සැකය

155 36 0
                                    


🏯 තහනම් නගරයේ සැඟවුන කුසුම🏯

Ep4

යුන්ගි සිනාසෙමින් අත වනද්දී ගැස්සී ගිය හ්වායොං වහා ඔවුන්ට නොපෙනෙන ලෙස මෑත් වූවාය.යුන්ගි අැමතුවේ කාටදැයි බැලීමට ටේ හ්යොං කුමරැ ද එ් දෙස දෑස් යොමුකලේය.ඔහු දුටුවේ හිස් අවකාශයක් පමණි.

    "යුන්ගියා,ඔබ උමතුවෙන්ද? අනික මං වැඩිපුරම වෙෙර කරන තැනැත්තියකගෙ නමක් උදේ පාන්දර මතක් කලාම ඔබට සතුටක් දැනෙනවා ද?"

     කුමරැ පවසනවිට සොක්ජින්ද එ් පිළිබඳ විමසිලිමත්ව යුන්ගිගේ දෑස් යොමුව තිබූ දිශාව දෙස බැලුවේය.සුළු වේලාවකින් බිත්තියට හේත්තු වී සිටි හ්වායොං දැක ගැනීමට ඔහුට හැකි විය.

  "හ්වායොං අා ..."

   "අහ්!චෙසොංහම්නිදා .මා බොහෝ වේලාවක් නිදාගෙනනෙ."

   "එ්කට කමක් නෑ.අද ඔබ විවේක ගන්න."

   "වේයෝ ? "

   "මේ අහන්න.වැරදීමකින්වත් ඔබ ...කුමරැ ඉදිරියට නොපැමිණීමට වගබලා ගන්න.ප්‍රශ්න අැසීමෙන් වැලකී ....මා පවසන ලෙස කරන්න.අල්ගෙස්සෝ ?"

  "යේ.අල්ගෙත්සම්නිදා.(තේරැණා.)"

             හේතුවක් නොදැන වුවත් සිතේ පැවති කුතුහලයද මගහැර හ්වායොං කුමරැ මගහැර සිටියාය.

  "හ්ම්.කමක් නෑ කුමක් වුවත්.ඔහු දැන් දෙපයින් නැගිට තනියම අැවිදීමට තරම් සුවපත් වෙලානෙ.එය මට සතුටක්."

      අැය නිහඬවම සිතුවේ කුමරැ මිතුරන් දෙදෙනා හා පිටව යන අතරතුරය.

      ✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴

         චීන දේශයේ සිට ගෝර්යෝවට පැමිණි මොහොතේ සිට විවිධ සිදුවීම්වලට මුහුණ දුන් ටේ හ්යොං කුමරැ නැවතත් සිය පුද්ගලික නිවහන වෙත පැමිණ සිටියේය.පෙරදා රාත්‍රියේ රජු හා වූ සටන ඔහු ඉදිරියේ මැවී පෙනෙන්නට විය.
       එකිනෙකාට නොදෙවෙනි ලෙස කඩු හරඹයෙහි දස්කම් දක්වන්නට වූ රජුත් ටේ හ්යොං කුමරැත් යන දෙදෙනාගෙන් එක් අයෙක්වත් පසුබසින්නට නම් සූදානමක් නැත.රජුට කෙසේ වෙතත් ටේ හ්යොං කුමරැට නම් සටන අතරතුර මැවී පෙනෙන්නට වූයේ ඔවුන්ගේ ළමා කාලයයි.අද බල වියරැවෙන් මත් ව සිටින රජු කුඩා කළ කෙතරම් අපුරු හුරැබුහුටි දරැවෙක්ව සිටියාදැයි ඔහුට සිතිණි.කඩු සටන්වලට දස්කම් නොදැක්වූ කුඩා සොයුරැ ජන්කුක්ට රහසේම ඉගැන්වූයේ ටේ හ්යොංය.වයසින් වැඩෙන විට ඔහුගේ සටන් ශිල්ප දැක තමන් සතුටු කඳුලු හෙලූ හැටි ටේ හ්යොංට මතක් විය.එකිනෙකාට ඔරවමින් ගොරවමින් සිටි සිය මෑණියන් වන අගබිසවත් ජන්කුක්ගේ මෑණියන් වන උප බිසවත් දෙදෙනා මැද තමාත් ජන්කුක් අතරත් වූ සොයුරැ බැඳීම ඔහුට සිහිපත් විය.බලය වෙනුවෙන් ඔ්නෑම පහත් නින්දිත ක්‍රියාවක් කිරීමට පෙළඹෙන සිය මව් බිසවගේ පාර්ශවය ළඟින් අැසුරැ නොකලානම්  අද ඔහු රජු වූවත් නැතත් යහපත් සොඳුරැ මිනිසෙකු වනු නිසැකය.
      අතීත සිදුවීම් ටේ හ්යොංගේ දැඩි සිත මෙලෙක් කරවීය.ලෝකයට කෙතරම් දුෂ්ට රජෙකු වුවත් ටේ හ්යොංට ජන්කුක් තවමත් කුඩා කල තම ප්‍රාණ සම වූ සොයුරාමය.එහෙයින් සටන ඉතා තියුණු අවස්ථාවක තිබියෙදීමය ඔහු පසුබැස්සේ සිතා මතාමය.ජන්කුක්ගේ මුහුණේ ජයග්‍රාහී සිනහවක් අැති වූ අතර ටේ හ්යොං උරහිසේ අැති වූ කැපුම් තුවාලයක්ද සමගින් බිම අැද වැටුණේය.

🌼 තහනම් නගරයේ සැඟවුනු කුසුම 🌼Where stories live. Discover now