Chapter 12

110 26 182
                                    

Kiya's p.o.v

"ආව්.."

උදේ පාන්දර දහ දෙනෙක් වට වෙලා එක පාර මට ගැහුවා වගේ දැනුනා. ඇස් දෙක පියාගෙනම මන් කෑ ගහලා දැඟලුවා. ඒත් එක්කම මගෙ පශ්චාත් බාගෙන් වගේම කොන්දෙනුත් ආපු රිදිල්ලට නම් තවත් ඇස් දෙක පියාගෙන ඉඳලා හරි යන්නෑ කියලා හිතුණ නිසාම මන් ඇස් දෙක ඇරලා වටපිට බැලුවා.

අපේ ගෙදර හැම බඩුවකටම වඩා මන් පල්ලෙහායින් ඉන්නවා වගේ මට පේන්නෙ ඇයි? ආයෙත් වටපිට බැලුවම මන් දැක්කෙ මගෙ ඇඳ. ඒකත් මට වඩා උඩින් තියෙන්නෙ. ඒ කියන්නෙ මන් ඇඳෙන් වැටිලද? වෙන්න බෑ. ඒක තමා එහෙනම් මගෙ ඇඟට පොල්ලෙන් ගැහුවා වගේ තේරෙන්නෙ. නිදි මතේ ඇස් දෙකත් පොඩි කර කර මන් ආයෙ ඇඳට නඟින්න හදද්දිම ආයෙත් කවුරු හරු හරි මගෙ ඔලුවට පොල්ලෙන් ගැහුවා.

"කවුද ඒ පාර හැංඟිලා වද දෙන්නෙ?"

මන් ඔලුව උස්සලා බලද්දි දැක්කෙ මට පිටි පස්සෙ තිබුණ ටේබල් එක. මේකෙද මගෙ ඔලුව වැදුනෙ? මන් ඔලුවත් අත ගගා ඇඳට නැග්ගට වැඩක් නෑ. දැන් නින්ද යන්නෑ. දවසම එපා වෙනවා ඉතින් උදේම නැඟිට්ටම.

"ශිවියෝ මට බඩගිනියි. කන්න දෙන්නකො."

මන් ඇඳෙන් නැඟිටලා එළියට දුවන්න හදද්දිම මට මොනවද මන්දා මතක් වීගෙන එනවා වගේ තේරුණා. මට නිකන් සන්ග්හූන් ඔප්පාව දැක්කා වගේ මතකයි. ඔව් එයා අපේ ගෙදර ඊයේ රෑ ආවා ඊට පස්සෙ නිකී ඇවිල්ලා..

"මොකාක්!"

"ශිවී නැඟිටිනවා..! නුවියෝ ඊයෙ මොකද වුණේ!?"

මන් ඩබලවම හොයන්න ගේ වටේම දිව්වා. ඒත් තාම නැඟිටලා නැද්ද කොහෙද. මන් මුලින්ම ශිවීගෙ රූම් එකට දුවගෙන ගියා. ඒ යනකොට මට ඊයෙ වෙච්ච දේවල් එකින් එක ඔලුවෙ මැවි මැවී පෙන්න ගන්නවා.

"ශිවී නැඟිටින්නකෝ. ඒයි ඊයෙ මොකක්ද මට වුණේ කියනවා."

- "නිදා ගන්න දීලා යන්නකො මල වදේ."

"ඊයේ නිකිත් එක්ක සන්ග්හූන් ඔප්පා ආවාද මෙහෙ?"

ඒ පාර මන් කියපු එක ඇහිලා ශිවී වෙඩිල්ලක් වගේ නැඟිටලා ඇඳෙන් ඉඳ ගත්තා. ඇස් දෙකත් ලොකු කරගෙන මන් දිහා බලන් ඉන්නෙ නිකන් මන් එයාට බොන්න දුන්නා වගේ. ටික වෙලාවක් ගල් ගිලලා වගේ බලන් ඉඳලා එක පාරට ඇඳ උඩ හිටගෙන හයියෙන් කෑ ගහන්න ගත්තා.

Random OpportunityWhere stories live. Discover now