Hold me tight

1.3K 308 31
                                    

Tarhyung p.o.v.

මං හැමදේම කුකීට කිව්වා... ඔව් මං දැනගෙන හිටිය මෙච්චර කල් කාටවත් නොකිව්ව හැමදේම. මට ඒ දේවල් කියන්න පුලුවන් වුමෙත් කුකීටම විතරය්. හැමදේම අතෑරලා එයා ගාවට ගියාම එයා කලේ මාව ආදරෙන් බාර ගත්තු එක. මාත් එයාට ආදරේ කරනවද කියලා එයා ඇහුවෙ නෑ. හැමවෙලේම කුකී හිතුවෙ මගෙ සතුට ගැන විතරය්. එයා වගේම මාත් එයාව කොහොමහරි සතුටින් තියනවා. එයා මට දෙනව වගේම එයාටත් ආදරේ දෙන්න මං පොරොන්දු වෙනවා...

End of Taehyung p.o.v.

********

Jk p.o.v.

" කුකී ලෑස්ති වෙන්න අද ඉදන් ඔයා ඉන්නෙ මෙහෙ නෙමේ... "

" මොකක්...??? "

" අද ඉදලා ඔයා ඉන්නෙ මාත් එක්ක මගෙ අපාට්මන්ට් එකේ "

හියුන් එක්ක හියුන්ගෙ අපාට්මන්ට් එකේ ඉන්නව කියල නේද ඒ කිව්වේ.... මට කියාගන්න බැරි සතුටක් දැනුනේ.... මගෙ මූනෙ හිනාවක් ඇදෙනව දැක්ක හියුන්ටත් හිනා ගියාද කොහෙද... ඔව් හැමදේම හොද විදියට වෙය්... දැන් ආපහු හියුනුය් මාය් විතරය්... හරියට අපි ගියපු ට්‍රිප් එක වගේ... දෙන්නටම හුගක් සතුටින් ඉන්න පුලුවන් වෙය්...

මගෙ බඩු ටික පැක් කරගන්න හියුනුත් උදව් කලා. අපි බඩු පැක් කරලා ඉවර වෙද්දි හුගක් රෑ වුනා. මං බෝඩිං හව්ස් එකේ කී එක ගෙවල් අය්තිකාරයට භාර දීලා හියුන් එක්ක කැබ් එකට නැග්ගේ හියුන්ගෙ අපාට්මන්ට් එකට යන්න.

" හියුන්... "

"ම්ම්ම්... "

" මේ දේවල් නිසා හියුන්ට නරකක් වෙය් කියලා මට බයය්... "

ඔව් ඇත්තටම ඒ බය මගෙ හිතේ තිබ්බා. මං හියුන් එක්ක එයාගෙ අපාට්මන්ට් එකේ ඉන්නෙ කියලා අනික් අය දැනගත්තොත් අපි දෙන්නට මොන වගේ කතා හදය්ද? හියුන්ගෙ තත්ත්වෙටත් ඒක හරි නෑ. ඉස්සරහට මොනව වෙය්ද? මට ඒ ගැන තිබ්බෙ බයක්...

" මොනව වෙන්න්ද? "

" හියුන්ට නරක කතා හැදෙය්... ඒක හියුන්ගෙ තත්ත්වෙට හොදත් නෑ... මං නිසා හියුන්ට එහෙම වෙනවට මං කැමති නෑ... "

මං එහෙම කිව්වම හියුන් එයාගෙ අතකින් මගෙ එක අතක් තද කරල අල්ලගත්තා. ඇත්තටම ඒ දෙය්න් මං හුගක් පුදුම වුනා. හියුන් වෙනදට මෙහෙම හැසිරෙන්නෙ නෑ. අද හියුන් වෙනස්.

Contingence... ✔️✔️Where stories live. Discover now