Author's p.o.v
Breaking News..
"මෙන්න දැන් ලැබුණ විශේෂ පුවතක්..
ඊයේ දින මධ්‍යම රාත්රියේදී බුසාන්හි පිහිටි වරාය තුළින් වොන් මිලියන දෙකකට අධික මිලකින් යුතු මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් බුද්ධි අංශ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගන්නා ලදී. මෙම මත්ද්‍රව්‍ය තොගය ප්‍රංශයේ නිෂ්පාදිත බව හඳුනා ගෙන ඇති අතර වැඩි දුර විමර්ෂණ මේ වන විටත් සිදු කරමින් පවතින බව වාර්තා වේ. මෙම වැටලීමේ දී බුද්ධි අංශ නිලධාරියකු හට වෙඩි වැදීමෙන් තුවාල වී ඇත. අත් අඩංගුවට ගත් පිරිස විසින් තව දුරටත් ප්‍රශ්න කිරීම බුද්ධි අංශය විසින් සිදු කරයි. කෙසේ වෙතත් මේ සිදුවීම පිටුපස කොරියාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු සම්බන්ධ බව බුද්ධි අංශය සැක කරයි. අත් අඩංගුවට පත්-..."Tv offed
"ඇයි මනුස්සයො ටීවි එක ඕෆ් කරේ? බලන්නකො වැදගත් නිව්ස් එකක්නෙ ගියේ වැන්ග්."
- "සොරි ස..සර්. සර්ට තරහ යයි කියලා හිතලා ඕෆ් කරේ."
"හහ් හහ් හහ්! තරහ නෙමෙයි මනුස්සයො මට ගොඩක් සතුටුයි. බලනවාකො මේ මිනිස්සු කොච්චර මෝඩද කියලා. තාම ඉන්වෙස්ටිගේෂන් කරනවලු. හහ් හහ්...! අපි දැනටමත් බඩු ටික විකුණලා සල්ලි අරගෙනත් ඉවරයි."
- "ඒත් සර් අ..අපේ මිනිස්සු ටික ටූනාගෙ නම කිව්වොත් මිනිහව ඇරෙස්ට් කරයි."
"අපි ටූනාව ටික දවසකට කොහෙ හරි රටකට යවමු."
ටූනා කියන්නෙ මිස්ටර් වැන්ග් විශේෂ පුහුණුවක් දීලා දෝ යොන්ගෙ අන්ඩර් වල්ඩ් වැඩවලට බඳව ගත්තු කෙනෙක්. දෝ යොන්ට එක ටීම් එකක් කියලා තිබුණෙ නෑ. මාෆියා ටීම් ගොඩක් එක එක නම්වලින් තිබුණ නිසා එක ටීම් එකකට මොනවා හරි වුණොත් අනිත් එකෙන් වැඩ ගන්න පුලුවන් විදිහට හදලා තියෙන්නෙ. ඒ හැම ටීම් එකකටම ඕඩර්ස් දෙන්නෙ ටූනා. ටූනා විතරයි දැනගෙන හිටියෙ මිස්ටර් වැන්ග්ව. අනිත් හැම මනුස්සයාම ටූනා යටතෙ වැඩ කරපු අය විතරයි.
Kiya's p.o.v
"අර ජී හුන් නේද?"
ලෙක්චර්ස් ඉවර වෙලා මන් ශිවියි නුවියි එක්ක ගෙදර යන්න හෝල් එකෙන් එළියට ආවා. අපිට ගේට් එක ගාවට යන්න තියෙන්නෙ බාස්කට් බෝල් කෝට් එක පහු කරගෙන. එතනින් යද්දි කවුරුත් පේන්න හිටියෙ නැත්තෙ මේ දවස්වල ප්‍රැක්ටිස් නැති නිසාද කොහෙද. ඒත් එතන තිබුණ එක බෙන්ච් එකක කවුරු හරි නිදාගෙන ඉන්නවා දැකලා මන් ඒ දිහා හොඳට බැලුවා.
YOU ARE READING
Random Opportunity
De Todoඅහම්බෙකින් හම්බුණ අවස්ථාවක් නිසා මගෙ මුලු ජීවිතේම වෙනස් වෙයි කියලා මම කවදාවත් හිතුවෙ නෑ.. ඒත් මම ආසයි ඒ වෙනසට.. ඒ වෙනසට මම හැමදාමත් ආදරේ කරා...!