🏯 තහනම් නගරයේ සැඟවුන කුසුම🏯
Ep 6
මුළු මහත් චීන අධිරාජ්‍යටම අාශිර්වාද එක් කරමින් නව දිනකට හිරැ පායා තිබිණි.එ් ඔටුන්න හිමි චුංසුක් කුමරැගේ සරණ මංගල්‍ය දිනයයි.රනින් ඔපවැටී අැති ප්‍රධාන මාලිගයේ වහල පියසි හිරැ කිරණ වැදී තව තවත් දීප්තිමත්ව බැබලෙන්නට විය.මාලිගා අංගනයේ එක පෙලට ලෙල දෙන්නට වූ ධජ චීන දේශයේ අභිමානය පිළිබිඹු කරවයි.අතරින් පතර තබා අැති සුවඳ මල් ඉති පිරි පුන්කලස් නව යුවලට අාසිරි පතන්නක් වැන්න.එ් සියල්ලටම මැදින් ප්‍රධාන පීඨිකාව දක්වා එලන ලද රතු පලස ඔටුන්න හිමි කුමරා සහ කුමරිය එනතුරු නිසොල්මනේ මග බලා සිටියි.විටින් විට සෙබළුන්ද සේවක සේවිකාවන්ද කලබලෙන් එහා මෙහා යමින් උත්සවයේ වැඩ කටයුතු කඩිනම් කරති.උසස් නිලධාරීහු ඔවුන් මෙහෙයවමින් පරික්ෂාකාරීව බලා සිටිති.
සියල්ල අවසානයේ මනරම් ව සැකසුනු ප්‍රධාන මාලිගා අංගනය දුටුවන්ගේ සිත් පැහැරගන්නා සිරි ගත් දැකුම්කලු ස්ථානයක් බවට පත් විය.සියල්ලන්ම තම තමන්ට නියමිත වූ ස්ථානවල සිට මග බලා සිටියෝය.ප්‍රධාන පීඨිකාවේ අධිරජු මූලිකව බිසෝවරැ දෑස් දල්වා බලා සිටින්නේ නව යුවල පැමිණෙන තුරැය
නමුත් අධිරාජිණියගේ මුහුණ කෝපයෙන් ගිනි ගෙන දැවෙන්නට වූයේ තම දෙපස සිටි අධිරජුත් ප්‍රධාන උප බිසවත් දෙදෙනා එකිනෙකාට සුබපැතුම් හුවමාරැ කරගන්නා ඉඟි දක්වමින් සිනාසෙන්නට වූ නිසාවෙනි.අැය නොදැනුවත්වම අැගේ අත මිට මෙලවී ගියේ සිතෙහි වූ සියලු කෝපයන් නිහඬවම එ් තුල රඳවා ගනිමිනි.එ්ත් සමගම අැයට පුදුම වන්නට කෙනෙක්ද ප්‍රධාන පීඨිකාව පාමුල විය.එ් අන්කිසිවෙකු නොව හ්වායොංය! මාස ගණනාවක් අතුරැදන්ව සිටි අැය එක්වරම පැමිණ සිටීම අධිරාජිණියගේ පුදුමයට හේතු විය.වටිනා සේද සළුපිළි අැඳ හ්වායොං සිනාමුසුව බලාපොරොත්තු සහගතව බලා සිටින්නේ සිය එකම සොයුරාගේ මංගල උත්සවය අාරම්භ කරන තුරැය.එක්වරම අැයගේත් අධිරජුගේත් දෑස් එකට හමු වූ අතර එ්වායේ වූයේ දීප්තිමත් ස්වභාවයකි.මේ සියල්ල නිරීක්ෂණය කරමින් සිටි අධිරාජිණියගේ සිත තව තවත් කෝපයෙන් දවන්නට විය.
YOU ARE READING
🌼 තහනම් නගරයේ සැඟවුනු කුසුම 🌼
Historical Fiction"දෙෙවය හරි පුදුමයි නේද.....හ්යොංනිම් ?" "ඔබතුමා කුමක්ද අදහස් කරන්නෙ?" "අනී...මා සිතුවේ ......මා පහත් පන්තියේ උප බිසවකගේ පුතෙකු වෙලත් ඔබ රාජකීය අගබිසවගේ පුතු වෙලත් ....අප අද සිටින තත්වයන් ගැන.එ් ගැන ඔබට පුදුමයක් නැද්ද? " ⚪⚪⚪⚪⚪⚪⚪⚪⚪⚪...