Chapter 11

134 28 231
                                    

Niki's p.o.v

අද දවස නම් එපා වෙනවා. අපරාදෙ අද වගේ දවසක් ආවෙ. ලොකුම හේතුව කියාරා තමයි. අපරාදෙ බැන්නෙ කියලත් හිතෙනවා. ඒත් ඉතින් මන් කරපු වැරැද්දකුත් නෑනෙ. ඒ අස්සෙ රෑටත් ප්‍රැක්ටිස්. ප්‍රැක්ටිස් ඉවර වෙලා මායි ජන්ග්වොන් හ්‍යුන්ග්නුයි සන්ග්හූන් හ්‍යුන්ග් එක්ක ඩෝර්ම් එකට යන්න වාහනේට නැග්ගා. ජන්ග්වොන් හ්‍යුන්ග්ට ඉස්සරහයින් නඟින්න කියලා මන් පිටි පස්සෙ ශීට් එකට ගියේ නින්දක් දාගෙන සැපට යන්න ඕනෙ නිසා.

මන් සීට් එකේ ඉඳ ගත්තෙ මුකුත් නැතුව ඇති කියලා හිතලා. ඒත් මොකක් හරි යට කරගෙන ඉඳන් ඉන්නවා කියලා මට තේරුන නිසා ආයෙ බැලුවා. මොනවද මන්දා ෆයිල්ස් වගයක්. තව මොනවද එව්වා මෙව්වා ටිකක් තිබ්බා. හ්‍යුන්ග් කවද්ද ෆයිල්ස් අරන් එහෙ මෙහෙ යන්න දාර්ශනික වුණේ?

"හ්‍යුන්ග් මේ මොනවද?"

මන් කතා කරපු නිසා ඉස්සරහා හිටපු දෙන්නම පිටිපස්ස බැලුවා.

- "අයියෝ! මට අමතක වුණා. යමු ඔය ටික දෙන්න ඕනෙ. ඇත්තමයි මගෙ මොළේ."

"කාටද දෙන්නෙ? මේවා කාගෙද?"

- "කියාරාගෙ."

"ඈ!?"

- "ඔව් මන් එයාව අද ඩ්‍රොප් කරානෙ ගෙදරට. එතකොට මේ ටික බහිද්දි ගන්න මතක් කරන්න කිව්වා. මට අමතක වුණානෙ."

"ඇයි හ්‍යුන්ග් මතක් කරන්නෙ? එයාගෙ මොළේ පස්ද?"

- "ඒකෙන් වැඩක් නෑ. මේ ටික හෙට ඕනෙ කිව්වා. යමු ගිහින් දීලා එමු."

"මොකක්! දැන් හ්‍යුන්ග් කියන්නෙ කියාරාගෙ ගෙදර යමු කියලද?"

- "ඔව් දැන් යමු."

"මට බෑ. ප්‍රැක්ටිස් කිට් එක පිටින් යන්න පුලුවන්ද එහෙම."

- "ඇයි ඔයා මනමාලියක් බලන්නද යන්නෙ? මේක දීලා ඉක්මනට එන්න යන්නෙ නැතුව එහෙ පැළ වෙන්නෙ නෙමේ."

"හ්ම්ම් හ්ම්ම් යමුකො එහෙනම්."

- "මේ මට පරක්කු වෙනවා. මන් බැහැලා අනිත් කට්ටියත් එක්ක යන්නම්. ඔයාලා දෙන්නා ඕක දීලා එන්න."

මන් බෑ කිව්වට කියාරාගෙ ගෙදර යන්න පොඩි කැමැත්තකුත් තිබ්බා. ඒත් අනේ මන්දා මට මොනවා වෙලාද කියලා. ජන්ග්වොන් හ්‍යුන්ග්ට හදිස්සියනෙ ඉතින්. ඒ නිසා එයා බැහැලා අනිත් කට්ටියත් එක්ක ගියා. මායි සන්ග්හූන් හ්‍යුන්ග්නුයි දෙන්නා කියාරාගෙ ගෙදර ගියා.

Random OpportunityWhere stories live. Discover now