Kiya's p.o.v"ටඩා! මේක මගෙන් ඔයාට."
- "මේ මොකක්ද?"
"ඇරලාම බලන්නකෝ."
ශිවී කටත් ඇද කර කර එන්විලොප් එක ඇරලා බැලුවා. මාත් එයාගෙ මූණෙ එන එක එක ඇක්ෂන් දිහා බලාගෙන හිටියා.
- "මේ සයින් එකක් නේද? කාගෙද මේ සයින් දෙක? පොඩ්ඩක් ඉන්න! යාහ් කියාරා ඔයා ටේ ඔප්පාගෙන් සයින් එකක්වත් ගත්තද?"
"හොඳට බලන්නකෝ ඕවා කාගෙද කියලා."
- "ඒ මේක යුන්ගි ඔප්පාගෙ නේද? වාව්! කොහොමද මේවා ඔයා ගත්තේ?"
"දන්නවනෙ මේ කියාරා වැඩකට බැස්සොත් කොහොම හරි කරලා තමයි නවතින්නෙ කියලා."
- "අම්මේ දැන් ඉතින් මාස ගාණක් යනකන් ඕක කියයි ඔයා."
.
.
.After 2 days...
Ni-Ki's p.o.v
අද දවල්ට චැනල් එකේ ඉන්ටර්විව් එක නිසා උදේ ඉඳන්ම කට්ටියම ඒකට ලෑස්ති වෙනවා. හරි නම් 11 වෙද්දි වත් අපි එතන ඉන්න ඕනෙ. මාත් ඉක්මනට HYBE එකට ආවෙ හ්‍යුන්ග්ලා ටික කලින්ම ආවා කියලා මට කෝල් කරල කියපු නිසා. අයියෝ අදත් අහ ගන්න වෙයි මට ජන්ග්වොන් හ්‍යුන්ග්ගෙන් පරක්කු වෙලා ආවා කියලා. මන් ෆෝන් එකේ ස්ක්‍රීන් එකෙන් වෙලාව බලද්දි හරියටම 09:56 යි වෙලාව. අවුලක් නෑ පැය භාගයක්වත් මන් පරක්කු නෑනෙ.
"ටඩා! ඔන්න මන් ආවා."
- "හරි ශෝක් එන වෙලාව."
"හරි හරි හියුන්ග් අදත් බනින්නද යන්නෙ."
- "නෑ මන් අද බනින්නෑ. අන්තිමට ඉන්ටර්විව් එකේදිත් මට ඔරවයි. මන් පස්සෙ අල්ල ගන්නම්කො."
"හරි හරි පොඩ්ඩක් ඉන්නකො මං පරක්කු උන එකට හේතු ටික කියනකන්"
- "අනේ මේ යනවා යන්න. ඔයා කරන ඒවට හිනාත් යනවා. මන් අහු වෙන්නෑ ඕවට."
"නෑ නෑ ඉන්නකො මන් විස්තරේ කියන්න. පාරෙ ගොඩක් ට්‍රැෆික් හ්‍යුන්ග්."
- "හරි මන් බොරුව පිළිගත්තා. සුනෝයි සන්ගහූන් හ්‍යුන්ග්නුයි දෙන්නමත් දැන් ටිකකට කලින් ආවෙ. තුන් දෙනාටම හොඳ වැඩක් කරන්නම්කො මන්."
"මන් දන්නවා ඔයා එහෙම නෑ කියලා හියුන්ග්. ඔයා හොඳයි ගොඩාක්!"
මගෙ බටර් පාරට නම් හියුන්ග්ට හිනා යනවා. හැමදාම මන් මූණ හදාගෙන බටර් පාර ලාවට ගෑවා නම් ඇති ජන්ග්වොන් හියුන්ග්ට හිනා යන්න.
YOU ARE READING
Random Opportunity
عشوائيඅහම්බෙකින් හම්බුණ අවස්ථාවක් නිසා මගෙ මුලු ජීවිතේම වෙනස් වෙයි කියලා මම කවදාවත් හිතුවෙ නෑ.. ඒත් මම ආසයි ඒ වෙනසට.. ඒ වෙනසට මම හැමදාමත් ආදරේ කරා...!