Niki's p.o.v
"යාහ් ඔහොම ඉන්න මාත් එනකන්."
මේ කෙල්ල හැරෙන්නෙවත් නැතුව දුවනවනෙ. දුවන විදිහට හිනාත් යනවා. එක පාරට මම එහෙම කිව්වාම ලැජ්ජා හිතුණද දන්නෙ නෑ. මටත් පුදුමයි මන් ඒක කිව්වා කියලා. තාම මගෙ අත් දෙක සීතලයි.
"කියාරා! ඔහොම ඉන්න."
- "මට බෑ."
එයා හැරෙන්නෙවත් නැතුව එහෙම කියලා දුවගෙන හෝල් එක ඇතුළට ගියා. මාත් විනාඩි දෙකක් විතර එළියෙන් ඉඳලා සාමාන්‍ය විදිහට ඇතුළට ගියා. මාත් දුවගෙන ගියොත් එහෙම දකින කට්ටිය මොනවා හිතයිද දන්නෙ නෑනෙ.
මන් ඇතුළට ගිහින් ආයෙ කියාරා දිහා ටිකක් වෙලා යනකන් බැලුවෙ නෑ. මාත් පුදුම වෙලා දැන් නම් ඉන්නෙ. අඩුම ගාණෙ මන් කාත් එක්කවත් කතා කරේවත් නෑ ටිකක් වෙලා යනකන්. බිම බලාගෙනම හිටියා.
ඒ වෙලාවෙන් පස්සෙ මන් කියාරාව දැක්කෙවත් නෑ. කොච්චර වටපිට බල බලලා හෙව්වත් මේ කෙල්ල පේන්න හිටියෙ නෑ. අනිවාරෙන් ලැජ්ජාවට මට පේන්නෙ නැති තැනකට වෙලා ඉන්නවා ඇති.
ටේ හ්‍යුන්ග්ට දැන්ම මේක කියනවද නැද්ද? දැන් කියන්නත් බෑනෙ මෙතන ඉඳන්. එක්කො මේක ඉවර වෙලා හිමීට කියනවා.
Author's p.o.v
විශේෂ අමුත්තෙක්ව එක්කගෙන මිස්ටර් වැන්ග් දෝ යොන්ගෙ ඔෆිස් රූම් එකට එන ගමන් හිටියෙ. දෝ යොන් ගොඩක් ආසාවෙන් හිටියෙ එයාගෙ අමුත්තව හම්බෙලා අලුත් විස්තර දැන ගන්නකන්. මොකද දෝ යොන් කියන්නෙ එක වැඩකින් සතුටු වෙන කෙනෙක් නෙමෙයිනෙ. ඔෆිස් රූම් එකේ දොරට ක්නොක් කරපු මිස්ටර් වැන්ග් එක්ක ආවෙ දෝ යොන්ගෙ විශේෂ අමුත්තා. ඇත්තටම කිව්වොත් එයා අමුත්තියක්.
"හෙලෝ මිස් යෙජී."
- "ගුඩ් මෝනින් මිස්ටර් දෝ යොන්."
යෙජී පුටුවෙන් ඉඳ ගන්න ගමන් ලාවට හිනා වීගෙන දෝ යොන්ග්ට එහෙම කිව්වත් දෝ යොන්ගෙ මූණට නම් කිසි හිනාවක් ආවෙ නෑ.
"ඉතින් යෙජී කොහොමද වැඩ කටයුතු?"
- "ඒවා නම් හොඳින් කරගෙන යනවා මිස්ටර් දෝ යොන්."
"මට ඔයාගෙ වැඩවලින් වැඩක් නෑ යෙජී. මන් ඇහුවෙ මගේ වැඩ ගැන. ඒවා කොහොමද?"
YOU ARE READING
Random Opportunity
Randomඅහම්බෙකින් හම්බුණ අවස්ථාවක් නිසා මගෙ මුලු ජීවිතේම වෙනස් වෙයි කියලා මම කවදාවත් හිතුවෙ නෑ.. ඒත් මම ආසයි ඒ වෙනසට.. ඒ වෙනසට මම හැමදාමත් ආදරේ කරා...!