Winter bear

1.3K 320 58
                                    

Jk p.o.v.

හියුන් සෑහෙන වෙලාවක් මගෙ උරහිසෙන් ඔලුව තියාගෙන ඇඬුවා. එයා හුග කාලයක් මේ දෙවල් තනියම දරාගෙන තියෙනවා. මං එයාගෙ කෙස් අතරින් මගෙ ඇගිලි යවලා හිමීට ඒ ඔලුව පිරුමැද්දෙ ඒකෙන් එයාට තව ටිකක් සහනයක් දැනෙය් කියලා.

මට හියුන්ගෙ හිත හැදෙන්න කියන්න ඕනේ මොනවද කියල හිතාගන්න බෑ හියුන්. මට පුලුවන් ඔයාව සතුටින් තියනවා කියලා පොරොන්දු වෙන්න විතරය්.

එකපාරටම හියුන් ඔලුව උස්සලා කදුලු පිහදාල ආපහු කතා කරන්න ගත්තා.

"තෑන්ක්ස් කුකී....මේවා අහන් හිටියට... ඔයා ඉද්දි මට ඒ පාළුව දැනෙන්නෙ නෑ ඒකය් මං මේ දේවල් ඔයාට කිව්වේ..."

"කමක් නෑ හියුන්... හියුන්ට ඕනෙම දෙයක් ආයෙ මට කියන්න පුලුවන්..."

"එහෙනම් අපි යං නේ... මං හුගක් වෙලා අඩලනේ...."

" අය්යොහ් ඕක මොකද්ද හියුන් ...."
මං හිනා වෙලා කිව්වේ හියුන්ගෙත් මූනේ හිනාවක් ඇදෙද්දි.

"මං වාහනේ ගන්නද ඔයාම ඩ්‍රය්ව් කරනවද? "

"ම්ම්ම්ම්.....හියුන් ගන්න. එතකොට මට හූ කිය කිය වුනත් යන්න පුලුවන් නේ..."

මං මගෙ දත් සෙට් එකම පෙන්නල විරිත්තලා කිව්වම හියුන් හිනාවෙලා මගෙ කොණ්ඩෙන් ඇවිස්සුවා. එහෙම කරද්දි නම් ඉතින් මගෙ මුලු ඇගම අමුතු විදියකට ගැහෙන්න ගත්තා. එයා මට ආදරේ නැතත් එයා මට සලකන විදියට මං ආස කලා. මොකුත්ම නැතුව ඈතින් ඉන්නවට වඩා මේ විදිය හොදය්නෙ කොහොමත්...

අපි මුලින් වුනු දේ සම්පූර්නයෙන්ම අමතක කරලා දාලය් හිටියේ. මංවත් හියුන්වත් ඒ දේ ගැන මතක්කලේ නෑ. අපි මුලු බුසාන්වලම ඇවිද්දා. හැම තැනක්ම බලන්න ගියා. මං නම් ඉතින් පොඩි එකෙක් වගේ හැමතැනම දුවන එක තමා කලේ. මාත් මේවගේ ගමනක් ආවෙ අවුරුදු ගානකට පස්සේ.

මම නම් හැම තැනම දුව දුව හැම තැනින්ම කෑම කකා පුදුම විනෝදෙකින් හිටියේ. හියුන් වැඩිපුරම හිනාවුනේ මගෙ වැඩ දැකලද කොහෙද. හියුන් මං ඉල්ලන ඉල්ලන දේ අරන් දුන්නා. මං හියුන්ට කරදර නොකර තනියම ගන්න හැදුවත් හරි ගියේ නෑ. කියන එකක් අහන්නෑනෙ. ඔන්න ඔහෙ වියදම් කරපු දෙන් කියලා මාත් කට පියන් හිටියා.

Contingence... ✔️✔️Where stories live. Discover now