ඉරණම

191 35 1
                                    

🏯 තහනම් නගරයේ සැඟවුන කුසුම🏯

Ep2

   සොළොස් වියට එළඹෙත්ම හ්වායොං කුමරිය අන් කිසිවෙකුත් නොසිතූ ලෙස රෑප ස්වභාවයෙනුත් දක්ෂකම්වලිනුත් බැබළෙන්නට වූවාය.අැයගේ රෑප ස්වභාවය හැම අතින්ම මෙයිලිං මව් බිසවට සමාන වූයේය.එය හේතු කොටගෙන බොහෝ දෙනා පවසන්නට වූයේ අැය තවත් මෙයිලිං කෙනෙක් වනු නිසැක වන බවය.

        රෑප ස්වභාවයෙන් අනූන වූවත් කුඩා කළ පටන් හ්වායොං ගෙවන්නට වූ ජීවිතය සුන්දර වූයේ නැත.අධිරජු හා වෙනත් උසස් රාජකීයයන් වසන අැතුළු මාලිගයට අැතුල් වීම පවා අැයට තහනම් විය.අැය බොහෝ විට ඔසුවලින් විවිධ අාහාර සකසන්නට දස්කම් දැක්වූවාය.අැයගේ එම දස්කම්වලින් සුව වූ කුමර කුමරියන් පාලක පාලිකාවන් අැතුළු අය බොහෝ වුවත් එ් කිසිවෙකුත් අැයට වචනයකින් හෝ ප්‍රශංසා කලේ නැත.එලෙස අධිරජු හා මෙයිලිං අගබිසව ඔවුනොවුන් කෙරේ අැති වෙෙරය සැම විටම පිට කරනු ලැබුවේ කිසිත් නොදත් පිටත මාලිගයේ කෙළවරක හුදකලාව කල් ගෙවූ හ්වායොංගෙනි.

          මෙයිලිං අගබිසවගේත් අැගේ  පාර්ශවයේ ප්‍රභලයන්ගේත් සිත් කෝපයෙන් දවමින් අධිරජුට දාව ප්‍රධාන උපබිසවගේ කුසින් කුමරෙක් උපන්නේය.ඔහු උපතින් ලුහාන් වූ අතර පහලොස් වියට එළඹෙත්ම චුංසුක් නමින්  කිරැළ හිමි කුමර පදවිය ලැබීය.එලෙසම මෙයිලිං අගබිසවගේ සිත ඊර්ෂ්‍යාවෙන් පුරවමින් උප බිසව දෙවන වරටද ගැබ් ගත්තාය.එවර ඔවුනට ලැබුනු දියණිය ලුසියාන් නම් වූවාය.ලුහාන් කුමරැට වඩා දෙවසරකින් ලාබාල වූ අැය මහත් අහංකාර ගති පැවතුම් අැති තැනැත්තියක වුවත් අැය අධිරජුගේ අාදරය සැමවිට ලැබුවාය.කෙසේ වෙතත් මාලිගයේ පැවති තත්වය හමුවේ මේ දෙදෙනාම හ්වායොං කෙරෙහි දැක්වූයේ පහන් සිතිවිලි නොවේ.ප්‍රධාන උපබිසව කරැණාවන්ත තැනැත්තියක් වුවත් සෙනෙහස උපතින්ම අහිමි හ්වායොං හට කිසිඳු කරැණාවක් නොදැක්වූවාය.අැය සැමවිටම හ්වායොං දුටුවේ මෙයිලිං අගබිසව ලෙස තමන් හා කිරැළ හිමි කුමරැන් විනාශ කරන්නට අපායෙන් එවූ මාර දූතිකාවක් විලසටය.

🌼 තහනම් නගරයේ සැඟවුනු කුසුම 🌼Where stories live. Discover now