Chapter 21

134 26 189
                                    

Kiya's p.o.v

- "කියාරා මන් මේ කතාව තාම ඔයාට කියලා ඉවර නෑ."

"ඒ කිව්වෙ?"

- "දැන් තමයි කතාව පටන් ගත්තෙ."

"මට තේරුනේ නෑ."

- "අපේ අප්පා ඔය වැඩේට සම්බන්ධයි කියන්න සාක්ෂිත් නෑ. සම්බන්ධ නෑ කියන්න සාක්ෂිත් නෑ. මන් හිතන්නෙ එයා මේකට සම්බන්ධයි."

"දැන් ඔයාමනෙ කිව්වෙ සාක්ෂි නෑ කියලා. ඉතින් පිළිගන්නෙ කොහොමද?"

- "මන් හිතන්නෙ සාක්ෂි තියෙනවා. අපේ ගෙදරම! මට හිතෙන්නෙ ටූනා කියන මනුස්සයා අපේ අප්පා යටතෙ වැඩ කරන කෙනෙක්."

"ගෙදරම?"

- "ඔව් අප්පාගෙ රූම් එකේ. එයා ගෙදර එන්නෙ කලාතුරකින්නෙ. ඉතින් එයා අඳුරන කවුරුවත් අපේ ගෙදරට එන්නෙ නෑ. අප්පාගෙ රූම් එක ඇතුළෙ වෙනම තව ඔෆිස් රූම් එකක් තියෙනවා. මන් හිතන්නෙ ඒකෙන් අපිට මොනවා හරි හොයා ගන්න පුලුවන් වෙයි."

"වැඩිය ගෙදර එන්නෙ නැත්තම් මොකටද ගෙදර ඔෆිස් රූම් එකේ එයාට වැදගත් වෙන ඒවා තියන්නෙ?"

- "ඒකම තමා රහස. එයා වැඩිය ගෙදර එන්නෙත් නැත්තම් ගෙදරට එයා අඳුරන අය එන්නෙත් නැත්තම් ගෙදර ඉන්න අය එයාගෙ රූම් එකට යන්නෙත් නැත්තම් එතන තමා රහස් දෙයක් තියන්න හොඳම තැන."

"ඔයාට හොඳටම ෂුවර්ද?"

- "ඔව් එන්නකො මාත් එක්ක."

ජී හුන් මාවත් ඉස්සර කරන් පඩිපෙළ නැගගෙන ගියා. එයා එන්න කිව්වට කොහෙද යන්නෙ කියලවත් දන්නෙ නැති මන් එයා පස්සෙන්ම ගියා. ටික දුරක් ගිහින් එයා රූම් එකක් කියලා හිතන්න පුලුවන් එකක් ඉස්සරහා හිට ගෙන මගෙ දිහා බැලුවා.

- "මේක තමා අප්පාගෙ රූම් එක."

ජී හුන් ඒක කියනවත් එක්කම දොරේ ලොක් එකෙන් අල්ලලා දොර අරින්න හැදුවත් ඒක හරි ගියෙ නෑ.

- "ආයිශ්!! අප්පා මේක ලොක් කරලා ගිහින් තියෙන්නෙ."

"එහෙනම් අපි මේක අරින එක හරි නෑනෙ."

මන් කියන එක කනකටවත් ගන්නෙ නැතුව ජී හුන් ආයෙ පල්ලෙහාට දුවගෙන ගිහින් අතුරුදහන් උනා. එතන ඉඳන් මට කරන්න වැඩක් තිබුණෙ නැති නිසා මන් ඒ රූම් එකේ දොර දිහා බලාගෙන හිටියා.

Random OpportunityWhere stories live. Discover now