Niki's p.o.v
"මටත් පිස්සුනෙ ඉතින්. මන් කැමති වුණාට ඔයා මට කැමති නෑනෙ. මන් ඒක අමතක කරලා දාන්නම්."
- "කවුද එහෙම කිව්වෙ?"
"නෑ ඉතින් ඔයා හැම වෙලාවෙම මාව මග අරින්නෙ අකමැති නිසානෙ."
මට ටිකක් දුක හිතුණා. ඒත් කමක් නෑ කියාරාව බලෙන් මන් මෙතනට ඇදන් ආපු එක වැරදියි. එයා මාත් එක්ක කතා කරන්නත් කැමති නැද්ද දන්නෙ නෑනෙ. ආහ් නිකී තමුසෙ නම් මහ මෝඩයෙක්. ඔහොමද කෙල්ලෙක්ගෙන් කැමැත්ත ගන්න ට්රයි කරන්නෙ. මුලින්ම එයා කැමති දේවල් කරනවා. නැත්තම් ආයෙ කියාරාගෙ මූණවත් බලන්න බැරි වෙයි.
- "නිකී මන් ඔයාට මෙහෙම කතා කරන්න හිතුවෙ නෑ. ඒත් මන් පොඩි දෙයක් කියන්නද?"
හරි හරියටම හරි. දැන් ඉතින් කියයි එයත් එක්ක ආයෙ වැඩිය කතා කරන්න එපා කියලා. අනේ මගෙ මොළේ නම් කිසි වැඩකට නෑ.
"හ්ම්ම් කියන්නකො."
- "යාහ් මෝඩ මනුස්සයො. මන් කවදා හරි කිව්වද ඔයාට කැමති නෑ කියලා. අනිත් එක ඔයා කොහොමද මට ගිහින් මගෙ වැඩක් කර ගන්න කියන්නෙ? මට ඕනෙ නම් මන් ඉන්නවා මෙතන. ඔයා ඉස්සර මට ඔරවනකොට මට දුක හිතෙයි කියලාවත් තේරුණාද? අනිත් එක ඔහොම මූණ හදා ගන්න එපා මන් අහු වෙන්නෙ නෑ. එදා කිව්වෙ ආදරේ ඇස්වලින් පේනවා කියලා. එහෙනම් ඒක ඇයි තේරුණේ නැත්තෙ?"
එයා කියවගෙන කියවගෙන ගියේ මට කතා කරන්නවත් නොදී. මන් හිතුවෙ මට බනින්න හැදුවෙ කියලා. ඒත් එහෙම නෑ. එයා ඒ ටික කියද්දි ඇස් දෙකේ කඳුලු පිරුණා මන් දැක්කා. ටිකක් වෙලා යද්දි මගෙ ඇස් දෙක බොඳ වෙලා පෙනුනෙ මටත් කඳුලු ආපු නිසා. ඒ කියන්නෙ එයා මට ඇත්තටම කැමතියිද? දැන් මන් මොකක්ද කරන්න ඕනෙ කියලාවත් මට තේරුණේ නෑ.
මන් තාම එයාගෙ අත අල්ලගෙන හිටියෙ. එයාගෙ අත් දෙක හොඳටම සීතල වෙලා කියලා මට තේරුණේ ඒ නිසා. මන් ඊළඟට කියන්න ඕනෙ මොනවද? මන් කවදාවත් හිතුවෙ නෑ මේ වගේ තැනක ආදරේ ප්රකාශ කරන්න වෙයි කියලා. මන් එයාගෙ අත් දෙකම මගෙ අත් දෙකෙන් හයියෙන් අල්ලන් එයාගෙ කඳුලු පිරුණ ඇස් දෙකයි මූණයි දිහා බලාගෙන එයත් එක්ක කතා කරන ගත්තා.
YOU ARE READING
Random Opportunity
Randomඅහම්බෙකින් හම්බුණ අවස්ථාවක් නිසා මගෙ මුලු ජීවිතේම වෙනස් වෙයි කියලා මම කවදාවත් හිතුවෙ නෑ.. ඒත් මම ආසයි ඒ වෙනසට.. ඒ වෙනසට මම හැමදාමත් ආදරේ කරා...!