Flashback......
Jk p.o.v.
හියුන් ඒ වෙලාවෙ ගත්තු තීරනේ හරි. එතන අන්කල් ජන්ග් ඉන්නව නම් අනිවාරෙන් මං ඔතනට ගියොත් ලොකු ප්රශ්නයක් වෙනවා. ඔම්ම මේ වෙලාවෙ ඉන්න තත්ත්වෙත් එක්ක තවත් ප්රශ්නයක් හියුන්ගෙ ඔලුවට දාන්න මට ඕනෙ නෑ. හියුන්ව තවත් පරක්කු නොකර ඔම්ම ගාවට යවන්න ඕනෙ නිසය් මං තනියම ගෙදර යන්න පොරොන්දු වුනේ.
මං ටැක්සි එකක එන්නැතුව පය්න්ම අපාට්මන්ට් එක දිහාවට ඇවිදගෙන ආවා. මගෙ මුලු හිතම මහ අමුතු භයානක හැඟීමකින් පිරිලා. අනේ ඔම්මටවත් මගෙ හියුන්ටවත් කරදරයක් නම් වෙන්න එපා. මං හිතින් හිත හිතම පාර දිගේ ඇවිදගෙන ගියා. ඒත් මගෙ හිතට කිසිම සහනයක් දැනුනෙ නෑ...
යන ගමන් හෙට ඔම්මට කෑම හදාගෙන යන්න ඕනෙ බඩු මුට්ටුත් අරගෙන මං අපාට්මන්ට් එකට ආවා. හියුන්ගෙන් තාම කෝල් එකක්වත් නෑ. මොං ෆෝන් එක මේසෙ උඩින් තියලා කිචන් එකට ගියේ බඩු ටික අස් කරන්න.
මං බඩු අස් කරමින් ඉද්දි මට තේරුනා කිචන් එකේ ඉන්නෙ මං විතරක් නෙමේ කියලා. හියුන්....???? ඒත් එයා ඩේගු ගියානේ....?? වෙන කාටවත් මේ ගේ ඇතුලට එන්න විදියක් නෑ නේ....?? කව්ද මේ....?? මගෙ මුලු ඇගම හිරි වැටිලා ගියා. කවුරුවුනත් හියුනුත් නැති වෙලේ ගේ ඇතුලෙ ඉන්නෙ හොදකට නෙමේ.
මං බයෙන් බයෙන් අදුරෙම අතපත ගෑවෙ මගෙ ආරක්ශාවට මොකක් හරි දෙයක් හොයාගන්න.
ඒ....ඒත්....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
එක පාරටම මට දැනුනේ තියුණු දෙයක් මගෙ පිට කොන්ද පසාරු කරගෙන යනවා වගේ....වුන කිසිම දෙයක් හිතාගන්න බැරුව මං අමාරුවෙන් පිටිපස්ස හැරුණේ මාව මරන්න උවමනා කාටද කියලා බලන්න. ඒත් හිටියෙ මහ මැර පෙනුමක් තිබ්බ හැඩි දැටි මනුස්සයෙක්.
"ත....තමුසෙ ක....කව්ද....?? ඇය් මෙහෙම කරන්නේ....?? "
මං අමාරුවෙන් බිත්තිය අල්ලන් කතා කලා. මොකද්ද මේ එක පාරටම වෙන්න යන්නේ...?
" හහ්....මට හිතාගන්න පුලුවන් ඇය් කිම් ටේහ්යුන්ග් තමුන්ව තියාගත්තෙ කියලා..."
ඒ මිනිහා මගෙ උඩ ඉදන් පල්ලෙහාට මහ ජරා බැල්මක් හෙලලා කිව්වා. මේ මිනිහා මොනවද මේ කියවන්නේ...? හියුන් මාව තියාගත්තා...?? එතකොට මෙයා කොහොමද හියුන්ව දන්නේ...?
