Chapter 05

167 29 152
                                    

Niki's p.o.v

මම වොයිස් ප්‍රැක්ටිස් රූම් එකේ ඉඳල එළියට ආවේ එක දිගටම පැය ගාණක් ප්‍රැක්ටිස් කරලා මහන්සි නිසා. ඒත් එළියට ආවාට මහන්සිය නැති කර ගන්න කොහෙට යන්නද කියල කල්පනා කර කරම මන් ඔහේ ඇවිදගෙන ආවා. එතකොට තමයි මට මතක් උනේ මන් විහිලුවක් කරන්න හරි සෙකට්‍රි නූනාගෙ රූම් එක පැත්තෙ යන්න ඕනෙ කියල. මන් ඉක්මනට නූනාගෙ රූම් එක පැත්තට දුවගෙන ගියේ මොනව හරි කියල එයාව අවුස්සන්න හිතාගෙනමයි.

"නූනා."

මන් රූම් එකේ දොර අරින්නත් කලින්ම කෑ ගහගෙන ගියේ නූනා ඇතුළෙ ඇති කියල හිතාගෙන..ඒත් මන් දොර ඇරියම රූම් එක වෙනස් කරලා! ආහ්! මගෙ මොළේ! නූනා දැන් නෑනෙ. මට ඒක අමතක උනානෙ. දැන් ඉන්නෙ අර කියාරාද කවුද මන්දා සරුංගලේනෙ. අපරාදෙ නූනා හිටිය නම් එයත් එක්ක කයියක් හරි ගහන් ඉන්න තිබ්බා.

මන් රූම් එක ඇතුළට අඩියක්වත් තියන් නැතුව දොර ගාව ඉඳන් ඇතුළට බෙල්ල දාලා බැලුවෙ එයා ඉන්නවද කියල. ඒත් නෑ. කොහෙ ගිහින්ද මන්දා? හතර වටේ රවුම් ගහලා මගෙ වැඩ ටිකවත් හරියට කරනවද දන්නෑ. දැන් ඉතින් මෙතන ඉඳල වැඩක් නෑනෙ හ්‍යුන්ග්ලා ඔක්කොම ප්‍රැක්ටිස්. මට නම් බෑ ආයේ ප්‍රැක්ටිස් රූම් එකට යන්න. මොනව හරි බොන්නවත් යනව කියල හිතාගෙන මන් ආපහු හැරිලා ගියා.

ඒත් මන් යනකොට දැකපු දේ නිසා මට ආවෙ තරහක්. නෑ තරහකුත් නෙමේ. ඉරිසියාවක් නම් කොහෙත්ම වෙන්න බෑ. කියාරාද කවුද මන්දා කෙනා අපේ ටේ හ්‍යුන්ග්ගෙ අතෙන් අල්ලගෙන ලොකු කයියක්. හහ් හිනාව බලන්න එපැයි!
ඔහොම කතා කරලා හ්‍යුන්ග්වත් දැලේ දාගනියි. ටේ හ්‍යුන්ග්ටත් ඔව්වා තේරෙන්නෑන. කවුරු හරි හිනා වෙලා කතා කරාම හ්‍යුන්ග්ටත් එයාව හොඳයි. එතන pd අන්කලුත් ඉන්නවා හිනා වෙවී. එයාටවත් මේවා තේරෙන්නැති එකනෙ දුක.

මට ආපු තරහටත් එක්කම දුවල ගිහින් ටේ හියුන්ග්ගෙ කරට අත දාගත්තා. එතකොට නම් හ්‍යුන්ග් අරයාගෙ අත අත ඇරලා මගෙ දිහා බැලුවා .මාත් හියුන්ග්ට කට පුරවලා හිනාවක් දාලා කියාරාගෙ පැත්ත හැරිලා ඔරවලා වගේ බැලුවා.

- "යාහ් නිකියා! මන් බැලුවා එක පාරට කවුද ආවෙ කියල."

"ටේ හ්‍යුන්ග්. හ්‍යුන්ග්ට වැඩක් නැත්තම් එන්නකො මාත් එක්ක මොනව හරි බීලා එන්න."

Random OpportunityWhere stories live. Discover now