Chapter 03

170 31 137
                                    


Kiya's p.o.v

"යාහ්! කවුද මාව වට්ටපු ඒ වෘක්ෂ දේවතාව?"

"ඒයි කවුරු කියලද හිතන් ඉන්නෙ? පාරෙ වැදගත් විදිහට යන මිනිස්සුන්ගෙ බලෙන් ඇඟේ හැප්පෙන්නෙ? ඉඩියට්. හරියට ඇවිදන් යන්න දන්නැද්ද මනුස්සයො?"

- "ඒ කියා, මොකෝ වුණේ? මොකද කෑ ගහන්නෙ.?"

"නෑ මේ කවුරු හරි මගෙ ඇඟේ හැප්පිලා ගියා. දැන් මන් බිම බදාගෙන ඉන්නෙ. මේ කොට්ට උරේ ඇඳන් නැඟිටින්නත් බෑ හරියට."

- "අයියෝ අමාරුවක් නෑ නේද? මට ඇතුළට එන්න බෑනෙ නැත්තම් මන් එනව. ඉක්මනට නැඟිටින්න."

"හරි හරි ඉන්න.ආව්! මගෙ කකුලත් මොකක්ද වුණා. මන් පස්සෙ කෝල් කරන්නම්."

මන් ශිවියත් එක්ක කතා කර කර ඉන්නකොට අර ඇඟේ හැප්පුණ මනුස්සයා මට මොනවද කියනවා ඇහුනා. ඒත් හරියටම මොනවද කිව්වෙ කියල නම් තේරුණේ නෑ මන් කෝල් එකේ හිටපු නිසා.
කෝල් එකත් කට් කරලා කොහොම හරි නැඟිටල ඒ මනුස්සයගෙ පැත්තට බැනගෙනම මන් හැරුණා.

"මන් තමුන් ගැන පැමිණිලි කරනවා.දැන ගන්නව මගෙ හැටි."

"කෝ එයා!?"

මන් බැනගෙන ඒ මනුස්සයා පැත්ත හැරුණත් එතන කවුරුත් හිටියෙ නෑ. මේ මනුස්සයා ගිහින් නේද? හහ්! එයාම වැරැද්ද කරල එයාම හැංඟිලා. ශිට් මට මූණ බලා ගන්න බැරි වුණානෙ.

මන් බැන බැනම ආපහු යන්න හදද්දි ඉන්ටර්විව් එකට ආපු තව දෙන්නෙක් එනව දැකල මන් බනින එක නැවැත්තුවා. නැත්තම් මට තනියම කියවන ලෙඩක් තියෙනව කියල හිතයි.
මාත් ඒ දෙන්නා පස්සෙන්ම යන්න හදද්දි බිම හැලිලා තිබුණු අයිස් කොෆී ටිකක් දැක්කා. හොඳ වැඩේ අර මනුස්සයගෙ වෙන්නැති. මාවත් වට්ටල නැඟිටින්න උදව් කරන්නෙත් නැතුව ගියානෙ.

ඇයි දෙවියනේ මටම මෙහෙම වෙන්නෙ?කොරියන් ඩ්‍රාමාවල නම් කෙල්ලෙක් වැටෙන්න යද්දි කොල්ලො දෙන්නෙක්ම දුවන් එනව. ඊට පස්සෙ ඒ කෙල්ලව එක කොල්ලෙක් අල්ල ගන්නව. පස්සෙ  දෙන්නා මැරි කරනවත් එක්ක. ඒකට මට කොල්ලෙක් තියා වැටුනම නැඟිට්ටවන්න බල්ලෙක්වත් නෑ. මේ වෙලාවට තමා මගෙ පරම පිවිතුරු පාප මිත්‍රයන්ව මතක් වෙන්නෙ. මන් වැටුනට පස්සෙ ටිකක් වෙලා හිනා වෙලා හරි එයාලා මාව නැඟිට්ටවනවනෙ.

Random OpportunityWhere stories live. Discover now