Chapter 09

131 28 151
                                    

Kiya's p.o.v

උදේම ලෙක්චර් හෝල් එකට ගිහින් අපි තුන් දෙනාම ඉඳ ගෙන හිටියෙ ලෙක්චරර් එනකන්. අපිට පිටිපස්සෙ හිටපු ළමයි ටිකක් ඒ වෙනකොටත් මොකක් හරි ලොකු කතාවක් දාගෙන හිටපු නිසා මාත් හිමීට මගෙ කන් දෙක ඒ පැත්තට දාගෙන හිටියා.

- "මොනවා! ඒ කියන්නෙ අලුත් එන්ටර්ටේන්මන්ට් එකෙන් ළඟදිම බෑන්ඩ් එකක් එනවුන්ස් කරනවද?"

- "ඔව් ඔව්. අපේ අප්පා කියපු විදිහට නම් ඒක ගොඩක් සල්ලි තියන කෙනෙක්ට අයිති එකක්ලු."

- "වෙන්න ඕනෙ. නැත්තම් ඉතින් මෙච්චර ඉක්මනට ඒ වගේ දෙයක් කරන්නෙ කොහොමද?"

- "අපේ යුනිවර්සිටි එකෙත් ගොඩක් අය ඒකෙ ඉන්ටර්විව් එකට ගිහින්. සිලෙක්ට් වුණොත් නම් නියමයි."

කට්ටියගෙ කතාව එතනින් නැවතුණේ 'ගුඩ් මෝනින්' කියාගෙනම ලෙක්චරර් ආපු නිසා. මාත් පිටි පස්සට කරගෙන හිටපු බෙල්ල ඉස්සරහට කර ගත්තෙ මෙතනින් පස්සෙ නිදි මතේ හරි ලෙක්චර්ස් අහන් ඉන්න ඕනෙ නිසා. වචනෙන් කියා ගන්න බැරි තරම් බෝරින්ග් ලෙක්චර් එකකින් පස්සෙ අපි තුන් දෙනාම බඩට මොනව හරි දාගන්න කියලා කැෆටේරියා එකට ආවා. ආවා නෙමේ දිව්වා. ඒ තරම් බඩගින්නක් වගේම කම්මැලිකමක් තිබ්බෙ.

ටික වෙලාවක් යද්දි වෙනදා වගේම ගෑනු ළමයි කෑ ගහන සද්දෙ ඇහෙද්දිම මට තේරුණා කැෆටේරියා එක පැත්තට ජී හුන් එයාගෙ යාලුවොත් එක්ක එනවා කියලා. මන් හිතපු එක හරි. ජී හුන් තමයි ආවෙ. කට්ටිය කන ගමන් හිටපු කෑම එකත් දාලා දුවන් යන්නෙ. අනේ ඇයි දෙයියනේ මෙයාලට තේරෙන්නෙ නැත්තෙ කෑමවල වටිනාකම?

- "අපෝ අන්න අදත් අපි කන වෙලාවටම අර කාන්තාර ඔරන් ඔටන් ඇවිල්ලා."

නුවී ජී හුන් දිහා බලාගෙනම එහෙම කියලා ආයෙ කන්න ගත්තා. ටික වෙලාවක් යද්දි මට අපි ඉන්න ටේබල් එක පැත්තට කවුරු හරි එනවා කියලා තේරුණ නිසා මන් ඔලුව උස්සලා බැලුවා. මෙන්න මේ මනුස්සයා අපේ පැත්තට එනවා! මන් ගණන් ගත්තෙ නැත්තෙ අපිට පිටිපස්සෙනුත් තව ටේබල් තිබුණ නිසා. ඒත් මෙයා මට හිතන්නවත් වෙලාවක් නොදී එක පාරට දඩාස් ගාලා අපි හිටපු ටේබල් එකෙන් ඉඳ ගත්තා. එක ටේබල් එකක හතර දෙනෙක්ට විතරක් ඉඳ ගන්න පුලුවන් වුණ නිසා ජී හුන් එක්ක ආපු යාලුවො ටික අපිට එහා පැත්තෙ ටේබල් එකෙන් ඉඳ ගත්තා.

Random OpportunityWhere stories live. Discover now