මැලවුනු මලක්

119 20 8
                                    

🏯 තහනම් නගරයේ සැඟවුන කුසුම🏯

Ep 11

      "මොනවා ? හ්වායොං කුමරිය ?"

       "එහෙමයි.නෙළුම්මල් ජලාශය වෙද මැදුරේ සිටි එ් තරැණිය ...චීන අධිරජුගේ වැඩිමහල් දියණිය වන හ්වායොං කුමරියයි.!"

           සිය ප්‍රධාන පාලිකාව පැවසූ වදන් යොන්හ්වා අගබිසවට නම් අදහාගත නොහැකි සේය.

"දැන් ...අැය කොහෙද ?"

"මාලිගයේ අැති විශේෂ සිර කුටියේ.චීන දේශය බලා යන නෞකාව සූදානම්වන තුරැ .....අැය එලෙස එහි රැඳී සිටීවි ."

"වහා අැය හමුවිය යුතුයි !"

       යොන්හ්වා අගබිසවගේ තීරණය එය වුවත් ප්‍රධාන පාලිකාව නම් එයට එකහෙලා විරැද්ධ විය.

"යා යුතුමයි !"

     අැගේ අවසාන තීරණය එය විය.නමුත්......සිර මැදිරි භාර පාලකගෙන් නම් අැයට ඉඩක් නොවීය.මාලිගයේ මෙවන් දරදඬු  පාලකවරැන් පිළිබඳ හොඳින් දැනසිටි යොන්හ්වා අගබිසව සිය අත රැඳි මුදුවක් ගලවා ඔහු අත තැබුවාය.පාලකගේ දෑස් දිලිසිණි.එකෙනෙහිම අැය වෙත සිරකුටියේ දොරඟුළු විවර විය.

   
   ගැටගසා තිබූ දෑත් ලිහා තිබුනද හ්වායොංගේ සිතටවත් ගතටවත් කිසිඳු සහනයක් නොවීය.

"ෂින් උපබිසව මියගිහින් !? කෙසේද එක්වරම ?? මා යැවූ ඔසුවලින් ද එසේ වුනේ? එසේ විය නොහැකියි !! එ්වා ....කිසිසේත් විෂ වන්නට හේතුවක් නෑ.එසේනම් කෙසේද ? අහ් ! කෙසේද මේ පැටලැවිල්ල අැති වුනේ ?"

    නිහඬව පසුවුවත් අැගේ සිත තුල එකම කාලගෝට්ටියකි.සිරමැදිරියෙන් පැනගොස් සැනින් චීන අධිරජ මාලිගයට පය තබන්නට හැකි නම් යැයි අැයට සිතිණි.නමුත් දැන් අැයට ඉවසන්නට සිදුව අැත.

"හ්වායොං ......කුමරියනි ?."

     එක්වරම නිහඬතාවය බිඳිමින් අැසෙන්නට වූ හඬින් හ්වායොං හිස ඔසවා බැලුවාය.අැය පුදුම කරවමින් එහි සිටියේ  යොන්හ්වා ය.

   නමුත් .....අැය අැඳ සිටි රාජකීය අැඳුම් පැළඳුම් හ්වායොංගේ දෑස් විසල් කරවීය .ඉඳහිට වෙදමැදුරට යමින් එමින් සිට හමුවූ කරැණාවන්ත මෙනෙවිය ...ගෝර්යෝ රාජ මාලිගයේ රාජකීය නිල අැඳුමින් දකින විට .........හ්වායොංගේ සිතේ පැටලුනු නූල් බෝලය තවත් අවුල් විය .

🌼 තහනම් නගරයේ සැඟවුනු කුසුම 🌼Donde viven las historias. Descúbrelo ahora