Chapter 22

131 24 148
                                    

Niki's p.o.v

"ටේ හියුන්ග් ගියා."

- "ඉතින්?"

"ඉතින් දැන් සාමාන්‍ය විදිහට ඉන්න. මන් දැක්කා ඔයා ටේ හ්‍යුන්ග් ඒක දැන ගත්තම ටිකක් බය වෙලා නේද හිටියෙ?"

- "බය වෙන්නෙ නැද්ද අනේ. ටේ ඔප්පා මූණත් පුම්බන් හිටියෙ."

"ප්‍රශ්නයක් තියෙනවා."

- "මොකක්ද?"

කියාරා අතේ තිබ්බ පෑනත් ටේබල් එක උඩින් තියලා මගෙ මූණ දිහා බලාගෙන හිටියෙ එයාගෙ අත් දෙකත් මූණෙන් තියාගෙන.

"ඇයි ඔයා අනිත් හැමෝටම ඔප්පා කියලා මට විතරක් නමින් කතා කරන්නෙ?"

- "ඒක මේ නිකන් ඉතින්. අනේ මන්දා ඔයාට එහෙම කියවෙන්නෙ නෑනෙ."

"කොහොමත් කියන්නත් එපා ඒක මට අමුතුයි වගේ."

කියාරාගෙ මූණ රතු වෙනවා කියලා තේරුණ නිසා මන් කතාව වෙන පැත්තකට හරවන්න හිතුවා. ඉස්සර නම් මෙයා හිටියෙ කොහොමද. මන් දිහා හරියට හැරිලවත් බලන්නෙ නැති විදිහට. මේ ලෝකෙ ඉන්න එයාගෙ ලොකුම තරහකාරයා දිහා බලනවා වගේ බැලුවත් බලන්නෙ. ඒකට දැන්. මන් වචනයක් කතා කරත් ලැජ්ජාවට මූණ රතු වෙනවා.

- "සන්ග් හූන් ඔප්පා ආවද?"

"ආවා ආවා. කොල්ලා මේ ටිකේ හරි වේදනාවෙන් ඉන්නෙ. ඔයා වගේමයි යාලුවොත්. පේනවනෙ හ්‍යුන්ග්ට වෙලා තියෙන දේ."

- "මන් ශිවීට හිමීට කියල බලන්නම්."

"ඔයා දැන් කවදද නිවාඩු ගන්නෙ?"

- "ලබන සතියෙ. ඇයි ඔයාට පාළුද?"

"පාළුයි තමා. ලබන සතියෙ කියන්නෙ තව දවස් කීයද? එතකොට දවස් කීයක් එන්නෙ නැද්ද?"

- "දවස් හතරක් විතර."

කියාරාට මේ අවුරුද්දෙ තියෙන එක්සෑම් එක ලබන සතියෙ නිසා එයාට මෙහෙ එන්න වෙන්නෙ නැති වෙයි. එයා නිවාඩුවක් ගන්න ඕනෙ කියලා මට කලින් කිව්ව නිසා මන් කවදද එයා නිවාඩුව ගන්නෙ කියලා ඇහුවා. ඇත්තටම එයා නැති උනාම පාළුයි. එතකොට එයා කියවන දේවල් මට අහන්න වෙන්නෙත් නෑ.

මට පුදුමයි එයා මේ හැම වැඩක්ම බැලන්ස් කරන් කරන එක ගැන. යුනිවර්සිටි එකේ වැඩත් එක්ක මෙහෙට ඇවිල්ලා අපේ වැඩ ගැන බලනවා. සමහර වෙලාවට කන්නෙවත් නැතුව එයා එයාගෙ වැඩ. අනිත් හැම දේටම කලින් තමන් ගැන ටිකක් හරි හිතලා ඉන්න කියලා මන් මෙයාට කොච්චර කිව්වත් අහන්නෙ නැති එකට මට ඇත්තටම තරහයි වෙලාවකට.

Random OpportunityWhere stories live. Discover now