Kiya's p.o.v"අහ්! මියානෙ. මන් දැක්කෙ නෑ."
- "දැක්කෙ නැද්ද නැත්තම් ඒ වගේ ඇක්ට් කරාද?"
"නෑ මන් ඇත්ත කිව්වෙ. මන් දැක්කෙ නෑ."
- "ඒකෙන් වැඩක් නෑ මන් ආවෙ හෙට මට කරන්න තියෙන වැඩ ටික කැන්සල් කරන්න කියන්න. මම හෙට නිවාඩුවක් ගන්නවා. ඒ නිසා මිස් කියාරා ඔයා හෙට මගෙ වැඩ ටික බලලා කැන්සල් කරලා දාන්න."
"හරි මන් කැන්සල් කරන්නම්."
ටිකක් ඉන්න. ඔව් මට ඇහුන එක හරි. එයා මගෙ නම කිව්වා! මට නම කියලා කතා කරා. ඒකත් නිකන් නෙමේ මිස් කියාරා. මට ෂුවර් කරන්න බැරි නිසාම මන් ඇස් පිල්ලම් දෙක තුනකුත් වේගෙන් ගැහුවෙ මේක ඇත්තක්ද බලන්න. ඔව් ඒක ඇත්තක් වගේ. අද මෙයා නිදි මතෙන් කියවනවද මන්දා.
- "හරි එහෙනම් මන් යනවා."
නිකී දොර ගාවටම ගිහින් ආයෙ හැරිලා ඇවිල්ලා මගෙ ඉස්සරහින් හිට ගත්තා. ගහන්න වගේ බලන බලන විදිහ! අනේ මන්දා මන් මෙයාගෙන් ගිය ආත්මෙ ණයක්වත් අරන් ගෙවලා නැද්ද කොහෙද මෙච්චර පුප්පන්නෙ.
- "අහ් ඒක නෙමේ."
එක පාරට කතාව නවත්තලා එයාගෙ ෆෝන් එක අරගෙන ඒක දිහා බලන් මොකක්ද කරන්න ගත්තා.
මටත් මගෙ ෆෝන් එකට කෝල් එකක් ආපු නිසා ටේබල් එක උඩ තිබුණ මගෙ ෆෝන් එක අතට ගත්තා. අන්නොව්න් නම්බර් එකක්! කමක් නෑ කියලා මාත් ආන්සර් කරා.
"යෙබුසෙයො!"
- "මේක මගෙ නම්බර් එක සේව් කර ගන්න."
මාත් ෆෝන් එක කනේ තියාගෙන. නිකිත් ෆෝන් එක කනේ තියාගෙන.මන් ආන්සර් කරපු කෝල් එකෙන් මට එයාගෙ කටහඬ ඇහෙනවා. ටිකක් වෙලා යද්දි තමයි මට වැඩේ මීටර් උනේ. මෙච්චර කල් මන් ගාව එයාගෙ නම්බර් එක තිබුණෙ නෑ. එයාට මොනව හරි දැනුම් දෙන්න තියෙනව නම් මන් සන්ග්හූන් ඔප්පාට කෝල් කරලා තමයි කියන්නෙ. එතකොට එයා නිකීට කියන්නෙ. මගෙත් ලොකුකමනෙ. ඒ නිසා ස්ටාෆ් එකේ කෙනෙක්ගෙන්වත් නිකීගෙ නම්බර් එක ඉල්ල ගත්තෙ නෑ.
"ඒත් මන් මොකටද සේව් කර ගන්නෙ?"
- "මොකටද කියලා අහන්නෙ? තමුන් මගෙ සෙකට්රි. එතකොට මගෙ නම්බර් එක නැතුව කොහොමද හදිස්සියකට පණිවිඩයක්වත් මට කියන්නෙ?"
YOU ARE READING
Random Opportunity
Randomඅහම්බෙකින් හම්බුණ අවස්ථාවක් නිසා මගෙ මුලු ජීවිතේම වෙනස් වෙයි කියලා මම කවදාවත් හිතුවෙ නෑ.. ඒත් මම ආසයි ඒ වෙනසට.. ඒ වෙනසට මම හැමදාමත් ආදරේ කරා...!