Nobody knows

1K 264 98
                                    

Jk p.o.v.

පාටි එක වෙලේ හියුන් වගේම හැමෝම.හිටියෙ හුගක් සතුටින්. එක එක්කෙනා පාටි එක ඉවර වුනාට පස්සෙ අපිට විශ් කරලා ගෙදරින් ගියේ අපි දෙන්නව විතරක් ඉතුරු කරලා. හියුන් මගෙ ලගට ඇවිත් මාව හග් කලේ උතුරන ආදරේකින්. එයාගෙ ඇස්වලින් මං ඒක දැක්කා. මාත් හියුන්ට ආදරෙන් තව තවත් තුරුල් වුනා.

" තෑන්ක්ස් කුකී.... හැමදේකටම....."

" තෑන්ක් කරන්න එපා හියුන්... මං කැමති නෑ....."

" නැතුව ඉතින් මං වෙන මොනව කියන්නද....? "

හියුන් තව ටිකක් මාව එයාගෙ පපුවට තුරුල් කරගනිමින් කිව්වා.

" මං එහෙම කියනවට කැමති නෑ. තෑන්ක් කියන වචනෙ වෙනුවට වෙන වචනයක් කියන්න...."

මං හියුන් එක්ක චුට්ටක් හුරතල් වෙන්න හිතන් කිව්වා. මගෙන් ඈත් වෙලා ඊට පස්සෙ එයා උඩ බල බල කල්පනා කරන්න ගත්තේ රිප්ලේස් කරන්න වචනයක් හොයන්න වෙන්න ඇති. මමත් අත් දෙකත් බැදගෙන හිනා වෙවී බලන් හිටියෙ හියුන්ගෙ මේ හුරතල් වැඩ දිහා.

" ම්ම්ම්ම්.....වෙන වචනයක් නේ.....? "

" දැන් හොයා ගත්තද වෙන වචනයක්...? "

මං හිනා වෙවීම ඇහුවා. නිකමට කිව්ව එකත් මෙයා මෙච්චර හිතනවද...?

" හොයාගත්තා...."

පොඩි එකෙක් වගේ හිනා වෙවී ආපහු හියුන් මගෙ ලගට ඇවිත් හිටගත්තා. මං එයාගෙ ඇස් දිහාම.බලාගෙන හිටියෙ වශී වෙලා වගේ. ඒ ඇස්වා ආදරේ පිරිලා.

" කියන්න බලන්න එහෙනම්...."

මමත් තව චුට්ටක් හියුන්ට ලං වෙමින් කිව්වා.

" ආදරෙය්....."

හියුන් ලස්සනට හිනාවෙලා එක පාරටම එහෙම කිව්වම මං හියුන් දිහා බලාගෙන හිටියෙ ඒ මොකද්ද ඒ කිව්වෙ කියලා තේරුම් ගන්න බැරුව.

" මොකක්....? "

" ඇය් දැන් කිව්වෙ තෑන්ක් කියන වචනෙ වෙනුවට වෙන වචනයක් රිප්ලේස් කරන්න කියලා. මං රිප්ලේස් කරපු වචනෙ තමය් ආදරෙය් කියන එක...."

හියුන් මගෙ මූනට එබිලා කතා කරා.

" අම්මෝ මෙයා නම්...."

Contingence... ✔️✔️Where stories live. Discover now