු වෙය් තරහ වුනාම. "

" මටත් පාඩු වෙය් "

" හරි මං වෙන දවසක කියනව කියල ප්‍රොමිස් වෙනවා."

" දැනුත් කියනව කියල ප්‍රොමිස් වුනා නෙ ඒත් කිව්වෙ නෑ නෙ. මට ශුවර් නෑ "

" හපෝ මේ කොල්ල එක්ක නම් මට ලේසි වෙන්නෑ. දැන් මං ඔයාව යාලු කරගන්න මොකද්ද කරන්න ඕනේ "

Contingence... ✔️✔️Where stories live. Discover now