Chapter 13

126 27 185
                                    

Author's p.o.v

මිස්ටර් වැන්ග්ගෙ කතාව එක පාරට නැවතුණේ කැබින් එකේ දොරත් ඇරගෙන දෝ යොන්ගෙ එකම පුතා කැබින් එකට ආපු නිසා.

"හෙලෝ මයි වන් ඇන්ඩ් ඔන්ලි සන්!"

දෝ යොන් නම් පුතාට කතා කරාට පුතාට නම් අප්පාට කතා කරන්න ඕනෙ කමක් නෑ වගේ. ඒ නිසාම මිස්ටර් වැන්ග් දෝ යොන්ගෙ පුතාට කතා කරා.

- "මිස්ටර්-..."

- "මට මිස්ටර් කියන්න ඕනෙ නෑ වැන්ග් අංකල්. මේ ඔෆිස් එක උනාට මන් ඉන්නෙ ඔෆිස් කිට් එකෙන් නෙමෙයිනෙ. ඒ නිසා වෙනදා වගේ කතා කරන්න."

- "හ..හරි එහෙනම් පුතා ඇයි මෙ-.."

වැන්ග්ගෙ කතාවට එක පාරට දෝ යොන් හරස් උනේ තමන්ගෙ පුතා තමන්ව ගණන් ගන්නෑ කියලා තේරෙද්දිමයි.

"තමුන්ට අප්පාත් එක්ක කතා කරන්න දෙයක් නැද්ද ලී ජී හුන්?"

- "හහ්! තමන්ගෙ පවුලෙ අයත් එක්ක හරියට කතා කරන්න වෙලාවක් තියෙන මනුස්සයෙක් වගේනෙ ඔයා කතා කරන්නෙ අප්පා."

අප්පාගෙයි පුතාගෙයි පෞද්ගලික කතාවලදි මෙතන ඉන්න එක හරි නෑ කියලා හිතුන නිසාම මිස්ටර් වැන්ග් නැඟිටලා එතනින් යන්න හැදුවත් ජී හුන් එයාව නැවැත්තුවා.

- "වැන්ග් අංකල් කොහෙද යන්නෙ? ඔයා මෙතන ඉන්න. මන් හිතන විදිහට අපේ ෆැමිලි එකේ වැන්ග් අංකල්ට හංගන්න තරම් දෙයක් නෑ."

ජී හුන්ගෙ කීමට වැන්ග් ආපහු එතනින් ඉඳගෙන කතාව අහගෙන හිටියා. මේ වෙනකොටත් දෝ යොන්ට නම් හොඳටම තරහා ගිහින් ඉන්නවා කියලා එයාගෙ මූණෙ ඉරියව්වලින් පේනවා.

"මොකටද එක පාරට මෙහෙට එන්න හිතුණෙ කවදාවත් නැතුව? මොනවා උනත් මොකක් හරි හේතුවකට ඔයා අද මෙහෙට ආවෙ හරියටම මාස නවයකටත් පස්සෙ පුතා."

- "මන් ආවෙ මේවගෙ වෙන දේවල් බලලා යන්න නෙමේ. හෙට ඔම්මාව ඩොක්ටර් ගාවට එක්කන් යනවා. මතකනෙ ගිය පාර ඩොක්ටර් කිව්වා එයාට ඔයාව හම්බෙලා කතා කරන්න ඕනෙ කියලා. අප්පාට එන්න බැරි නම් කියන්න මන් කොහොමත් වෙනදා වගේ ඔම්මාත් එක්ක ගිහින් එන්නම්."

"වැන්ග් මට හෙට ෆ්‍රී ටයිම් එක බලලා කියන්න."

- "වාව්.. අප්පා නම් මාරයි. තමුන්ගෙ වයිෆ්ව ඩොක්ටර් ගාවට එක්කන් යන්නෙත් තමන්ගෙ ෆ්‍රී ටයිම් එක බලලා. එක පැය දෙකක් වෙන් කරන්න බෑනෙ ඔයාගෙ පවුලෙ අය වෙනුවෙන්."

Random OpportunityWhere stories live. Discover now