තහනම් නගරයේ සැඟවුනු කුසුම 🏯
EPISODE 23
නිසල වූ රාත්‍රියේ සුවඳවත් ඉටි පහනකින් අාලෝකමත් වූ එ් කුටිය තුළ එක්තරා පුස්තකයක් කියවමින් සිටි තරැණියකි.අැය එම පුස්තකයට කෙතරම් අැබ්බැහි වී සිටියාද යත් නින්ද අැය අසලකවත් නොවීය.රාත්‍රිය කෙතරම් නිසල වුවත් අැගේ මනෝ ලෝකය නම් විවිධ විචිත්‍ර දේ වලින්ද සටන් ජවනිකා වලින්ද පෙම්වතුන්ගේ අාදර හමුවීම් වලින්ද පිරී ගොස් තිබිණි.
"........... නමුත් අැය රතු කැරලිකරැවා පිළිබඳ සැබෑ හැඟීම් සඟවා සිටියාය.එසේ වුවද එක්තරා රාත්‍රියකදී හමුවූ ඔවුන් දෙදෙනා .......ඔවුන් දෙදෙනා ........"
පුස්තකයෙහි ඊළඟ කොටස කියවන්නට පෙර අැය සැකයෙන් වටපිට බලන්නට වූවාය.කුටියේ කිසිවෙකුත් නැති බව සහතිකය .නමුත් ....
"ඔහ් ! රාත්‍රිය සිසිල් වුවත් මට මෙතරම් රස්නය දැනෙන්නේ අැයි ? අයිගෝ ...!"
පුස්තකයද එක්වර වසා දමා එ් සමග දිගහැරගත් අවානක්ද සහිතව පවන් සලමින් පිටතට පැමිණි අැය අනෙකෙකු නොව යොන්හ්වාය.
"සැබැවින්ම සැබෑ රතු කැරලිකරැවාට පෙම්වතියක් සිටිය හැකිද ? අනී ....එසේ විය නොහැකියි .අනික....ඔහු තරැණයෙක්ද නැති නම් මහලු අයෙක්ද කියා කවුරැන්ද දන්නෙ ? පුස්තක වල සැබැවින්ම අතිශෝක්තිය තිබෙනවා .නමුත් මා මෙයට කැමතියි .සැබෑ ලෝකයට වඩා මේ මනඃකල්පිත ලෝකය කෙතරම් සුන්දර ද ?"
සෞම්‍ය සඳ එළිය මැදින් ගෙමිදුලේ එ් මේ අත අැවිදිමින් සිටි අැයගේ සිතිවිලි එසේ වන විට මුහුණෙහි අැඳී ගිය මන්දහාසය වඩාත් සිත් ගන්නා සුළු විය.
"ඔහ් !"
එක්වරම තාප්පයෙන් පැන තමන් ඉදිරියට අා නන්නාඳුනන රැව නිසා ගැස්සී ගිය යොන්හ්වා මොහොතක් නොසෙල්වී එ් දෙස බලා සිටින්නට වූවාය.දිගු රත් පැහැ පිට කබාය සහ කළු පැහැ මුහුණු අාවරණය ද සහිත ඔහුගේ හිසේ සිට දෙපතුල දක්වා විමතියෙන් යුතුව බැලූ අැය බියපත් සිතින් යුතුව මඳක් පසුපසට වූවාය.
"ඔ...ඔබ කවුරැන්ද ? බැරිවෙලාවත් ......ඔබද ....ඔබද රතු කැරලිකරැවා ?"
යොන්හ්වා අසද්දී ඔහු අඩියෙන් අඩිය අැය වෙත ළං වන්නට වූවේය.
YOU ARE READING
🌼 තහනම් නගරයේ සැඟවුනු කුසුම 🌼
Historical Fiction"දෙෙවය හරි පුදුමයි නේද.....හ්යොංනිම් ?" "ඔබතුමා කුමක්ද අදහස් කරන්නෙ?" "අනී...මා සිතුවේ ......මා පහත් පන්තියේ උප බිසවකගේ පුතෙකු වෙලත් ඔබ රාජකීය අගබිසවගේ පුතු වෙලත් ....අප අද සිටින තත්වයන් ගැන.එ් ගැන ඔබට පුදුමයක් නැද්ද? " ⚪⚪⚪⚪⚪⚪⚪⚪⚪⚪...