Chapter 25 - END

165 28 124
                                    

මාස හතරකට පසු...

Author's p.o.v

අද වෙනදට වඩා ටිකක් වැඩිපුර සීතල නිසා කියාරා මේ රෑ එළියට එන්න කැමති උනේ නෑ. ඒත් එයාව බලෙන්ම ඇදගෙන ආපු නිසා එයාට එන්නම උනා. මේ නොවැම්බර් මාසෙ මැද නිසා අනිවාරෙන් ළඟදිම හිම වැටෙන්න පටන් ගනියි. වින්ටර් සීසන් එක නිසා කියාරා එළියට එන්න කැමති උනේම නෑ. මොකද කියාරාව ෆ්‍රීස් වෙනවා වගේ දැනෙනවා එළියෙ ඉන්නකොට.

ෆ්‍රීස් වෙන එකට වඩා කියාරාව මෙතනට එක්කන් ආපු කෙනාගෙ පණ්ඩිතකම ලොකු උනානෙ. ඒත් කමක් නෑ කියාරා මෙතනට ආවෙ ජීවිතේ පළවෙනි පාරට. කියාරා කවදා හරි එන්න හිතාගෙන හිටපු තැනට එයා අද ආවා. මේ ලෝකෙ එයා බලන්න ආසම තැන බලන්න කොහොම හරි ආවා. නෑ කියාරාව බලෙන් එක්කන් ආවා.

නම්සන් ටවර් එක. කියාරා කැමතිම තැන. කැමතිම කෙනත් එක්ක. ඒත් නිකී කියාරාට මෙතනින් ඉන්න එයා ඉක්මනට එන්නම් කියලා ගියා තාම නෑ. කියාරා කල්පනා කරේ නිකී මොනවා කර ගනියිද කියලා. අද මෙතන ගොඩක් මිනිස්සුත් ඉන්නවා. කවුරු හරි දැක්කොත් එහෙම මොනවා වෙයිද දන්නෙ නෑ. එක්කො මිනිස්සු අඩු තැනකට එක්කන් ගියා නම් කියලා කියාරාට හිතුණා. ඒත් දැන් වැඩක් නෑ මෙතනට ඇවිල්ලා ඉවරයි.

නිකී එනකන් කියාරා එතන තිබුණ බෙන්ච් එකකින් ඉඳගෙන වටේ තිබුණ ලස්සන බැලුවා. හැම තැනම පාට පාට ලව් ලොක්ස් වලින් පිරිලා. හැමෝම ගොඩක් නිදහසේ මෙතනට ඇවිල්ලා ඉන්නවා. කියාරාත් දැන් නිදහස්. හැමදේකින්ම නිදහස්. මීට මාස ගාණකට කලින් එයාලා කාටවත් කිසි නිදහසක් තිබුණේ නැති උනත් දැන් එයාලා ඒ හැමදෙයින්ම නිදහස්.

කියාරාට බෙන්ච් එකේ ඉඳගෙන ඉන්න ගමන් මතක් උනේ ජී හුන් එයාට එදා කියපු දේවල්. ජී හුන් එයාගෙ අප්පා ගාවට ගිය දවසෙ කියාරාට කියපු දේවල්. එදා සිද්ධ උන හැම දෙයක්ම ජී හුන් කියාරාට කිව්වා. ජී හුන්ට එදා එතනට යන්න පුලුවන් උනෙත් කියාරා නිසා.

මාස හතරකට පෙර...

- "දැන් මේ හැමදේම හොඳටම ඇති!"

එයා දෝ යොන් ගාවටම ගිහින් වැග්න් දිහායි මින් ජූන් දිහායි හොඳට බැලුවා.

Random OpportunityWhere stories live. Discover now