නෙළුම් මලක් ......🌸

312 40 12
                                    

🏯 තහනම් නගරයේ සැඟවුන කුසුම🏯

Ep 1

    බොහෝ අෑත අතීතයේ චීන දේශයේ  'යුවාන් ' නමින්  අධිරාජ්‍යක් පැවතුනා.අාසියාවේ වැඩි බලයක් හිමිව තිබූ යුවාන් අධිරාජ්යයෙහි නව පාලකයා වූයේ "ෂන් වෙයි" නම් ඔටුන්න හිමි කුමරැයි.සොළොස් වියෙහි සිටියදී  පියාගේ අභාවයෙන් පසුව සිය මාමණ්ඩියගේ අණසකට යටත්ව ඔවුන්ගේ රෑකඩයක් ලෙස දිවි ගෙවන්නට ඔහුට සිදුවිය.උදෑසන දෑස් විවර කල මොහොතේ සිට රාත්‍රියෙහි නින්දට යන තුරැම ඔහුගේ සිතේ රජ කලේ වෙෙරය පමණකි.

   "කෙදිනක හෝ මා මේ සියල්ලන්ගෙන්ම පලි ගන්නවා !!! එසේ කර මේ යුවාන් අධිරාජ්‍යයේ එ්කාධිපති පාලකයා වනවා.!!!!"

      අැමති මඩුල්ල රාජ සභාවේ දකින සෑම අවස්ථාවකම ....ඔවුන් රාජ්‍යය වෙනුවෙන් තමන් ඉදිරිපත් කරන යෝජනාවන් ප්‍රතික්ෂේප කරන වාරයක් පාසාම ඔහුගේ දකුණත දැඩිව මිට මෙලවී ගියේ එ් සියලු වෙෙරයන් කැටිවයි.
      නමුත් දෙෙවයේ අවාසනාවකටදෝ ඔහුට තම මෙහෙසිය කරගැනීමට සිදුවූයේද ප්‍රධාන අමාත්‍යගේ දියණියයි.අැය තරම් රෑමත් තරැණියක් යුවාන් දේශයේ තවත් නොසිටිය තරම් වුවත් අැගේ අහංකාර ගතිපැවතුම්ද එලෙසම විය.අවසානයේ බලවත් අධිරාජයක අධිරජු ලෙස කිරැළු පැළඳුවත් ෂන් වෙයි ට සිදු වූයේ සිය රෑමත් අහංකාර අග මෙහෙසියගේ ද අණසකට යටත් වී සිටීමටය.
                මෙයිලිං නම් වූ අැය තමන්ට එක් වචනයකින් හෝ විරෝධය පාන සියල්ලන්ම මරා දැමුවාය.බදු ගෙවාගැනීමට නොහැකිව .......අාහාර නොමැතිව ...රජයේ අත්තනෝමතික ක්‍රියා නිසා පීඩාවට පත්ව මිය ගිය දහස් ගණන් වැසියන් සිය අවසන් හුස්ම වාතලයට මුසු කරනු ලැබුවේ මෙයිලිං අධිරාජිනියට මෙන්ම ෂන් වෙයි අධිරජුට ශාප කරමිනි.
      කොකාට වාරයක් පැමිණෙනවා නම් තිත්තයාටද වාරයක් පැමිණේ යන කියමන සනාථ කරමින් අධිරජුගේ කාලය පැමිණ තිබුනේ ඔහු සහ අධිරාජිණියගේ රාජකාරිමය වශයෙන් එක් වූ රාත්‍රියෙන් දස මසක් ගෙවුනු පසුවය.

      "උත්තමාවියනි ,ඔබතුමියට....."

       "පවසන්න,මගේ පුතු සුවෙන් නේද? විගසින් ඔහු මා වෙත ගෙන එනු!"

🌼 තහනම් නගරයේ සැඟවුනු කුසුම 🌼Where stories live. Discover now