Chapter 14

135 27 314
                                    

Kiya's p.o.v

අදත් වෙනදා වගේම පරක්කු නිසා හති දාගෙන දුවන් ඇවිල්ලා ලිෆ්ට් එකේදි තමයි හති අරින්න ගත්තා. අනිද්දාට ෆොටෝ ෂූට් එකක් නිසා කට්ටිය දැන් ඒකෙ වැඩ. මන් විතරනෙ ඉතින් මේ වෙලාවට මෙහෙට එන්නෙ. අනිත් හැමෝම උදේ ඉඳන් එයාලාගෙ වැඩ. මගේ කැබින් එකට එනකන් මගදි ස්ටාෆ් එකේ දෙතුන් දෙනෙක් විතරක් හම්බුණ නිසා වැඩිය කොන්ද නමන් බව් කරන්න අවස්ථා සෙට් උනේ නෑ. මන් කැබින් එකට එනකොටම සිවෝ ඔන්නි ඉඳගෙන හිටියා. එයා මට ලොකු දෙයක් කියන්න හිතන් ඉන්නවා කියලා මට මූණෙන්ම පෙනුනා.

"ගුඩ් ඊවිනින්ග් ඔන්නි."

- "අපේ කොස්ටියුම් සෙට් එකක ඩිසයින්වගයක් හොරෙන්ම කවුරු හරි එළියට දීලා."

වෙනදා වගේ මන් ගුඩ් ඊවිනින්ග් කිව්වාම සිවෝ ඔන්නිගෙ කටිනුත් ඒක අහන්න හම්බෙනවා. ඒත් මට අද අහන්න හම්බුනේ මේ වෙලාවෙ මන් කොහෙත්ම බලාපොරොත්තු නොවුණ දෙයක්. මට නිකන් දැනුනෙ මාස ගාණක් උන මහන්සිය එක තප්පරෙන් මන් ඉස්සරහා අපතෙ ගියා වගේ.

"මොකක්!?"

මට අහන්න පුලුවන් වුණේ එච්චරයි. මොකද මේ වෙලාවෙ මට කතා කරන්න දේවල් මගෙ කටට එන්නෑ. ඒ තරම් මන් ශොක් වෙලා වගේ.

- "ඔව් කියාරා. මාත් දැන ගත්තෙ අද දවල්. ඔයා දන්නවා නේද JH ශොපින් මෝල් එක?"

JH ශොපින් මෝල් එක කිව්වාම කවුද නොදන්නෙ. ඒත් මට ඇත්ත දැන ගන්න තියෙන කුතුහලේ තවත් වැඩි වුණේ JH ශොපින් මෝල් එක අයිති ජී හුන්ගෙ අප්පාට නිසා.

"ඔව් ඔන්නි මන් දන්නවා."

- "අපේ ස්ටාෆ් එකේ හිටපු කෙනෙක් අහම්බෙන් දැකලා තියෙන්නෙ. ඉස්සරහට සමර් එක නිසා හැම තැනම ශොපින් මෝල්වල සමර් එකට ඇඳුම් දානවානෙ. ඔයා මෙහෙට අලුත් නිසා සමහරවිට දන්නැතුව ඇති. විශේෂම දේ තමා JH ශොපින් මෝල් එකේ හැම සීසන් එකටම එයාලාගෙම ඩිසයිනර්ස්ලා හදපු ඇඳුම් ටිකක් දානවා. ඒවාගෙ ප්‍රයිස් එක අනිත් ඇඳුම්වලට වඩා ටිකක් වැඩි උනත් ගොඩක් අය ඒවා සල්ලි දීලා ගන්නවා."

"එතකොට ඔන්නි කියන්නෙ?"

- "ඔව් කියාරා ස්ටාෆ් එකේ කෙනා එහෙට යද්දි දැකලා තියෙන්නෙ ඒවත් අපේ කොස්ටියුම්වලට ගොඩක් සමානයි කියලා. ඒත් එයාට ෂුවර් නැති නිසා මේක අපිට කිව්වෙ. අපි අපේ කොස්ටියුම් එක්ක ඒවාගෙ ඩිසයිනින් ටික බැලුවම 75% කට වඩා සමානයි."

Random OpportunityWhere stories live. Discover now