තහනම් නගරයේ සැඟවුනු කුසුම 🏯
EPISODE 18
සැනකෙලි සිරි උතුරන එ් රාත්‍රියේ මිනිසුන්ගේ සතුටු සිනා මැද මාවත අයිනේ ඉඩ පහසුකම් අැති තැනක ඔවුහු අසුන් ගෙන සිටියෝය .
"රජතුමනි , අැයි ඔබතුමා මෙලෙස ....."
"වේ ? පුංචි කුමරැගේ උපත සැමරීම වෙනුවෙන් රට පුරා සැනකෙලි පැවැත්වෙන මොහොතක ...රජු වශයෙන් මාලිගයට වී සිටින්නද පවසන්නෙ මට ?"
රජු පවසන්නට වූයේ ගනනකට නොගෙන උවත් යොන්හ්වා තවමත් පුදුමයෙන් සහ කුතුහලයෙන් පසු වන්නට වූවාය.මන්ද මේ අැය දැනසිටි හේසන් රජු නම් නොවේ.
"ම්...මම...ඔබතුමාගේ සංචාරයට බාධා කලා නේද ? කමා කරනු මැනවි."
"කමා කරනවා නම් ඔබ සමාව ඉල්ලිය යුතු දේ මීට වඩා බොහෝ තිබෙනවා ."
"අාහ් ?"
"අැත්තෙන්ම ඔබට වෙන වැඩක් තිබුනේම නැතිද මේ වගේ විකාර දේ සටහන් කරමින් සිටිනවාට වඩා ?"
"කුමක් ගැනද ....."
"මා පවසන්නේ මේ ගැන !"රජතුමා අැතුල් කබායට අත දමමින් යමක් පිටතට අැද්දේය.එය යොන්හ්වාගේ දිනපොතයි !නමුත් එය සම්පූර්ණයෙන්ම පිටතට නොගත් ඔහු යළිත් අැතුල් කබාය තුල සඟවා ගත්තේය.
"එය.....මා සිතුවේ විනාශ කරන්නට අැති කියා ."
"විනාශ කරන්න තමයි තිබුනෙ .අැත්තටම මට මෙය හිසරදයක් ! ඔබේ මේ විකාර නිසා මගේ ඔලුවත් අවුල් වෙලා ! "
රජු දිගටම කියවාගෙන යන්නට වූ අතර යොන්හ්වා තවමත් පුදුමයෙන් ඔහු දෙස බලා සිටින්නට වූවාය.
"ඔහෝ ! ඔබ කොහොමද රජුගේ මුහුණ දෙස සමීප ලෙස කෙලින් බලා සිටින්නේ අා ?"
යොන්හ්වා ගැස්සී ඉවත බලා ගත්තාය.දෙදෙනා අතර මඳ නිහඬතාවයක් අැති විණි.
"අැත්තෙන්ම....අැයි ඔබ කිසිදා නොලැබෙන සෙනෙහසක් වෙනුවෙන් මෙතරම් දේ කරන්නට පෙළඹුනේ ? ප්‍රධාන අමාත්‍යතුමාට පවා හොර රහසේ සියල්ලන්ගේම අැස් වසමින්...ඔබේම ජීවිතය පවා අනතුරේ හෙලා ගනිමින් ...මෙතරම් දේ කිරීමට පෙළඹුනේ අැයි ?"
YOU ARE READING
🌼 තහනම් නගරයේ සැඟවුනු කුසුම 🌼
Historical Fiction"දෙෙවය හරි පුදුමයි නේද.....හ්යොංනිම් ?" "ඔබතුමා කුමක්ද අදහස් කරන්නෙ?" "අනී...මා සිතුවේ ......මා පහත් පන්තියේ උප බිසවකගේ පුතෙකු වෙලත් ඔබ රාජකීය අගබිසවගේ පුතු වෙලත් ....අප අද සිටින තත්වයන් ගැන.එ් ගැන ඔබට පුදුමයක් නැද්ද? " ⚪⚪⚪⚪⚪⚪⚪⚪⚪⚪...