Chapter 24

100 22 147
                                    

Kiya's p.o.v

උදේම ශිවී හයියෙන් කතා කරන සද්දෙ මට ඇහුණ නිසා මම නැගිට්ටා. ශිවී අනිවාරෙන් නුවියගෙ මොකක් හරි වැරැද්දක් අල්ලගෙන බනිනවා ඇති කියලා මතක් වෙලා මම ආපහු ටිකක් වෙලා නිදා ගන්න කියලා හැදුවා. ඒත් මට පස්සෙ මතක් උනා ශිවී කෑ ගහන්නෙ මොකටද කියලා. නිකියි සන්ග්හූන් ඔප්පායි!

අනිවාරෙන් ශිවී දැන් කෑ ගහන්නෙ මේ දෙන්නා උදේ පාන්දර අපේ ගෙදර ඉන්නවා දැකලා වෙන්න ඇති. ඔව් ඉතින් ඒ වගේ දෙයක් දැක්කම ඕනෙම කෙනෙක් බය වෙන එක සාධාරණයිනෙ. ඒ දෙන්නාව බේර ගන්න ඉන්නෙ මන් විතරක් නිසා නිදි මත පැත්තකට දාලා ඉක්මනට දුවගෙන සාලෙට ගියා.

මන් හිතුවා හරි. මන් යනකොටත් නිකීවයි සන්ග්හූන් ඔප්පාවයි ඉස්සරහින් තියාගෙන ශිවී එයාගෙ දේශනේ පටන් අරන්. ඒ දෙන්නා නම් කවදාවත් හිතන්න නැතුව ඇති උදේ පාන්දර කෙල්ලෙක්ගෙන් මේ වගේ බැනුම් අහ ගන්න වෙයි කියලා. මන් එනවා දැකපු ගමන් ඒ දෙන්නා මගෙ දිහා හෙන අසරණ මූණකින් බැලුවෙ ඒ දෙන්නාව ශිවීගෙන් බේරලා දෙන්න කියනවා වගේ. නුවීත් මේ වෙන දේවල් ටික දිහා බලන් හිටියත් එයාටත් ශිවීට වගේම වෙන්නෙ මොකක්ද කියලා තේරෙන්න නැතුව ඇති.

මම එනවා දැකලා ශිවී මගෙ පැත්තට හැරුණෙ ඊළඟට මට බනින්න වෙන්න ඕනෙ. ඒත් මන් මෙතන කිසි වැරැද්දක් කරේ නෑ කියලා ශිවීට තේරෙන්නෙ නෑනෙ. මේ හැම දේටම වග කියන්න ඕනෙ නිකියි සන්ග්හූන් ඔප්පායි. නෑ නිකී විතරයි. එයා තමා සන්ග්හූන් ඔප්පාවත් ඇදගෙන එන්න ඇත්තෙ.

"මම මේක පැහැදිලි කරන්නම්."

මම ශිවී දිහා බලාගෙන ඒක කිව්වෙ එයා මගෙන් මෙතන වෙන්නෙ මොකක්ද කියලා අහන්න හදන්නත් කලින්.

- "කොහොමත් මට මෙතන වෙන්නෙ මොකක්ද කියලා කිව්වොත් හොඳයි. මම උදේ නැගිටලා එද්දි මේ දෙන්නාම මෙතන නිදි! මන් හිතුවෙ හොරු දෙන්නෙක් කියලා. බෙඩ් ශීට් එකෙන් මූණත් වහගෙන හිටියෙ. තව පොඩ්ඩෙන් මන් අතට අහු උන එකකින් ගහන්න හදන්නෙ."

ශිවීට හොඳටම තරහා ගිහින් කියවගෙන කියවගෙන ගියා. ඇයි මට උදෙන්ම නැඟිටින්න බැරි උනේ? මන් උදෙන්ම නැඟිට්ටා නම් මේ දෙන්නාව ගෙදරින් යවන්න තිබුණා. එහෙනම් මෙහෙම දෙයක් වෙන්නෙ නෑනෙ කීයටවත්.

Random OpportunityWhere stories live. Discover now