Chapter 23

116 21 163
                                    

Author's p.o.v

- "සර්! සර් එයා ඇවිල්ලා!"

සෙකට්‍රි කියන 'එයා' කවුද කියලා දෝ යොන්ට අහන්න ඕනෙ උනත් ඊට කලින්ම භාගෙට ඇරිලා තිබුණ දොර ඇරගෙන ආවෙ දෝ යොන්ට දැන ගන්න ඕනෙ වෙලා තිබ්බ කෙනාමයි.

"ජී හුන්!"

ජී හුන්ව දැකපු ගමන් දෝ යොන් පුදුම උනේ නෑ කිව්වොත් ඒක බොරුවක්. ජී හුන් ඔෆිස් එකට එන්නෙ කලාතුරකින් උනත් අද එයා ඇවිල්ලා තිබ්බෙ වෙනදා එන විදිහට නෙමෙයි. වෙනදා එන සාමාන්‍ය ජී හුන් නෙමෙයි. ජී හුන් ඇඳන් හිටියෙ ඔෆිස් කිට් එකක්!

දෝ යොන්ට ඒ වෙලාවෙ ජී හුන්ගෙන් අහන්න ප්‍රශ්න ගොඩක් හිතට ආවත් ඒවා එකක්වත් කටින් පිට උනේ නෑ. දෝ යොන් වගේම ජී හුන්ව මේ විදිහට දැකපු වැන්ග්නුත් පුදුම වෙලා හිටියෙ.

- "ඔයාට දැන් යන්න පුලුවන්."

දෝ යොන්ගෙ කැබින් එකේ හිටපු සෙකට්‍රිට යන්න කියපු ජී හුන් කෙලින්ම ගිහින් දෝ යොන්ගෙ ටේබල් එක ඉස්සරහා පුටුවකින් ඉඳ ගත්තා.

- "මන් හිතුවට වඩා අප්පාගෙ ඔත්තු සේවය ගොඩක් දියුණුයිනෙ. මන් ගේට් එකෙන් එන ටිකට මෙතනට නිව්ස් එකත් ඇවිල්ලා ඉවරයි."

"ඔයා මොකද එක පාරට මෙහෙට ආවෙ?"

ජී හුන් දිහා පුදුමෙන් බලාගෙන දෝ යොන් එයාගෙ හිතේ තියෙන ප්‍රශ්න එකින් එක අහන්න ගත්තා.

- "ඇයි මට අප්පාමනෙ ඉස්සර ඉඳන් වද දුන්නෙ ඔෆිස් ඇවිල්ලා තියෙන වැඩ ටික බලා ගන්න කියලා. හැමදාම බෑ කියන්නත් බැරි නිසා ඔන්න ඉතින් මන් ආවා."

ජී හුන් ඔෆිස් ආවෙ තමන්ගෙ වැඩවලට ඇඟිලි ගහලා ඒ ඔක්කොම විනාශ කරන්න කියලා දෝ යොන්ට ජී හුන්ගෙ හැසිරීමෙන්ම තේරුණා.

"අහ් ඒක හොඳයි. ඒත් මන් ඔයාට තාම ඔෆිස් රූම් එකක්වත් වෙන් කරලා නෑ. කලින් කිව්වා නම් මට ලෑස්ති කරලා තියන්න තිබුණා."

- "ඒකට කමක් නෑ. කොහොමත් ඔෆිස් රූම් එකක් ඇතුළෙ සැපට ඉන්නවට වඩා කරන්න වැඩ තියෙනවනෙ. අහ් ඒක නෙමෙයි වැන්ග් අංකල්, ඔයාට පුලුවන්නෙ ඩිරෙක්ටර්ස්ලත් එක්ක මීටින් එකක් ඇරේන්ජ් කරන්න අද දවස ඇතුළත?"

Random OpportunityWhere stories live. Discover now