Chapter 17

131 24 262
                                    

Kiya's p.o.v

CCTV ෆුටේජස් ටික ගන්න මන් දෙපාරක් ගියා. ඒත් දෙපාරම මට ඒවා දුන්නෙ නෑ. පළවෙනි පාර ගියාම කිව්වෙ එදා බලපු නිසා තව පාරක් චෙක් කරන්න වුවමනා නෑ කියලා. දෙවෙනි දවසෙ ගියාම කිව්වා ෆුටේජස් එහෙම අවසරයක් නැතුව වෙන කෙනෙක්ට දෙන්න බෑ කියලා. එදා නම් ටේ ඔප්පායි නිකියි එක්ක ගියාම බලෙන් ඇතුළට එන්න කිය කිය හිටියෙ. ඒකට දැන් නම් දාහක් ප්‍රශ්න අහනවා. හැමෝම එකයි.

එක අතකට ඒ මනුස්සයා හරි. එහෙම හිතෙන හිතෙන කෙනාට ඒවා දෙන්න බෑනෙ. මොකද මන් පොලීසියෙන්ද? නෑනෙ. ඒත් ඒ ටික කොහොම හරි අරගෙන ජී හුන්ට දෙන්න ඕනෙ. Pd සර්ට කියලා පර්මිශන් අරන් ආවා නම් අනිවාරෙන් දෙයි. හැම වෙලේම ටේ ඔප්පාට කරදර කරන්න බෑනෙ. එයාට මීට වඩා වැඩ තියෙනවා.

කරන්න තියෙන හොඳම දේ තමයි Pd සර්ව හම්බෙලා පර්මිශන් ගන්න එක නිසා මන් එයාගෙ කැබින් එකට ගියා. මන් ජී හුන් ගැනයි එයා මේකට උදව් කරන්න කැමති උන එක ගැනයි Pd සර්ට කිව්වාම මුලින් ටිකක් අකමැති උනත් ටිකක් මන් පැහැදිලි කරලා එයා කැමති උනා.

කොහොම හරි මන් ඒ ටික ගත්තා! මාත් වැඩ්ඩෙක් තමයි. මන් ඒ වෙලාවෙම ජී හුන්ට රෙකෝඩ්‍ස් ටික යවලා එයාට ඒ ගැන බලන්න කිව්වා. මට තියෙන එකම අවුල ජී හුන්ගෙ අප්පා මේක කරලා නම් එයා කොහොම ඒක දරා ගනියිද කියන එක. ඒ නිසාම මන් හිතින් ප්‍රාර්ථනා කරේ කිසිම වැරැද්දක් වෙන්න එපා කියලා.
.
.
.

- "වාව්! ඔය ඉන්නෙ කෙල්ල ලස්සනට. ඒ ෆ්‍රොක් එක ඔයාට නියමෙට ගැළපෙනවා."

මන් ගමන යන්න ලෑස්ති වෙලා රූම් එකෙන් එළියට එද්දිම ශිවී එහෙම කිව්වා.
අද පාර්ටි එක! මන් බය වෙලා නෑ කිව්වොත් ඒක බොරුවක්. මොකද මන් අද තමා HYBE එකේ මුලු ස්ටාෆ් එකම එක පාර දකින දවස. මෙච්චර කල් නොදැකපු අයත් එතනදි දකින්න පුලුවන්. අනිත් එක මන් මෙහෙ පාර්ටි එකකට යන පළවෙනි පාර. ඉතින් බය නොවී ඉන්න මන් අමනුස්සයෙක් නෙමේනෙ. මේ වගේ දේකට පළවෙනි පාර යද්දි ඕන මනුස්සයෙක් බය වෙන එක සාධාරණයි.

තව පොඩි දෙයක් තියෙනවා! ඒක ඇත්තටම පොඩි නෑ. ලොකු දෙයක්. මට එදා ශිවී කියපු දේ ගැන මන් කල්පනා කරා. ගොඩක් කල්පනා කරා. මන් ඒ දේ ගැන පරීක්ෂණාත්මකව නිරීක්ෂණය කරා. නිරීක්ෂණය කරලා මන් නිගමනේකට ආවා. මන් හිතන්නෙ මන් නිකීට කැමතියි. නෑ වෙන්න බෑ. අනේ මන්දා මට තේරෙන්නෑ. මන් ඒ නිසාම රොමෑන්ටික් ෆිල්ම් තුනක් බැලුවා. ඒ වගේ කියනවා වගේ හැඟීම් මටත් තියෙනවද කියලා කල්පනා කරා. ඔව් මට එහෙම එව්වා තියෙනවා කියලා ශිවියි නුවියි ඔප්පු කරලා පෙන්නුවා.

Random OpportunityWhere stories live. Discover now