Kiya's p.o.v
- "කියාරා! ශිවී! මාර නිව්ස් එකක් හම්බුණේ! මේ බලන්නකො."
කාමරේ ඇතුළෙ ඉඳන් නුවියා කෑ ගහගෙන ආපු විදිහට මන් හිතුවෙ එයා ෆෝන් එක ඔබ ඔබ හිටපු නිසා කොල්ලෙක්වත් සෙට් වෙලා ඇති කියල. තියෙන සතුටටත් එක්කම මම නුවියගෙන් ප්‍රශ්න වැලක් අහන් ගියා.
"ඒයි කොල්ලගෙ නම මොකක්ද?විස්තර කියන්න ඉතින්. ඔයා එහෙනම් ඉස්සර උනා ඈ ඔක්කොටම කලින්. කමක් නෑ ශ්‍රී ලංකන් යක්ඛ පුතෙක්ද නැත්තම් කොරියන් ඔප්පෙක්ද ඒමත් නැත්තම් ඉන්දියන් පූසාරි ටයිප් කෙනෙක්ද?"
මන් අහපු ප්‍රශ්නවලට ශිවී නම් බය වෙලා වගේ කන්න ගත්තු රාමෙන් එකත් කටට අරන් ආයෙ කප් එකට දැම්මා.
- "ඈ නුවී, ඔයාගෙ අක්කටවත් කියන්නැතුවද කොල්ලෙක් සෙට් කර ගත්තෙ. මොනා උනත් ඒකට නම් හදවතේ අයිනෙ පොඩි කෑල්ලක් කැඩිලා ගියා වගේ. ඔයාට මට කියන්න තිබ්බා කලින්. මොනා උනත් අපි දෙන්නා එක ගෙදර එක බත් එක ආ නෑ නෑ බත් පිඟන් දෙක බෙදාගෙන කෑවෙ.හරිම වේදනයි මට."
ශිවීට දුක හිතිලා වගේ ඕක කිව්වට මන් දන්නව කොල්ලගෙ නම කියපු ගමන් එයා මායා වැහුන මාලන් වගේ අනිවා නුවීගෙ බෙල්ලෙන්ම අල්ලගෙන දෙහි කපනව කියල.
- "ඈ! ඔයාලා දෙන්නා මොනවා කියවනවද මන්දා? කොල්ලෙක් තියා බල්ලෙක්ගෙ නම්බර් එකක්වත් ෆෝන් එකේ නැති මට මැක්කෙක්වත් සෙට් වෙයිද?"
"ආ එහෙම එකක් නැද්ද? මන් හිතුවෙ ඔයා දුවගෙන ආපු වේගෙට ඔය වගේ මොකක් හරි එකක් අපිට කියන්න හදන්නෙ කියලා."
- "මන් මල් නම් කඩනව. හැබැයි ඒ බුදු සාධුට පූජා කරන්න. නැතුව වෙන ඒවට නෙමේ."
- "ආ මේ දැන් කියන්න ආපු නිව්ස් එක කියන්නකො."
ශිවී එහෙම කිව්වම මාත් සැදී පැහැදී රාමෙන් එකත් අරන් ඉඳ ගත්තෙ ෆිල්ම් එකක් බලනව වගේ නුවියා කට හදන් කියන්න හදන නිව්ස් එක අහන්න.
- "මෙන්න මේකයි. මන් ෆෝන් එකේ මැසේජ් බල බල ඉන්නකොට නිහාරා පොඩි බඩ්ඩක් එවල තිබ්බා.ඒක අහපු ගමන් මට නියම අයිඩියා එක්ක් ආවා."
"ඉතින් කියන්නකො මොකක්ද එව්වෙ කියලා."
- "ආ හරි හරි මෙන්න මේකයි.HYBE එකට අලුතෙන් ප්‍රයිවට් සෙකට්‍රි කෙනෙක් තෝර ගන්නවලු. මරු නේද?"
YOU ARE READING
Random Opportunity
Randomඅහම්බෙකින් හම්බුණ අවස්ථාවක් නිසා මගෙ මුලු ජීවිතේම වෙනස් වෙයි කියලා මම කවදාවත් හිතුවෙ නෑ.. ඒත් මම ආසයි ඒ වෙනසට.. ඒ වෙනසට මම හැමදාමත් ආදරේ කරා...!